dc.description.abstract |
අමනුෂ්‍ය උපද්‍රව සහ රෝග පීඩාදී මිනිස් දිවියට පීඩා පමුණුවන කාරක දුරු කොට සෞභාග්‍යය උදා කර ගැනීම සඳහා සිංහල ශාන්තිකර්ම බිහි විය. ඒවා උඩරට, පහතරට, සබරගමු යනාදී වශයෙන් භූගෝලීය පිහිටීමට අනුව ප්‍රවර්ග කර හඳුනා ගත හැකි අතර, පහතරට ප්‍රදේශයෙහි යකුන් විෂයයෙහි පවත්නා ශාන්තිකර්ම වශයෙන් සන්නියකුම, රිද්දියාගය, මහසෝන් සමයම, සූනියම් ශාන්තිය, කළුකුමාර සමයම, ගොපලු සමයම යනාදිය සැලකෙයි. රිද්දියාග මංගල්‍යය පහතරට ප්‍රදේශයන්හි යක්ෂයින් උදෙසා පවත්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්මයක් වන අතර මාතර, බෙන්තර ප්‍රදේශවල මෙය ප්‍රචලිත ව පවතියි. සිංහල නර්තන කලාවෙහි භාව පූර්ණ නෘත්‍ය රංග ලක්ෂණවලින් සැදුම් ලත් මෙය කාන්තාවන් උදෙසා යකුන් විෂයයෙහි පවත්වන එක ම ශාන්තිකර්මය යි. ගර්භ සංරක්ෂණය මූලික කොට ගනිමින් විවාහයෙන් පසු දරු ඵල නොමැති කාන්තාවන් උදෙසා දරු ගැබ් ඇති කර ගැනීම, ගර්භිණී කාන්තාවන්ට ආරක්ෂාව සලසා දීම, අතුරු අන්තරාවකින් තොර ව බිහි කිරීමට මානසික පසුබිම සැකසීම, සශ්‍රීකත්වය හා සෞභාග්‍යය යන මූලික පරමාර්ථ පෙරදැරි කරගෙන රිද්දියාගය ශාන්තිකර්මය පැවැත්වේ. එහි දී උපත් කථාව, සංවාද, ගායනා, පූජා චාරිත්‍ර, නාට්‍යමය පෙළපාලි හා රංග භාණ්ඩ ආදි සියලු රංගෝපක්‍රම මගින් ශාන්තිකර්මකරුවා ඉතා සියුම් ආකාරයෙන් දරුවන් නොමැති කාන්තාවට හෝ ගර්භනී කාන්තාවට මානසික සුවයක් ලබා දෙන අතර මානව හිතවාදී සානුකම්පිත දෘෂ්ටියකින් බැලීම සිදු ව ඇත. මෙලෙස රිද්දියාගය ශාන්තිකර්මයෙන් මනෝ චිකිත්සාව හා ගර්භාරක්ෂණය සිදු වන්නේ කෙසේ ද යන පර්යේෂණ ගැටලුවට අනුව සිදු වන මෙම අධ්‍යයනයේ දී ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත වුණි. මූලික වශයෙන් පුස්තකාල පරිශීලනය මගින් ප්‍රාථමික හා ද්විතීයික දත්ත රැස් කර ගන්නා අතර සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් සහභාගීත්ව නිරීක්ෂණය සහ ප්‍රත්‍යෙයක අධ්‍යයනය මගින් තොරතුරු විශ්ලේෂණය සිදු ව ඇත. |
en_US |