Abstract:
සාමාන්‍ය අධිකරණ ක්‍රියාපටිපාටියට වඩා භික්ෂූන්ගේ අධිකරණය ක්‍රියාවන්, හටගත් අධිකරණය සමථ කිරීම සුවිශේෂ සන්දර්භයකින් යුක්තය. විනය පිටකයේ දක්වා ඇති “චත්තාරිමානි භික්ඛවේ අධිකරණානි” යනාදීන්ගෙන් වදාළ විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්තාධිකරණය, කිච්චාධිකරණයන් මගින් උපන්නාවු අධිකරණය සමථය කිරීම පිළිබඳ ක්‍රමවේදය කෙබඳුදැයි විමසීම පර්යේෂණ ගැටලුවයි. විනය පිටකය මුල්කරගනිමින් අධිකරණ සමථ ධර්මයන්ගෙන් යුක්තිය පසඳලීම පිළිබඳ විමර්ශනය කිරීම පර්යේෂණයෙහි අරමුණ වෙයි. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ සංධාර හා පාඨ විශ්ලේෂණය යන ක්‍රම ඔස්සේ ප්‍රාථමික හා ද්විතීක මූලාශ්‍රය භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කරන ලදි. සසුනේ හටගන්නාවූ චතුර්විධ අධිකරණයන් විනිශ්චයකොට යුක්තිය සපඳලීම හා ඒවා සංසිඳවීමට චුල්ලවග්ගපාළියේ සමථක්ඛන්ධකයේ සම්මුඛා, සති, අමූළ්හ, පටිඤ්ඤාතකරණය, යෙභුය්යසික, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරක වශයෙන් සමථ ධර්ම සතක් දක්වයි. සංඝ, ධම්ම, විනය, පුග්ගල (යෝග්‍ය භික්ෂූන් රැස්විම, චෝදනාව ධර්මානූකූල සත්‍යවීම, විනයානූකූලව වීම, චෝදක චුදිතක උභය පාර්ශව) සහාභාගීත්වය මත සම්මුඛාවිනය සමථය මගින් සතර අධිකරණයන්ම විසදීම සිදු කරයි. එසේ විසදීමට ලක් නොකළ හැකි අධිකරණයන් සඳහා අවශේෂ ක්‍රම අධිකරණයේ ස්වභාවය මත තීරණය වේ. ඒ අනුව රහත් ආදි උතුමන් වහන්සේලා සදහා වන චෝදනාවන්ට සති විනය, මානසික රෝගීන්ට අමූළ්හ විනය, ආපත්ති මුල් කරගනිමින් පටිඤ්ඤාත කරණ විනය, ඡන්දය වීමසීම නම් යෙභුය්යසිකා විනය, නිරතුරු වැරදි කරන පවිටු භික්ෂුන්ට තස්සපාපිය්යසිකා විනය, අර්ථ විරහිත හා නොසංසිඳෙන චෝදනාවන්ට තිණවත්ථාරකය, යන සමථ ක්රමයන් යොදාගනු ලැබේ. විනය පිටකය පරික්ෂා කිරීමේදි සමස්ථ අධිකරණයන් හට ගැනීමේ සිට එය විසඳිමට සදහා ක්‍රමවත් මාර්ගෝපදේශයන් රැසක් නිර්දේශ කර ඇතිබව තහවුරු වේ. බෞද්ධ අධිකරණය කිසිවිටකත් සාවද්‍ය කරුණක් සනාථවීමට ඇති ඉඩ කඩ අහුරමින්, සානුකම්පිතව, පූර්ව මුක්තියෙන් තොරව වරදකරු පුනරුත්ථාපනය කිරීමත්, අත්තනෝමතික වූ තීරණයන්ගෙන් තොරව බහුජන මතයට අනුව යමින් ක්‍රමානුකූලව අධිකරණ ක්‍රියාව සිදුකොට චූදිතයා ශාරීරික දඩුවමින් ඉවත්ව ආයති සංවරය ඇති කිරීමත් අරමුණුකොට ඇති බව පෙනි යනු ලබයි.