dc.contributor.author |
කුමාර, කේ. එම්. ඉෂාන් සංජය |
|
dc.date.accessioned |
2023-10-18T04:20:25Z |
|
dc.date.available |
2023-10-18T04:20:25Z |
|
dc.date.issued |
2023-09-15 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15113 |
|
dc.description.abstract |
කුඩා දරුවෙකුගේ ජීවිතයේ වටිනාම කාලය පසු වන්නේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළය. දරුවා සමාජයට අනුගතවන මේ කාල වකවානුව තුළ නිවෙස, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන, සහ පෙර පාසල් ඉතා වැදගත් වේ. එමඟින් ලැබෙන ධනාත්මක අත්දැකීම් පූර්ව ළමා විය සංවර්ධනය පරිපූර්ණ කිරීම සඳහා මහත් පිටිවහලකි. මේ අවධිය දරුවාගේ අනාගත සුරක්ෂිතතාවට ඉතා වැදගත් සහ ශක්තිමත් අඩිතාලමක් සපයයි. ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව වයස 0-5 මුල් ළමාවියට අයත් ය. මුල් ළමාවිය පුද්ගලයකුගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සැලකෙන්නේ ඕනම පුද්ගලයෙකුගේ බුද්ධි සංවර්ධනයෙන් 80%ක්ම සිදු වන්නේ මෙම අවධියේදී වන බැවිනි. විශේෂයෙන්ම කුඩා දරුවෙකු තම පෞරුෂය ගොඩනගා ගන්නේත්, ස්වයං අනන්‍යතාවයක් ගොඩනගා ගන්නේත් මෙම අවධියේදී ය. අරමුණු සහගත නියැදියක් ඔස්සේ මෙම අධ්‍යනයට අවශ්‍ය දත්ත රැස් කෙරිණි. පර්යේෂකයා විසින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුනක වයස අවුරුදු 6ට අඩු දරුවන් මෙන්ම මුල් ළමාවිය පාළිකාවන්ද දත්ත දායකයන් බවට පත්කොට දත්ත සංතෘප්ත අවස්ථාව දක්වා දත්ත රැස් කරන ලදී. මෙම පර්යේෂණයේ අරමුණු වූයේ, ශ‍්‍රී ලංකාවේ වර්තමාන පෙර පාසල් ක‍්‍රමය තුළින් දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනය කෙරෙහි ඇති කරන බලපෑම කෙබඳුද සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළින් දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනය සඳහා සිදුකරන ක‍්‍රියාකාරකම් මොනවාද යන්න විමසා බැලීම ය. ගුණාත්මක පර්යේෂණ ගණයට අයත් වන පරිදි සිදුකරන ලද මෙම පර්යේෂණය තුළ දත්ත එක්රැස් කිරීම සඳහා සඳහා ප‍්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡ සහ නිරීක්ෂණ යන ක‍්‍රම භාවිතයට ගෙන දත්ත ලබාගත්තේ ය. එක්රැස් කරගත් දත්ත විධිමත් ලෙස විද්‍යාත්මකව විශ්ලේෂණය කෙරිණි. උක්ත ක‍්‍රමවේද භාවිත කරමින් පර්යේෂණය අවසානයේ දී අනාවරණය කරගත් පර්යේෂණ සොයාගැනීම් පහත පරිදි දැක්විය හැකිය. දරුවෝ පාලිකාවන්ගේ දැඩි අවධානයට ලක් වෙති. ‘මුල් ළමාවිය අධ්‍යාපනය’ පිළිබඳ ඩිප්ලෝමාධාරීන් ඉගැන්වීම් කටයුතුවල නිරත වීම නිසා දරුවන්ට නිසි දැනුම ලැබෙයි. ඉදිරිපත් වීමට දරුවන් තුළ ඇති බිය දුරු කිරීම සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමත්, දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීම සඳහා විෂය පරිබාහිර ක‍්‍රියාකාරම් ක‍්‍රියාත්මක කිරීමත්, දරුවන් අතර අන්‍යෝන්‍ය සබඳතාව වර්ධනය කිරීම සඳහා කණ්ඩායම් ක‍්‍රියාකාරකම් වෙත යොමු කිරීමත් මෙම මධ්‍යස්ථානවල දී සිදු වේ. එ් තුළින් දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනය සඳහා දායකත්වයක් ලබාදීම සිදුවන බව අනාවරණය විය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . |
en_US |
dc.subject |
පෞරුෂත්ව වර්ධනය |
en_US |
dc.subject |
මුල් ළමාවිය අධ්‍යාපනය |
en_US |
dc.subject |
මුල් ළමාවිය සංවර්ධනය |
en_US |
dc.subject |
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන |
en_US |
dc.title |
දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනය කෙරෙහි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන මඟින් ඇති කරන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |