වත්මන් සමාජ සන්දර්භයේ අභියෝගයට ලක් ව ඇති විෂ වෙදකම පිළිබඳ ඓතිහාසික විමර්ශනයක්

Show simple item record

dc.contributor.author නිසංසලා, කේ.ජී.එස්.
dc.date.accessioned 2023-10-19T03:47:00Z
dc.date.available 2023-10-19T03:47:00Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15161
dc.description.abstract අස්පර්ශනීය සංස්කෘතික උරුම යටතේ අවධානයට ලක් වී ඇති විෂ වෙදකම බොහෝ ඉතිහාසඥයින්ගෙන් ගිලිහී ගිය ද මෙය සම්ප්‍රදායික ඥානය හා බැඳි තවත් එක් පුළුල් පැතිකඩක් ලෙස දැක්විය හැකි ය. මෙම අධ්‍යයනයේ දී පාරම්පරික විෂ වෛද්‍ය විද්‍යාව කෙතරම් දුරකට යාවත්කාලීන ව පවතින්නේ ද? යන පර්යේෂණ ගැටලුව මූලික කරගෙන තොරතුරු රැස් කරන ලදී. එමෙන් ම විවිධ හේතු සාධක මත ක්‍රම ක්‍රමයෙන් අභාවයට යමින් පවතින ඓතිහාසික හා සාම්ප්‍රදායික වටිනාකමක් සහිත විෂ වෛද්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ විය. කුට්ටිගල ප්‍රදේශය ආශ්‍රය කරගෙන විෂ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කරන ලද මෙම පර්යේෂණය ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේදය ඔස්සේ සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ, ඡායාරූපගත කර ගැනීම් සහ පටිගත කිරීම් මත පදනම් වෙමින් ගුණාත්මක දත්ත එක් රැස් කර ගන්නා ලදී. ක්‍රමික ව විකාශනය වූ විෂ වෙදකම අද වන විට තරුණ ප්‍රජාවගෙන් දුරස් වූ දෙයක් බවට හඳුනාගත හැකි විය. මෙම ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් හෝ දැනුමක් පවතින්නේ වැඩිහිටි සහ මහලු ප්‍රජාව තුළ බව කුට්ටිගල ප්‍රදේශය ආශ්‍රය කරගෙන සිදු කළ මෙම අධ්‍යයන ගැටලුව ඔස්සේ දත්ත රැස් කිරීමේ දී හඳුනාගත හැකි විය. මෙම විමර්ශනය සිදු කිරීමේ දී විෂ වෙදකම යනු කුමක් ද? විෂ අනුව ඒ ඒ සතුන් හෙළ ඖෂධ භාවිතයෙන් හඳුනා ගන්නේ කෙසේ ද? යන්න සොයාගත හැකි විය. ස්වභාවික පරිසරයෙන් සොයා ගන්නා ලද පැළෑටිවලින් අනර්ඝ බෙහෙත් වට්ටෝරු සකසා ගැනීමට හැකි වන බව හඳුනාගත හැකි වූ අතර ම අතීත වෙදැදුරන් මෙන් ම වත්මන් වෙද මහතුන් ද විවිධ කෙම් ක්‍රම භාවිත කරන බවත් ඉන් විෂ ඉවත් කිරීමට හැකි බවත් ඔවුන් තුළ පවතින විශ්වාසයක් බව මෙහි දී අනාවරණය විය. එසේ ම අතීතයේ පටන් අද දක්වා ම විෂ වෙදකම තුළ ක්‍රමික ව විකාශනය වෙමින් පවතින අමුද්‍රව්‍ය ද බෙහෙත් කළය, වංගෙඩිය, ඇඹරුම් ගල් ආදිය භාවිත කර ඇත. මෙම පර්යේෂණය මගින් යථෝක්ත තොරතුරුවලට අනුව අතීත මානව අත්දැකීම් හඳුනා ගැනීමට, ඔවුන් භාවිත කළ තාක්ෂණය, කෙම් ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර උපකරණ ආදිය එසේ ම වත්මන් සමාජ ප්‍රපංචය තුළ විෂ වෙදකම කුමන ස්ථලයක පවතින්නේ ද මෙන් ම තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ද අවධානය යොමු කර ඇත. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject අස්පර්ශනීය උරුම en_US
dc.subject කෙම් ක්‍රම en_US
dc.subject තාක්ෂණය en_US
dc.subject විෂ වෙදකම en_US
dc.title වත්මන් සමාජ සන්දර්භයේ අභියෝගයට ලක් ව ඇති විෂ වෙදකම පිළිබඳ ඓතිහාසික විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account