මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායට අයත් සිතුවම්වලින් නිරූපිත සමකාලීන සමාජය පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author සිල්වා, කේ.එල්.එස්.ටී.
dc.contributor.author සෙව්වන්දි, ආර්.එම්.එස්.
dc.date.accessioned 2023-10-19T03:41:55Z
dc.date.available 2023-10-19T03:41:55Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15160
dc.description.abstract මිනිස් ඇසට යොමු වන සැබෑ ලෝකය නිරූපණය කෙරෙන කලා නිර්මාණ අතර සිතුවම් කලාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විවිධ කාල පරිච්ඡේදවලදී නිමැවුණු කලා නිර්මාණ තත්කාලීන සමාජ තත්ත්ව අවබෝධයට ලබාදෙන ආලෝකය සුප්‍රකට සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාධක තරම්ම අගනේ ය. ඒ අතුරින් සිතුවම් කලාවට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායේ සිතුවම්වලින් හෙළිවන සමකාලීන සමාජ තොරතුරු මොනවාද? යන පර්යේෂණ ගැටලුව මුල් කර ගනිමින් සිදු කෙරුණු මෙම අධ්‍යයනයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ මහනුවර යුගයේ සමකාලීන සමාජ තොරතුරු පිළිබඳ ව අධ්‍යයනය කිරීමයි. එමෙන්ම විවිධ හේතු සාධක මත ක්‍රම ක්‍රමයෙන් අභාවයට යමින් පවතින, ඓතිහාසික වටිනාකමක් සහිත ඉපැරණි විහාර සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම ද මෙහි තවත් අරමුණකි. පහතරට සම්ප්‍රදායට අයත් මහනුවර යුගයේ සිතුවම් හමු වන අප්‍රකට ඉපැරණි විහාරස්ථානයක් වන කතලුව රන්වැල්ල පුරාණ විහාරස්ථානය මුල් කරගෙන සිදු කරන ලද මෙම අධ්‍යයනය සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේදය මෙන්ම සාහිත්‍ය මූලාශ්‍ර පරිශීලනය මඟින් ප්‍රාථමික සහ ද්විතීය දත්ත රැස් කරන ලදී. කලා නිර්මාණයන් හි භාවිත තාක්ෂණය, කලාත්මක ලක්ෂණ පිළිබඳව විවිධ අධ්‍යයනවල නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වුවද සිතුවම්හි යටි පෙළින් දිවෙන සමාජ තොරතුරු පිළිබඳ සිදු කෙරුණු අධ්‍යයන විරල වේ. එකී හිඩැස ආවරණය කරමින් ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම මෙම අධ්‍යයනයේ වැදගත්කමකි. 18 සහ 19වන සියවස්වලදී ලංකාවේ වෙරළබඩ කලාපයේ විසූ ජනතාවගේ ජීවන ක්‍රමය විදේශීයන්ගේ සංස්කෘතිකමය සම්ප්‍රදායන්ගේ ප්‍රවාහයට නතු වූ බව ප්‍රස්තුත ක්ෂේත්‍රයේ සිතුවම් නිර්මාණවල දක්නට ලැබෙන යුරෝපීය ඇඳුම් පැළඳුම්වල ආභාසය සහ ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය මඟින් පැහැදිලි විය. සමකාලීන සමාජය පිළිබිඹු වන ඉපැරණි සිතුවම් නිර්මාණ සංරක්ෂණය කිරීමට පියවර ගැනීම කාලෝචිත වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject පහතරට සම්ප්‍රදාය en_US
dc.subject මහනුවර යුගය en_US
dc.subject යුරෝපීය ආභාසය en_US
dc.subject සිතුවම් නිර්මාණ en_US
dc.subject සිතුවම් සං‍රක්ෂණය en_US
dc.title මහනුවර යුගයේ පහතරට සම්ප්‍රදායට අයත් සිතුවම්වලින් නිරූපිත සමකාලීන සමාජය පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account