Abstract:
වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් ලියවන ලද රජු ලෙස ක්‍රි.ව. 1187 දී රජ වූ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු නම් දරයි. අතර ගල්පොත සෙල්ලිපිය මෙතෙක් හමු වී ඇති විශාලතම සෙල්ලිපියයි. ගලින් කල පොතක් බඳු මෙම දැවැන්ත සෙල්ලිපිය මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් ලියවී ඇත. එහි නිශ්ශංකමල්ල රජුගේ පරපුර, පුණ්‍ය ක්‍රියා, වීර කටයුතු ආදි රාජ්‍ය කටයුතු අන්තර්ගත වේ. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ ගල්පොත සෙල්ලිපියෙන් ප්‍රකට වන රාජ්‍ය පාලන සමය පිළිබඳ විමර්ශනයක යෙදීමයි. පර්යේෂණ ගැටලු වන්නේ රජුගේ පාලන සමය සිදු වූ ආකාරය කෙබඳුද? පාලන සමයේ ඔහු කළ සේවා මොනවාද? යන්න විමසා බැලීමයි. ඒ අනුව නිශ්ශංකමල්ල රජුගේ පාලන සමය පිළිබඳ සෙල්ලිපියේ වර්ණනාවට ලක් කර ඇති අතර ඔහුගේ රාජ වංශය පිළිබඳවත්, පාලන කාලය පිළිබඳවත් මමත්වයකින් යුතු හැඟීමකින් සිට ඇති බව පෙනේ. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ පුස්තකාල සමීක්ෂණ හා අන්තර්ජාලය ඇසුරෙන් ද්විතියික මූලාශ්‍රය භාවිතයෙන් සිදු කරන ලද අධ්‍යයනයකි. මෙම අධ්‍යයන කාර්යයේදී ප්‍රථමයෙන් පොළොන්නරු යුගයේ රජකම් කළ නිශ්ශංකමල්ල රජුගේ පාලන සමය පිළිබඳ අධ්‍යයනයක නිරත විය. පසුව ගල්පොත සෙල්ලිපිය පිළිබඳ පෙර මූලාශ්‍රය හා ක්ෂේත්‍ර අධ්‍යයනයක් ඇසුරෙන් විමර්ශනයක් සිදු කරන ලදී. ඒ ඇසුරෙන් නිශ්ශංකමල්ල රජුගේ පාලන සමය සිදු වූ ආකාරය පිළිබඳ කරුණු අනාවරණය කර ගන්නා ලදී. එහිදී රජු ජනතා සේවයේ කැපවූ ත්‍යාගශීලී රජ කෙනෙක් බවත්, තම රජ පෙළපත නිසා මාන්නයෙන් සිට ඇති බවත්, වෙනත් රටවල් සමඟ මිත්‍ර සබඳතා ඇති කර ගැනීම හා රටවල් ආක්‍රමණය කළ බවත්, නිර්භීත ලෙස පාලනය ගෙන ගිය අයුරුත් පැහැදිලි වේ. තවද රජු එසේ සුබසාධන කටයුතු සිදු කිරීමට මුල පුරා ඇත්තේ යහපත් රජ කෙනෙකු ලෙස තම ප්‍රතිරූපය ජනතාව ඉදිරියේ වර්ධනය කර ගැනීම, තමන්ගේ ජනප්‍රියතාවය පැතිරවීම හා ජනතා හදවත් තමා දෙසට පොළඹවා ගැනීමේ අරමුණෙන් බව නිගමය කළ හැකිය.