dc.contributor.author |
දිසානායක, ඩි.එම්.එච්.එන්.කේ. |
|
dc.contributor.author |
වික්‍රමසිංහ, ඩබ්.පී.අයි.එල්. |
|
dc.date.accessioned |
2023-10-18T05:46:15Z |
|
dc.date.available |
2023-10-18T05:46:15Z |
|
dc.date.issued |
2023-09-15 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15128 |
|
dc.description.abstract |
ජාතික රාජ්‍යයේ දේශසීමා අභිබවා යමින් ජාත්‍යන්තර මට්ටමෙන් සබඳතා ප්‍රසාරණය වීම ගෝලීයකරණයයි. ආගමික සංස්ථාවද වර්තමානය වන විට ගෝලීයකරණය හමුවේ වෙනස් වන සමාජ රටාව අනුව හැඩ ගැසෙමින් ඉදිරියට ගමන් කිරීමට සිදුවී ඇත්තේ සිය පැවැත්ම සමාජය තුළ නොනවත්වා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය නිසාවෙනි. ශ්‍රී ලාංකික සිංහල සමාජ සන්දර්භය තුළ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ආගමික ආයතනයක් වශයෙන් හිමි වී ඇත්තේ වැදගත් ස්ථානයකි. මෙලෙස ආගමික ආයතනයක් වශයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වර්තමාන ගෝලීයකරණ සන්දර්භයේදී ආගමික ආයතනයක් වශයෙන් සිය පැවැත්ම තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ගෝලීයකරණය හා මුහුව ගමන් කරන ආකාරය පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරන්නට විය. මෙම පර්යේෂණයේදී ආගමික සංස්ථාවට ගෝලීයකරණය කෙතරම් බලපෑමක් සිදු කොට තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම මූලික අපේක්ෂාව වන අතරම එය මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඇසුරෙන් විග්‍රහ කිරීම සිදුවේ. එහිදී මහනුවර ශ්‍රී දළදා මාලිගාව තවදුරටත් ආගමික ආයතනයක් පමණක්ද යන ගැටලුව පැන නැගේ. අධ්‍යයනයේදී දත්ත රැස් කිරීම නිරීක්ෂණ සහ සම්මුඛ සාකච්ඡා මගින් සිදු කළ අතර ගුණාත්මක ප්‍රවේශය යටතේ දත්ත විශ්ලේෂණය කරන ලදි. ආගමික සංස්ථාව මගින් සමාජ ඒකාබද්ධතාවය පවත්වාගෙන ගිය අතර සිංහල සමාජ ක්‍රමය තුළ කුලය මත පදනම්ව එය සිදු කරන ලදී. එහිදී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කටයුතු අදාළ සේවා කුල කණ්ඩායම් මගින් අතීතයේ සිදුවූ නමුත් වර්තමානයේදී එය වෙනස්වීමකට ලක් වී තිබේ. දළදා මාළිගාව ආශ්‍රිත වෙළඳපොළක් නිර්මාණය වෙමින් පැවතීම, සංස්කෘතික විසරණ තත්වය යටතේ පරිකර්මවලට නව අංග ආරෝපණය වීම, මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආගමික සංස්ථාව සතු කාර්යයන් පරයා යමින් ආර්ථික සංස්ථාව සතු ලාභ ලැබීමේ කාර්‍යට මූලිකත්වයක් ලබා දීම සිදු කරන ආකාරය දැකිය හැකිය. ගෝලීයකරණය විසින් සමාජ ආයතනයන්හි ස්වභාවය වෙනස් කිරීමටත්, ඒවායේ පැවැත්ම තහවුරු කර ගැනීමටත් ආර්ථික සංස්ථාවේ ඇතැම් කාර්‍යයන් ආගමික සංස්ථාව අරෝපණය කරගෙන ඇති බව මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඇසුරෙන් හඳුනා ගත හැකිය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . |
en_US |
dc.subject |
ගෝලීයකරණය |
en_US |
dc.subject |
ධනවාදය |
en_US |
dc.subject |
වෙළදපළකරණය |
en_US |
dc.subject |
ලෞකිකකරණය |
en_US |
dc.subject |
ශ්‍රී දළදා මාලිගාව |
en_US |
dc.title |
ගෝලීයකරණ සන්දර්භය තුළ ආගමික සංස්ථාවේ සමකාලීන මුහුණුවර : මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඇසුරෙන් |
en_US |
dc.type |
Article |
en_US |