ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජ සන්දර්භය තුළ ප්‍රජා මූල ස්වේච්ඡා සංවිධානවල භූමිකාව ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියට සිදුකරන බලපෑම

Show simple item record

dc.contributor.author සෙව්මිණි, එස්.එල්.ආර්.
dc.contributor.author කරුණාරත්න, පී.ඩී.ඩබ්.
dc.contributor.author සෙව්වන්දි, ඊ.කේ.ඒ.
dc.contributor.author සඳුනිකා, ඊ.ඒ.ජී.
dc.date.accessioned 2023-10-19T04:30:08Z
dc.date.available 2023-10-19T04:30:08Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15164
dc.description.abstract ග්‍රාමීය සංවර්ධනය යනු ග්‍රාමීය ජනතාවගේ හැකියා සහ අවශ්‍යතා මත පදනම් ව ඔවුන්ට ම පොදු වූ ගැටලු විසඳා ගැනීම සඳහා ග්‍රාමීය සමාජය තුළ ඇති විය යුතු ධනාත්මක සමාජ ආර්ථික පරිවර්තනයයි. මෙම පරිවර්තනය සඳහා ප්‍රජාමූල ස්වේච්ඡා ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මෙම අධ්‍යයනය තුලින් ග්‍රාමීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රජාමූල ස්වේච්ඡා සංවිධානවලින් සිදු වී ඇති බලපෑම අධ්‍යයනය කරනු ලැබීය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජ සන්දර්භය තුළ ප්‍රජාමූල ස්වේච්ඡා සංවිධානවල භූමිකාව ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියට සිදුකරන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම වේ. ප්‍රජාමූල ස්වේච්ඡා සංවිධානවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම සඳහා බලපාන හේතු සාධක හඳුනා ගැනීමත්, ඒ සඳහා විසඳුම් යෝජනා කිරීමත් මෙම අධ්‍යයනයේ සුවිශේෂ අරමුණු වේ. මෙම අධ්‍යයන ක්ෂේත්‍රය වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ පහළ අපරැක්ක ග්‍රාමසේවා කොට්ඨාසය තෝරාගනු ලැබූ අතර මෙහි දී සරල සසම්භාවී නියැඳි ක්‍රමය යටතේ පවුල් 313කින් යුත් ග්‍රාම සේවා වසම තුළ පවුල් 25ක් ප්‍රතිචාරකයන් ලෙස තෝරා ගනු ලැබීය. මෙම අධ්‍යයනයේ සැලැස්ම වශයෙන් ක්ෂේත්‍ර අධ්‍යයන සැලැස්ම භාවිත කරනු ලැබිණි. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය ඔස්සේ පර්යේෂණය සිදු කරනු ලැබිණි. දත්ත ලබා ගැනීම සදහා ප්‍රාථමික සහ ද්විතීයික දත්ත රැස් කිරීමේ ක්‍රම භාවිතා කරන ලදී. එමෙන්ම නව මාක්ස්වාදී විග්‍රහය යටතේ ඉදිරිපත් වූ එක් දෘෂ්ටි ධාරාවක් වන පරාධීනතා න්‍යාය උපයෝගී කරගනිමින් දත්ත සමුච්චය කරනු ලැබිණි. මෙම ග්‍රාම සේවා වසම තුළ ස්වේච්ඡා සංවිධානවල සාමාජිකත්වය ලබා ඇත්තේ සමස්තය 1080ක් වූ ප්‍රජාවකින් පුද්ගලයින් 50ක් වැනි සුළු පිරිසකි. පෞද්ගලික ප්‍රතිලාභ මත පදනම් ව මොවුන් මෙම සංවිධානවල සාමාජිකත්වය ලබා ගෙන ඇති බව ද මෙහි දී ගම්‍ය විය. විශේෂයෙන් මෙහි දී ක්‍රියාත්මක තත්ත්වයේ පවතින සහ අක්‍රිය වූ වශයෙන් ස්වේච්ඡා සංවිධාන කොටස් දෙකක් හඳුනා ගැනීමට හැකි වූ අතර මෙහි දී ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ සංවිධාන හයක් පමණි. ආයතනික ව්‍යුහය තුළ පැවතිය යුතු විනිවිදභාවය මෙම ආයතන තුල දැකිය නොහැකි අතර මූල්‍යම ගැටලු, මෙම සංවිධාන දේශපාලනීකරණයට ලක් වීම, ප්‍රතිලාභ බෙදී යාමේ විශමතාව, මෙම සංවිධාන භෞතික සංවර්ධනය පිළිබඳ පමණක් අවධානය යොමු කිරීම මත මෙම සංවිධාන තුළ ගැටලු නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් ග්‍රාමීය ප්‍රජාව මෙම සංවිධාන කෙරෙහි දක්වන උනන්දුව අවම වී තිබේ. එමෙන් ම මෙම සංවිධාන කෙරෙහි පවතින පුද්ගල ආකල්ප ඔවුන්ගේ දැනුම මට්ටමට සාපේක්ෂ ව තීරණය වන බව ද මෙහිදී හඳුනාගනු ලැබීය. මෙහි දී ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීම උදෙසා යම් කාර්යය කොටසක් ස්වේච්ඡා සංවිධාන මගින් සිදු වුව ද දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මෙම සංවිධාන ස්වාධීන අයුරින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව අල්ප බව ගම්‍ය විය. මේ හේතුවෙන් ග්‍රාමීය දරිද්‍රතාවය අවම කිරීම උදෙසා සුබසාධක කටයුතු සිදු කිරීමේ දී විශමතාවක් හටගෙන ඇති අතර මෙම සංවිධාන මගින් ග්‍රාම සංවර්ධනය සඳහා යම් කාර්යය කොටසක් ඉටු කරනු ලැබූව ද එය ග්‍රාමීය ජනතාවගේ දිලිඳුබව පිටු දැකීමටත්, ග්‍රාමීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත් ප්‍රමාණවත් නොවන බව තහවුරු විය. මේ හේතුවෙන් ග්‍රාමීය සංවර්ධනය උදෙසා විවිධ ව්‍යාපෘති නිර්මාණය කිරීම, දේශපාලන මැදිහත්වීම්වලින් තොර වීම, මෙම සංවිධාන සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ ම දායකත්වය ලබා ගැනීමට කටයුතු කිරීම, පෞද්ගලික අරමුණු පසෙක තබා පොදුවේ ග්‍රාම සංවර්ධන ඉලක්ක උදෙසා ප්‍රතිපත්ති, නීති රීති සකස් කිරීම ආදිය මගින් ප්‍රජාමූල ස්වේච්ඡා සංවිධානවලින් ග්‍රාමීය සංවර්ධනයේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගත හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject ග්‍රාමීය දරිද්‍රතාවය en_US
dc.subject ග්‍රාමීය ප්‍රදේශ en_US
dc.subject ග්‍රාමීය සංවර්ධනය en_US
dc.subject ප්‍රජාමූල ස්වේච්ඡා සංවිධාන en_US
dc.subject සංවර්ධන ඉලක්ක en_US
dc.title ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජ සන්දර්භය තුළ ප්‍රජා මූල ස්වේච්ඡා සංවිධානවල භූමිකාව ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියට සිදුකරන බලපෑම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account