බෞද්ධ ආචාර විද්‍යාවේ පදනම: බුද්ධකාලීන භාරතීය දර්ශන සම්ප්‍රදායවල ඉගැන්වීම් ඇසුරෙන් කෙරෙන තුලනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author රසංජය බටුගෙදර, බී.
dc.date.accessioned 2023-10-18T06:18:57Z
dc.date.available 2023-10-18T06:18:57Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15133
dc.description.abstract සදාචාරවත් ජන සමාජයක් ගොඩනැගිමෙහිලා පදනම වශයෙන් බෞද්ධ ආචාර විද්‍යාව හඳුන්වා දිය හැකිය. බුද්ධ කාලීන භාරතයේ ආචාර විද්‍යාත්මක පැතිකඩ විවිධ දෘෂ්ටිකෝණයන් ඔස්සේ ව්‍යාප්ත වී තිබේ. අන්‍ය ආගමිකයන්ගේ නිර්මාණවාදී, දේවවාදී ආචාර ධර්ම බුදුන්වහන්සේගේ ආගමනයත් සමඟ හේතුඵලවාදී ව හා යථාර්ථවාදී ව සමාජගත වී ඇත. බටහිර දාර්ශනික මතවාදත් සමග නූතනය වන විට ආචාර විද්‍යාව සංකීර්ණ බවට පත් වී විකාශනය වෙමින් පවති. බුද්ධකාලීන භාරතීය දර්ශන සම්ප්‍රදායවල එන ඉගැන්වීම් බෞද්ධ අචාර විද්‍යාව සමඟ තුලනය කළ හැක්කේ කෙසේද? විමසිය යුත්තකි. බෞද්ධ ආචාර විද්‍යාවේ අවසාන පරමාර්ථය නිර්වාණයයි. එම ආචාර විද්‍යාත්මක පදනම භාරතීය ඉගැන්වීම් සමඟ සසදන විට ඉතා පුළුල් වූවකි. බෞද්ධ ආචාර විද්‍යාවේ පදනම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අද්වයවාදී පදනම, අනීශ්වරවාදී පදනම, මනෝවිද්‍යාත්මක පදනම, විරමණ සංකල්පය හා පරහිතකාමීත්වය වැනි මූලිකාංගවලින් සමන්විත බවට තහවුරු විය. භාරතයේ දෙසැටක් මිථ්‍යාදෘෂ්ටික ආගම් පැවතී ඇති අතර ඔවුන්ගෙන් උච්ඡේදවාදීන් කාමසුඛල්ලිකානුයෝගය ද ශාස්වතවාදීන් අත්තකිලමථානුයෝගය ද ආචාර විද්‍යාත්මක පැවැත්මට යොදා ගත්හ. මෙම මත වාදයන්ගෙන් බැහැරවන බුදුදහම මැදුම් පිළිවෙත අනුගමනය කරමින් ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අනුබල ලබා දී තිබේ. දේවවාදීන්ට අනුව සියල්ල දෙවියන්ගේ මැවීමකි. එසේ ම ෂඩ් ශාස්තෘන් අහේතුඅප්පච්චයවාදය, පුබ්බේකතහේතුවාදය මුල්කරගත් දර්ශනයක් ඉදිරිපත් කරයි. මෙම ඉගැන්වීම් බෞද්ධ දර්ශනයේ හේතුඵල දහම තුළින් ප්‍රතික්ෂේප කරන අතර බෞද්ධ ආචාර විද්‍යාවේ පදනම ඒ අනුව අනීශ්වරවාදී පදනමකින් යුතු බවට තහවුරු කරගත හැකි විය. බුදුදහම මනසට ප්‍රධාන ස්ථානයක් ලබා දී ඇති බවට සාධක හදුනාගත හැකිය. ඒ අනුව බෞද්ධ ආචාර විද්‍යාවේ පදනම මනෝ මූලික වන බවට තහවුරු විය. පංච ශීලය, අටසිල්, දසසිල්, සාමණේර දසසිල්, සතර පාරාජිකා, සංඝාදිසේස, සේඛියා ආදිය විරමණ සංකල්පයට අයත් මූලිකාංග වන අතර බෞද්ධ ආචාර විද්‍යාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මෙම ආචාර ධර්ම විද්‍යාමාන වේ. මෙය විමර්ශනාත්මක අධ්‍යයනයක් වන අතර ප්‍රාථමික හා ද්වීතීක මූලාශ්‍රය අධ්‍යයන කෙරෙන අතර එම අධ්‍යයනයෙන් රැස් කරගත් දත්ත සංධාර විශ්ලේශනයෙන් හැදෑරීමට ලක් කෙරේ. සදාචාරවත් ජන සමාජයක් ගොඩ නැගීමෙහි මූලික පදනම ලෙස ආචාර විද්‍යාව හඳුනාගත හැකිය. සම්ප්‍රදායික භාරතීය ආගමික ඉගැන්වීම් වලින් ඉදිරියට ගමන් කරන බුදුදහම නිවැරදි ආචාර ධර්මයන් ගොඩනගා ගනිමින් සුචරිතවත් සමාජයක් බිහිකිරීමෙහිලා උපස්තම්භක වන්නේය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject ආචාර ධර්ම en_US
dc.subject නිර්වාණය en_US
dc.subject බෞද්ධ සදාචාරය en_US
dc.subject භාරතීය දර්ශනය en_US
dc.subject සීලය en_US
dc.title බෞද්ධ ආචාර විද්‍යාවේ පදනම: බුද්ධකාලීන භාරතීය දර්ශන සම්ප්‍රදායවල ඉගැන්වීම් ඇසුරෙන් කෙරෙන තුලනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account