ප්‍රධාන විෂාද අක්‍රමිකතාව දුරුකරලීම සඳහා උපයෝගී කරගත හැකි බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author සුසීම හිමි,කරඳගොල්ලේ
dc.date.accessioned 2023-10-18T04:32:24Z
dc.date.available 2023-10-18T04:32:24Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15114
dc.description.abstract මිනිසා විවිධ මනෝභාවයන් ඔස්සේ තම ජීවිතය මෙහෙයවයි. මෙකී මනෝභාවයන් අතර විෂාදය (Depression) හා උන්මාදය (Mania) ප්‍රධාන වේ. යමක් මනෝභාවයක් දක්වා ගමන් කරන්නේ මනසේ සිදුවන දීර්ඝ ක්‍රියාවලියකිනි. සරලව එම ක්‍රියාවලිය හැඟීම්, චිත්තවේග, මනෝභාව, ආවේදන ලෙස හඳුනාගත හැකි ය. ඉහත දැක්වූ මනෝභාව දෙක අතරෙන් විෂාදය නම් සෘණාත්මක මනෝභාවය මූලික වී ඇති වන මානසික අක්‍රමිකතාවක් ලෙස ප්‍රධාන විෂාද අක්‍රමිකතාව හඳුනාගත හැකි ය. මෙම පර්යේෂණය හරහා ප්‍රධාන විෂාද අක්‍රමිකතාව සඳහා උපයෝගී කරගත හැකි බෞද්ධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සාකච්ඡා කෙරේ. මනෝභාව අක්‍රමිකතා අතර ප්‍රමුඛ රෝගයක් ලෙස ප්‍රධාන විෂාද අක්‍රමිකතාව හඳුනා ගැනේ. DSM - 5 (The Diagnostic and Statistical Manual of Mental Disorders) වාර්තාවට අනුව යමෙකුට දැඩි කලකිරීමක් සතුට විරහිත බවක් දුක්මුසු බවක් හා තමා පිළිබඳ ස්වයං අතෘප්තියක් නිතර සති දෙකකට වඩා හැඟේනම් එය ප්‍රධාන විෂාද අක්‍රමිකතා තත්වයකි. මෙම අක්‍රමිකතාව පුද්ගලයෙකුගේ කායික, මානසික, චර්යාත්මක, චිත්තවේගික, ප්‍රජානන හා අභිප්‍රේරණ යන සියලු අංශයන්ට දැඩි බලපෑම් සිදු කරන අතර සියදිවි නසා ගැනීමට පවා පොළඹවයි. එමෙන් ම ප්‍රධාන විෂාද අක්‍රමිකතාවට ගොදුරු වූවෝ බරපතල ලෙස ආහාර හා නින්ද පිළිබඳ ගැටලුවලින් ද සුළු වශයෙන් මායා හා භ්‍රාන්තීන්ගෙන්ද පීඩා විඳිති. මේ සඳහා විද්‍යුත් කම්පන ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර, ප්‍රජානන චර්‍යාත්මක ප්‍රතිකාර හා උපදේශන ප්‍රතිකාර වැනි ප්‍රතිකාර ක්‍රම භාවිත කෙරේ. බුදුසමය තුළ එන ඉගැන්වීම් රාශියක් අතරින් විතක්ක සණ්ටාණ සූත්‍රය හා තත් අටුවාව තුළ එන කරුණු ඔස්සේ මේ සඳහා උපයෝගී කරගත හැකි බෞද්ධ ප්‍රතිකාර පිළිබඳව මෙම පර්යේෂණය තුළින් සාකච්ඡා කෙරේ. මෙහි දී විතක්ක සණ්ඨාන සූත්‍රාගත අඤ්ඤනිමිත්තගහණ, ආදීනව දස්සන, අසති අමනසිකාර, විතක්ක මූලභේද, අභිනිග්ගහණ යන ක්‍රමවේද පහ ඇසුරින් මෙම බෞද්ධ මනෝවිද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රමය විස්තර කෙරේ. මෙම පර්යේෂණය තුළින් අද්‍යතන සමාජයේ බහුල ව පවතින ප්‍රධාන විෂාද අක්‍රමිකතාව සඳහා භාවිත කළ හැකි බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර බෞද්ධ මනෝවිද්‍යාව නම් විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට ද මෙම කරුණු ඉවහල් වනු ඇත. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject චිත්තවේගික අක්‍රමිකතා en_US
dc.subject ප්‍රධාන විෂාද අක්‍රමිකතාව en_US
dc.subject බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර en_US
dc.subject මනෝභාව අක්‍රමිකතා en_US
dc.title ප්‍රධාන විෂාද අක්‍රමිකතාව දුරුකරලීම සඳහා උපයෝගී කරගත හැකි බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account