dc.contributor.author |
රාජපක්ෂ, ඩී. |
|
dc.date.accessioned |
2024-01-03T05:44:01Z |
|
dc.date.available |
2024-01-03T05:44:01Z |
|
dc.date.issued |
2013-03-20 |
|
dc.identifier.citation |
රාජපක්ෂ, ඩී. (2013). සාරභූමි (Good Earth) නවකථාවෙහි නිරූපිත ස්ත්‍රී ක්ෂතිය (Trauma): චීන ජන සමාජයෙහි විස්තෘත පා වෙළීම (Foot Binding), බිළිඳි ඝාතනය (Female Infanticide) සහ ස්ත්‍රී වහල්භාවය (Female Slavery) පිළිබඳ විමර්ශනයක්. 10th Academic Sessions & Vice – Chancellor’s Awards, University of Ruhuna, Matara, Sri Lanka. |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15777 |
|
dc.description.abstract |
වර්තමාන චීනය යනු සංවර්ධනයේ ප්‍රවේගය ඔස්සේ ලෝක අවධානය දිනා ගත් රටකි. අද්‍යතන චීන කාන්තාව පුරුෂයා හා සම අයිතිවාසිකම් භූක්ති විඳිමින් කාර්ය සංසිද්ධීන්හි නිරත වුවත්,ක්‍රි.ව 1900ට පූර්ව යුගයෙහි විසු ස්ත්‍රිය මානව අයිතිවාසිකම් නො ලද කෙනෙකු ලෙස ඉතිහාස ගත වී තිබේ. ඉපැරණි චීන සංස්කෘතියෙහි නිර්මිත “පවුල” තුළ ස්ත්‍රිය වෙනුවෙන් ගොඩනැඟුණු පිළිගත හැකි භුමිකාවක් නොවුණු අතර වහල් සේවිකාවන්, අනියම් බිරින්දෑවරුන් සහ වෛශ්‍යාවන් ලෙස කල් ගෙවීමට ඇයට සිදු විය. කිසියම් ස්ත්‍රියක් උත්පත්තියෙන් ප්‍රිය මනාප දේහයකට හිමිකම් නොලැබීම ඇගේ වහල්භාවයට හේතු වු අතර, යමෙකු ශාරීරික රූප සෞන්දර්යයෙන් ශෝභමාන වීම වහල්භාවයෙන් මුත්ත වීමට ද හේතු විය. එහෙත් නූතනත්වයේ සංඥා මඟින් පැරණි චීනය අනුක්‍රමයෙන් පරිවර්තනය වන්නට වූ අතර, 19 වන සියවසේ බටහිර මිෂනාරීවරුන්ගේ ආගමනය සහ ප්‍රාචීන ප්‍රතිසංස්කරණවාදී මතවාද, නවීනත්වයේ හැරවුම් ලක්ෂ්‍යය උදා කළේ ය. 1949 චීනයේ සිදු වු කොමියුනිස්ට් විප්ලවය එහි ප්‍රතිඵලයකි.පූර්ව විප්ලවීය යුගයේ නවකථාකරණයේ නියැලුණු ඇමරිකානු ලේණිකාවක වූ පර්ල් එස්. බක් (1892-1973), චීන කාන්තාව විෂයෙහි සිදු වූ මේ අසාධාරණ පෙළීම නිරීක්ෂණය කොට, තමාගේ ස්ත්‍රීවාදී පර්යාවලෝකනය සාරභූමි(Good Earth - 1931)නවකථාවේ ප්‍රධාන කාන්තා චරිත නිරූපණයේ ව්‍යංග්‍යාර්ථ ගත කළා ය. අයිතිහාසික ප්‍රබන්දයක් (Historical Fiction) ලෙස සැලකෙන මේ නවකථාවට 1938 දී නොබෙල් ත්‍යාගය හිමි වුණි.සාම්ප්‍රදායික චීන ගැමි ගොවියෙකු සහ ඔහු විසින් සිය බිරිඳ වශයෙන් මිලට ගනු ලැබු වහලියකගේ ජීවන වෘත්තාන්තය මෙයට වස්තු විෂය වී තිබේ. ග්‍රාමීය ගොවියාගේ විශ්වීයකරණය නිරූපණය කිරීම මෙහි මුඛ්‍ය අරමුණයි.එහෙත් චීන ජන සමාජයේ ජිවත් වූ පීඩිත ස්ත්‍රීයගේ ක්ෂතිය (Trauma) නිරූපණය කොට දැක්වීම ද මෙහි තවත් අරමුණක් යැයි හැගෙන්නේ සමස්ත නවකථාව පුරා නිහඬව දොංකාර නංවන ස්ත්‍රී චිත්‍ත සංක්ෂෝභය, පා බැඳීමේ චාරිත්‍රය, බිළිඳි ඝාතනය සහ දියණියන් වහලියන් සේ විකිණිම යන ක්‍රියා හා සම්පාත වෙමින් කතාව එක දිගට ගලා යන නිසා ය. පා වෙළන ලද ගැහැණිය බාල්දි දහසක් පිරෙන්නට තරමේ කඳුළු සලන විට, පා නොබැඳි ගැහැණිය බාල්දි පන්දහසක් පිරෙන තරමට කඳුළු සලන්නේ ය. මේ සමාජ සත්‍ය සාම්ප්‍රදායික චීන ගැහැණියකගේ ක්ෂති තත්ව උත්පාදනය කොට ඇති ආකාරය පිරික්සීම මේ අධ්‍යයන පත්‍රිකාවේ අරමුණ වෙයි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
University of Ruhuna, Matara, Sri Lanka |
en_US |
dc.subject |
සාර භූූමි |
en_US |
dc.subject |
පර්ල් එස්. බක් |
en_US |
dc.subject |
පා වෙළීම |
en_US |
dc.subject |
බිළිඳි ඝතනය |
en_US |
dc.subject |
වහල් වෙළදාම |
en_US |
dc.title |
P 25 සාරභූමි (Good Earth) නවකථාවෙහි නිරූපිත ස්ත්‍රී ක්ෂතිය (Trauma): චීන ජන සමාජයෙහි විස්තෘත පා වෙළීම (Foot Binding), බිළිඳි ඝාතනය (Female Infanticide) සහ ස්ත්‍රී වහල්භාවය (Female Slavery) පිළිබඳ විමර්ශනයක් |
en_US |
dc.type |
Article |
en_US |