P 24 ග්‍රාමීය කෘෂිකාර්මික අංශයේ ගැටළු විසදීම සඳහා ප්‍රජා සහභාගිත්ව ග්‍රාමීය ප්‍රවේශය යොදා ගැනීමේ වැදගත්කම (මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්)

Show simple item record

dc.contributor.author චම්පිකා, ඩී.කේ.
dc.contributor.author ගුණවර්ධන, ඒ.ඩී.
dc.date.accessioned 2024-01-02T10:07:31Z
dc.date.available 2024-01-02T10:07:31Z
dc.date.issued 2013-03-20
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15774
dc.description.abstract ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන කෘෂීකාර්මික අංශය ආශ්‍රීතව ගැටළු රාශියක් පවතින අතර ඒ සඳහා ලැබී ඇති විසඳුම් සාර්ථක නොවීම තුළ ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑමක් එල්ලවිය හැකිය. එම කෘෂිකාර්මික ගැටළු හඳුනාගෙන සාර්ථක විසඳුම් ලබාදීම කඩිනම් කලයුතු අතර ඒ සඳහා ප්‍රජා සහභාගීත්ව ග්‍රාමීය ප්‍රවේශ ක්‍රවේදය (PRA) යොදාගැනීමේ වැදගත්කම මෙහිදී අධ්‍යයනය කරන ලදි. පර්යේෂණය සඳහා ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රවේශය යටතේ ප්‍රාථමික සහ ද්වීතික දත්ත භාවිතා කළ අතර මුලටියන හා කඔුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල PRA ක්‍රමවේදය භාවිතයෙන් කෘෂි ගැටළු සඳහා විසඳුම් ලබාදුන් වැඩසටහන් ද්විත්වයක්වන කෘෂි බිම්වලට ගංවතුරින් සිදුවන හානිය අවම කිරීම සඳහා පැතිබැමි ඉදිකිරීම හා වගාවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ලෙස එම ප්‍රදේශයේ සෑම ගොවි බිමකම වී වගා කිරීමේ සෑම පියවරක්ම එකම කාලයකදී ආරම්භ කිරීමේ වැඩසටහනක් පවත්වාගෙන යාම සහ ඊට අමතරව මෙම කොට්ඨාසය තුළම වෙනත් ප්‍රදේශයක PRA ක්‍රමවේදය භාවිතා කිරීමකින් තොරව ගොවි බිම් ආරක්ෂා කිරීම සඳහා ඇළ මාර්ග පිළිසකර කිරීම හා වගා ආරක්ෂාව සඳහා කෘමිනාශක ඉසින ටැංකි බෙදාදීමේ වැඩසටහනක් පිළිබඳව සිද්ධි අධ්‍යයනය කළ අතර තොරතුරු හා දත්ත විස්තරාත්මක විශ්ලේෂණය හා කේනද්‍රීය ප්‍රවණතා මිණුම් භාවිතා කරමින් විශ්ලේෂණය කරන ලදි.මෙහිදී ලැබුණු ප්‍රතිඵල මත ගොවීන්ගේ අවශ්‍යතා අනුව ප්‍රමුඛ ගැටළුවට විසදුම් ලැබීම, එමඟින් අතිතයට සාපේක්ෂව අස්වනු හානිය විශාල ලෙස අවම වීම, සාමාන්‍යයෙන් වී වැපිරීම අස්වනු ලබා ගැනීම අතර අනුපාතය කුරුණි 1:30 සිට 1:38 දක්වා වැඩි වී තිබීම, ගොවීයාගේ සාමාන්‍ය ආදායම 26%කින් පමණ ඉහළ යාම ආදී සධක මත PRA ක්‍රමවේදය භාවිතා කරමින් කෘෂිකාර්මික ගැටළු සඳහා ලබාදුන් විසදුම් කෘෂි ආර්ථික හා ගොවි ජනතාවගේ ජිවන තත්වය පැවති මට්ටමින් ඉහළට ගැනීමට හේතු වූ බව පැහැදිළි විය. PRA භාවිතා කිරීමකින් තොරව ලබාදෙන ලද විසදුම් කෘෂි ආර්ථිකය හා ගොවි ජනතාවගේ ජිවන තත්වය ඉහළට ගැනීමට හේතු වී නොමැති සහ එම එම ගැටළු තිව්‍රර කිරීමටද හේතු වී ඇති බව හඳුනාගත හැකිවිය. ඒ අනුව මෙම පර්යේෂණය මඟින් ලැබු නිගමන මත ග්‍රාමීය කෘෂිකාර්මික ගැටළු විසදීමේදී PRA භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බවත් එය ගැටළු විසදීම සඳහා තිරසාර විසඳුම් ලැබීමට බොහෝසෙයින් ඉවහල්වන අතර එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකය සුරක්ෂිත කිරීමේ හැකියාවද ලැබේ. en_US
dc.language.iso sin en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject ශ්‍රී ලංකා ආර්ථිකය en_US
dc.subject ග්‍රාමීය කෘෂිකාර්මික ගැටළු en_US
dc.subject ප්‍රජා සහභාගීත්ව ග්‍රාමීය ප්‍රවේශය en_US
dc.subject ගොවි ජනතාව en_US
dc.title P 24 ග්‍රාමීය කෘෂිකාර්මික අංශයේ ගැටළු විසදීම සඳහා ප්‍රජා සහභාගිත්ව ග්‍රාමීය ප්‍රවේශය යොදා ගැනීමේ වැදගත්කම (මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account