කඹුරුගමුව ඇත්කඳ රජමහා විහාරය පිළිබඳ ඓතිහාසික විමර්ශනයක්

Show simple item record

dc.contributor.author මේකලා, ටී.එච්.එම්.ඩී.
dc.contributor.author කිරිඇල්ල, කේ.ටී.ආර්.එස්.
dc.date.accessioned 2023-10-18T10:11:34Z
dc.date.available 2023-10-18T10:11:34Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15148
dc.description.abstract දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලගොඩ ග්‍රාමයේ පිහිටි මෙම ඓතිහාසික කඹුරුගමුව ඇත්කඳ රාජ මහා විහාරය අනුරාධපුර යුගයට අයත් රජ මහා විහාරයකි. වළගම්බා රාජ්‍ය සමයේ දී මෙන් ම පළමු වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී මෙම විහාරය වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක් ව පැවැති අතර මලියදේව මහ රහතන් වහන්සේ ද මෙහි වාසය කොට තිබේ. මෙම විහාරය වර්ෂ 1956 දී සභා මන්ත්‍රීවරයකු වූ ඩේවිඩ් වනිගසේකර මහතා විසින් කඹුරුපිටිය බෝධිගුප්ත නා හිමියන්ට පූජා කරන ලදී. ඇත්කඳ නම් නාමය මෙම විහාරය හා බැඳී පවතින්නේ හස්තියකුගේ හැඩය ගත් ශෛලමය පර්වතයක පිහිටීම හේතුවෙනි. එමෙන් ම කටාරම් සහිත දෙමහල් ගල්ලෙන් විහාරයක් මෙම පූජා භූමියේ පවතී. තවදුරටත් රජ මහා විහාරය මුල් කර ගනිමින් කඹුරුගමුව ප්‍රදේශය තවත් රජ මහා විහාර දෙකකට ගමන් කළ හැකි ආකාරයට උමං මාර්ගයක් ආරම්භ වන බවට ද විශ්වාසයක් පවතී. කඹුරුගමුව ඇත්කඳ රජමහා විහාරය පිළිබඳ ඓතිහාසික වශයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී මෙම පර්යේෂණයේ ප්‍රධාන ගැටලුව බවට පත් වූයේ, කඹුරුගමුව ඇත්කඳ රජ මහා විහාරයේ ඓතිහාසිකත්වය කෙබඳු ද? යන්න පවතින ගැටලුව ය. මලියදේව මහරහතන් වහන්සේ විහාර කිහිපයක් මූලික කර ගනිමින් වැඩවාසය කළ බවට මූලාශ්‍රයවල සඳහන් වේ. එම විහාරස්ථානවලින් එක් විහාරයක් ලෙස මෙම විහාරය මූලික කර ගනිමින් මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බව සනාථ කර ගැනීම මෙහි දී වැදගත්‍ ය. විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳ ව ඇති සාහිත්‍යමය, පුරාවිද්‍යාත්මක සහ අප්‍රකට ජනප්‍රවාදගත තොරතුරු හෙළිදරව් කිරීම, විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳ අදාළ බලධාරීන් සහ ජනතාව දැනුම්වත් කිරීම සහ විහාරස්ථානයේ ඇති විනාශයට පත් වෙමින් යන පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ ආරක්ෂා කර ගැනීමට යෝජනාවලියක් ඉදිරිපත් කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණු ය. පර්යේෂණ ක්‍රමවේද යටතේ පුස්තකාල අධ්‍යයන ක්‍රමවේදය සහ ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේද යටතේ මෙම පර්යේෂණය සිදු කර ඇත. සාහිත්‍යමය මූලාශ්‍රය, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සහ ජනප්‍රවාදගත තොරතුරු අනුව මෙම විහාරස්ථානය අනුරාධපුර යුගය දක්වා දිව යන බවත්, මලියදේව මහරහතන් වහන්සේ වැඩ වාසය කළ ස්ථානයක් වශයෙන් මෙය වැදගත් වන බවත් හඳුනා ගැනීමට හැකි විය. එසේ ම වර්තමානයේ අනවසර කැණීම්, විහාරස්ථානයට අයත් භූමිය ක්‍රමයෙන් ප්‍රදේශවාසීන් විසින් අත්පත් කරගැනීම සහ වල් බිහිවීම නිසා පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ විනාශ මුඛයට පත්වෙමින් පවතී. එබැවින් ඓතිහාසික වශයෙන් වැදගත් කඹුරුගමුව ඇත්කඳ රජමහා විහාරයේ ඇති පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ ආරක්ෂා කර ගැනීමත්, මහජන ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් සංචාරකයින් සඳහා පුරාවස්තු නැරඹීමට හැකි වන ආකාරයෙන් කෞතුකාගාරයක් සැකසීමත්, ප්‍රදේශවාසීන් අත්පත් කර ගත් විහාරස්ථාන භූමියේ ඇති පුරාවස්තු හඳුනා ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් වැදගත් ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna,Sri Lanka . en_US
dc.subject අනවසර කැණීම් en_US
dc.subject ජනප්‍රවාදගත තොරතුරු en_US
dc.subject දෙමහල් ගල්ලෙන en_US
dc.subject මහජන ප්‍රදර්ශනය en_US
dc.subject සං‍රක්ෂණය en_US
dc.title කඹුරුගමුව ඇත්කඳ රජමහා විහාරය පිළිබඳ ඓතිහාසික විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account