ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාතුලේ අළු ලෙනේ බවට ඉදිරිපත් කෙරෙන නව මතය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ධර්මරත්න, කේ.ඒ.එස්.එස්.
dc.date.accessioned 2023-10-18T06:38:48Z
dc.date.available 2023-10-18T06:38:48Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15135
dc.description.abstract ශ්‍රී ලංකේය ජන හදවත් ස්පර්ෂ කළ ලෝකප්‍රකට පුද ඛිමක් වශයෙන් හැඳින්විය හැකි මාතලේ අළු විහාරය එකී ප්‍රකට බව ලබා ඇත්තේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. නමුත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව පෙළගැසෙන සාක්ෂි මාතලේ අළු විහාරය වෙනුවට එය සිදු වූ ස්ථානය වශයෙන් කෑගල්ල මාතුල ප්‍රදේශයේ අළු ලෙන ප්‍රකාශයට පත් වීම නිසාවෙන් ඉහත මත දෙක අතර ඝට්ටනයක් මේ වන විට නිර්මාණය වී ඇත. මෙකී ගැටලුව පාදක කරගනිමින් මෙම පර්යේෂණය සිදු වේ. මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ සංස්කෘතික වශයෙන් රටේ බෞද්ධ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව ඇති සාවද්‍ය මතය ඉවත් කිරීම හා නිරවද්‍ය මතය තහවුරු කිරීමට අදාළ සාක්ෂි පෙන්වා දීමය. ඒ හැරුණු විට අප්‍රකටව පවතින මාතලේ අළු ලෙන පිළිබඳ තොරතුරු සම්පිණ්ඩණය කිරීම ද මෙහි එක් අපේක්ෂාවක් වශයෙන් පෙන්වා දිය හැකිය. ලෝක ශිෂ්ටාචාරයේ ඉතිහාසය ගොඩනඟන විට අතිශය වැදගත් ලෙස බලපෑමට ලක්වන මෙම මාතලේ අළුවිහාරය පිළිබඳ ඇති වී ඇති සැකය මුල් කරගත් දෘෂ්ටිය නිරවද්‍ය ස්ථානයකට පමුණුවා යම් ප්‍රමාණයක හෝ නොමඟ යාමක් වී ඇත්නම් එය එසේ වීමෙන් වළක්වා ගැනීමත් මෙකී පර්යේෂණයේ පවතින වැදගත්කමක් වශයෙන් පෙන්වා දිය හැකිය. නිකාය සංග්‍රහය, සාර සංග්‍රහ, මාතලේ කඩඉම් පොත ආදී ඓතිහාසික ලිඛිත සාක්ෂි භෞතික සම්පත් හා සසඳමින් එහි කෙරෙන විස්තරයන් මඟින් මෙහි සඳහන් ස්ථාන ද්වයෙන් කුමන ස්ථානයක මෙය සිදු වූ බවට අනාවරණය වේ ද යන්න සහ ඒ පිළිබඳ වියත් අදහස් මොනවාදැයි මෙහිලා පරීක්ෂා කෙරේ. මෙහි පර්යේෂණ ක්‍රමවේදය වශයෙන් ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කරන ලද බව ප්‍රකාශ කළ හැකිය. අධ්‍යයනය කරන ලද ලිඛිත හා පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය දෙස විචාරාත්මකව බලන විට පැමිණිය හැකි නිගමනය නම් කෑගල්ල මාතුල අළු ලෙනෙහි මෙම ත්‍රිපිටක සංගීතිය පැවති බවට ඉදිරිපත් වන මතයේ පිළිගත හැකි නිරවද්‍ය බවක් දැකිය හැකි බවයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject අළු ලෙන en_US
dc.subject අළු විහාරය en_US
dc.subject ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම en_US
dc.subject ශාසනික ඉතිහාසය en_US
dc.title ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාතුලේ අළු ලෙනේ බවට ඉදිරිපත් කෙරෙන නව මතය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account