ගම්පොල යුගයට අයත් ඇම්බැක්කේ අම්බලමේ හායනකාරක සහ හායනය පිළිබඳ විමර්ශනයක්

Show simple item record

dc.contributor.author ලක්මිනි, එච්.එම්.
dc.date.accessioned 2023-10-19T03:19:20Z
dc.date.available 2023-10-19T03:19:20Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15157
dc.description.abstract ශ්‍රී ලංකා ඉතිහාසය තුළ අම්බලම්වලට සුවිශේෂ තැනක් හිමි වන අතර අතීත ජනයා වෙහෙස නිවා ගැනීම සඳහා අම්බලම් භාවිත කර ඇත. ලංකාවේ දැනට ඉතිරිව ඇති අම්බලම්වලින් වැදගත් අම්බලමක් ලෙස ඇම්බැක්කේ අම්බලම සැලකිය හැකිය. ඇම්බැක්කේ දේවාලයට ආසන්නයේ පිහිටා ඇති මෙම අම්බලම ක්‍රිස්තු වර්ෂ 1342 සිට 1352 දක්වා ගම්පොල පාලනය කළ හතරවන බුවනෙකබාහු රජු විසින් කරවන ලදැයි සඳහන් වේ. දේවාල භූමියට මීටර් දෙසීයක් පමණ නුදුරින් ඇම්බැක්ක ගෙලිඔය පාරේ ගල්තලාවක් මත අම්බලමේ නෂ්ටාවශේෂ දක්නට ලැබේ. වර්තමානයෙහි අම්බලමේ දක්නට ඇත්තේ අඩි හතක් පමණ උස ගල් ටැම් පමණක් වන අතර, දිග අඩි විසි හතක් ද පළල අඩි විසි දෙකක් වන ගොඩනැගිල්ලක් ලෙස හඳුනා ගත හැකිය. අම්බලමේ හායනයට බලපාන හායනකාරක මොනවා ද ? යන ගැටලුව පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත. පර්යේෂණය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමය භාවිත කළ අතර දත්ත රැස් කර ගැනීම සඳහා ක්ෂේත්‍ර ගවේෂණය සහ පුස්තකාල සමීක්ෂණ ක්‍රමවේදය යොදාගෙන ඇත. මෙමගින් තහවුරු කර ගන්නා ලද දත්ත විශ්ලේෂණය කොට මෙහි පවතින නටබුන් ගණයට අයත් වන ගල් කැටයම්වලට සිදුවන හානිය පිළිබඳව අවධානය යොමු කිරීම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වේ. සංරක්ෂණ ඌනතා ඔස්සේ හඳුනා ගත හැකි වූ හායනකාරක කිහිපයක් ඇත. ඒ අනුව හඳුනාගත හැකි වූ හායනකාරක සහ හායනය සඳහා උදාහරණ ලෙස පාරිසරික සාධකයන් නිසා සිදු ව ඇති හායනය, මානව ක්‍රියාකාරකම් නිසා සිදු වන හායනය සහ සතුන් නිසා සිදුවන හායනය දැක්විය හැක. පාරිසරික සාධක නිසා ඇති වන හානිය ලෙස අම්බලමේ ගල් කණු මතට වැසි ජලය පතිත වීම, විවිධ ලයිකන වර්ග, තෘණ විශේෂ වර්ධනය වීම හඳුනා ගත හැකි විය. මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන හානිය ලෙස අම්බලම ආශ්‍රිතව ගොවිතැන් කටයුතු සිදු කිරීම, ගල් කණු ස්පර්ශ කිරීම, ආදිය දැක ගත හැකි විය. සතුන් නිසා සිදුවන හායනය කොටස් දෙකක් වන අතර එනම්, ක්ෂුද්‍ර ජීවීන් වේ පස් බැඳීම, රන් කුඹල් ගෙවල් සෑදීම දැක ගත හැකිය. විශාල සතුන්ගෙන් ස්මාරක මතට මළපහ කිරීම, ගල් කණු මතට අපද්‍රව්‍ය දැමීම හඳුනා ගත හැකි වූ හායන කාරක වේ. නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සංරක්ෂණය කිරීම හරහා හායන තත්ත්වයන් වළක්වා ගත හැකිය. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සහ අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන්, ගල් කණු ආවරණය වන ආකාරයෙන් වහලක් නිර්මාණය කිරීම, සතුන්ගෙන් වන හානි අවම කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් යොදා ගැනීම සහ අම්බලම අසල පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කිරීම ආදිය දැක්විය හැකිය. ඉහත ක්‍රමවේද සහ පියවර භාවිතය මගින් ඇම්බැක්කේ අම්බලම තුළ සිදුවන හායනය යම්තාක් දුරකට හෝ වළක්වා ගත හැකි බව කිව හැකිය. නිසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීම, පිළියම් යෙදීම, නඩත්තු කිරීම සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවිය යුතුය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject ඇම්බැක්කේ අම්බලම en_US
dc.subject ගල් කැටයම් en_US
dc.subject මානව ක්‍රියාකාරකම් en_US
dc.subject සංරක්ෂණ en_US
dc.subject හායනකාරක en_US
dc.title ගම්පොල යුගයට අයත් ඇම්බැක්කේ අම්බලමේ හායනකාරක සහ හායනය පිළිබඳ විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account