22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author මෙන්ඩිස්, ඩබ්.ඩබ්.ඕ.සී.
dc.date.accessioned 2023-10-17T06:00:20Z
dc.date.available 2023-10-17T06:00:20Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15085
dc.description.abstract රටක බල පැවැත්වෙන නීතිය කෙටුම්පත් කළ ලියවිල්ල ආණුඩුක්‍රම ව්‍යවස්ථාව වේ. ආණුඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන අතර රාජ්‍යයකට සහ රජයට අයත් බලතල, වගකීම් සහ කාර්යභාරය සැකෙවින් මෙහි අන්තර්ගත වේ. මෙය හුදෙක් ගිවිසුමකට පමණක් සීමා නොවන්නේය. මානව අයිතිවාසිකම් අතරින් රාජ්‍යයක් විසින් ස්වකීය ජනතාව ආරක්ෂා කිරීමට නෛතිකව බැඳී ඇති ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද අයිතිවාසිකම් සමුච්චය රටක මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස හැදින්වේ. රටක් ක්‍රමානුකූලව පාලනය වන්නේ ඒ රටෙහි පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වන බැවින් එය රටේ මූලික නීතියක් බවට පත්වේ. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන්නේ 1978 දී හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර එය වර්තමානය (2023 මැයි) වන විට 22වන වතාවක් සංශෝධනය කර ඇත. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3වන පරිඡේදයේ 10,11,12,13,14 යන ව්‍යවස්ථා යටතේ මූලික අයිතිවාසිකම් දැක්වෙයි. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව බවට පත්වූයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වන තරම් ප්‍රායෝගිකව ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් ක්‍රියාත්මක වන්නේද යන්නයි. මේ අනුව පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වූයේ ලංකාවේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වන තරම් ප්‍රායෝගිකව මූලික අයිතිවාසිකම් සුරක්ෂිතව ක්‍රියාත්මක වන්නේද යන්න විශ්ලේෂණාත්මකව විමර්ශනය කිරීමය. මෙම අධ්‍යයනය සිදු කිරීමේදී ඊට අවශ්‍ය දත්ත ඒකරාශී කිරීම සඳහා පුස්තකාල සමීක්ෂණ ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් භාවිත කෙරුණු අතර ඒ ඔස්සේ දත්ත ලබා ගැනීමේදී ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය යොදා ගැනුණි. එමෙන්ම මෙහිදී දත්ත රැස් කිරීම සඳහා සම්මුඛ සාකච්ජා ක්‍රමවේදය ද භාවිත කරන ලදී. එහිදී හඳුනාගත හැකිවූයේ 22වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් මූලික අයිතිවාසිකම් කිසිසේත් අසීමිත හෝ අසහාය හෝ නොවන බවයි. මූලික අයිතිවාසිකම්වල 10වන වගන්තියේ සඳහන් ආගමික නිදහස එහි සඳහන් ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැත. ලංකාවේ ජීවත්වීමේ අයිතිය වෙනුවට බලගන්වා ඇති කෲර අමානුෂික වධහිංසාවලින් ආරක්ෂා වීමේ අයිතිය ද (11වන ව්‍යවස්ථාව) බොහෝ දෙනෙකු අරබයා ප්‍රායෝගික වගන්තියක් නොවන බව පෙනේ. එමෙන්ම 12,13,14 යන ව්‍යවස්ථා ද ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වන තරම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව මෙම අධ්‍යයනයේදී පැහැදිලි විය. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මතුපිට නිරීක්ෂණවලින් ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් සහිත ඒ පිළිබඳ උනන්දුවක් දක්වන රාජ්‍යයක් ලෙස පෙනුණ ද වැඩිදුර අධ්‍යයනය කිරීමේදී එය එසේ නොවන බවත් ව්‍යවස්ථාවේ දක්වන තරම් ප්‍රායෝගිකව මෙම මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක නොවන බවත් නිගමනය කළ හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව en_US
dc.subject ජීවත් වීමේ අයිතිය en_US
dc.subject පුරවැසියන් en_US
dc.subject මානව අයිතිවාසිකම් en_US
dc.subject මූලික අයිතිවාසිකම් en_US
dc.title 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account