Abstract:
නූතන මනෝවිද්‍යාවේ ප්‍රධාන විෂය පථයක් ලෙස ළමා මනෝවිද්‍යාව හැඳින්විය හැකිය. දරුවෙකු කුස තුළ පිළිසිඳ ගන්නා පූර්ව ප්‍රසව අවධියේ සිට ළදරු අවධිය, මුල් ළමාවිය, පසු ළමාවියේ සිට නව යොවුන් විය දක්වා සමස්ත කාලය ළමාවිය ලෙස නූතන මනෝවිද්‍යාවේ දී සලකයි. දරුවෙකු ළමා කල ලබන අත්දැකීම්, දැනුම ඔහුගේ ඉදිරි ජීවිතය තීරණය කරනු ලබයි. යහපත් අත්දැකීම්, සිතුම් පැතුම් යහපත් පෞරුෂයකට හේතුවන අතර අපගාමී චර්යා සහිත පෞරුෂයකට හේතුවක් ලෙස ළමා කාලයේ ලත් අයහපත් අත්දැකීම්, සිතුවිලි මූලික වන බව නූතන මනෝවිද්යානුකුලව හෙළි වී ඇත. බටහිර මනෝවිද්‍යාව තුළ හැගීම්, සිතුවිලි, චින්තනය සහ චර්යාව යන සමස්තය පුද්ගල පෞරුෂය ලෙස සලකයි. ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාවට අනුව පෞරුෂ සංවර්ධනයේ දී ළමා කාලයට ප්රමුඛ අවධානයක් යොමු කරන අතර වයස අවුරුදු 06 පමණ වන විට සාමාන්‍යයෙන් පෞරුෂයේ ස්වභාවය තීරණය කළ හැකි වේ. බෞද්ධ මනෝවිද්‍යාව තුළ පුද්ගල අභ්‍යන්තරික මානසික තත්ත්වයන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් බාහිර භෞතික හෙවත් චර්යාමය තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන පෞරුෂය පිළිබඳ විග්රහ කරනු ලබයි. පෞරුෂ සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී නූතන මනෝවිද්‍යාවේ දී බිළිඳු අවධියේ සිට පුද්ගලයාගේ කායික සංවර්ධනයට සාපේක්ෂව ඔහුගේ පෞරුෂ ලක්ෂණවල සිදු වන වෙනස්වීම් හා සංවර්ධනය සලකයි. ඒ අනුව ළමා අවධිය (උපතේ සිට අවුරුදු 10), නව යොවුන් අවධිය (අවු.11-20) ලෙස නූතන මනෝවිද්‍යාවේ දී ද බෞද්ධ මනෝවිද්‍යාවේ දී මන්ද දශකය (අවු.01-10), ඛිඩ්ඩා දශකය (අවු.10-20) ද ළමා සංවර්ධන අවධි ලෙස දක්වයි. ළමා පෞරුෂ සංවර්ධනය පිළිබඳ බෞද්ධ සූත්‍ර දේශනා රාශියක අන්තර්ගත වන අතර ඛුද්දක නිකායේ, ඛුද්දක පාඨ පාලියේ, කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කරුණු විශ්ලේෂණය කර බැලීමෙන් පෞරුෂ සංවර්ධනයට අදාළ වන කරුණු බොහෝමයක් හඳුනා ගත හැකිය. කරණීය මෙත්ත සූත්‍රයේ මෙත් වඩන්නාගේ ගුණ 15ක් ඉදිරිපත් කරයි. එම ගුණ ජීවිතයට එක්කර ගැනීමෙන් පෞරුෂය ධනාත්මකව සංවර්ධය වේ. සක්කෝ, උජු, සූජු, සුවචෝ, මුදු, අනතිමානී, සන්තුස්සකෝ, සුභරෝ, ආදී ගුණාංග ඇති දරුවන්ට තමාගේ අධ්‍යාපන අභිමතාර්ථ ඉටුකර ගත හැකි වේ. මෛත්‍රියෙන් කටයුතු කිරීමෙන් අවෛරී, හිංසාකාරී සිතුවිලිවලින් සිත නිරවුල් වීමෙන් මානසික රෝග, පීඩා බොහොමයක් සංසිඳේ. එවිට ගැටුම්වලින් තොර නිහතමානී සාධනීය පෞරුෂ ලක්ෂණවලින් යුක්ත දරුවන් පිරිසක් බිහි වනු ඇත. මෛත්‍රිය පාදක කොට ගත් සූත්‍රය තුළ මෙත් වඩන්නාගේ ගුණ කුඩා කල සිටම දරුවෙකුට පුරුදු පුහුණු කිරීමෙන් ඔහුගේ පෞරුෂය සංවර්ධනය වන ආකාරය මෙම පර්යේෂණයේදී අධ්‍යයනයට ලක් වේ.