චෛතසික රෝග පිළිබඳ බෞද්ධ ආකල්ප : අභිධම්මික අකුසල චෛතසික ඇසුරින්

Show simple item record

dc.contributor.author විජිත හිමි, කොග්ගල්ලේ
dc.date.accessioned 2025-01-03T06:42:07Z
dc.date.available 2025-01-03T06:42:07Z
dc.date.issued 2019-03-06
dc.identifier.citation Vijitha Thero, Koggalle. (2019). චෛතසික රෝග පිළිබඳ බෞද්ධ ආකල්ප : අභිධම්මික අකුසල චෛතසික ඇසුරින්. 16th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka. 29. en_US
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/handle/iruor/18869
dc.description.abstract මානසික රෝගීන් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වලට අනුව අවිඥානය, උප විඥානය සහ විඥානයෙහි සෘණාත්මක ක්‍රියාකාරීත්වයට සාපේක්ෂ ව මානසික රෝග හටගන්නා බව මනෝවිද්‍යාඥ සිග්මන්ඩි ‍ෙෆ්‍රායිඩි පෙන්වා දෙයි. එසේ ම මානසිකව ඇතිවන ආබාධ, ව්‍යාකූලතා, කැළඹීම් ආදිය මානසික රෝග වශයෙන් හැඳින්විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. මානසික රෝග ඉංග්‍රීසි භාෂාවෙන් Mental disorder/Mental illness/Psychiatric disorder යනුවෙන් නම් කරයි. එහෙත් බුදුදහම මානසික රෝග හඳුන්වා ඇත්තේ චෛතසික රෝග යනුවෙනි. මානසික රෝග සඳහා රෝග කාරක වශයෙන් අකුසල චෛතසික මූලික වන බව බෞද්ධ ඉගැන්වීම් පරීක්ෂා කිරීමෙන් අනාවරණය කරගත හැකි ය. ඒ අනුව චෛතසික රෝග පිළිබඳ බෞද්ධ ආකල්ප විමර්ශනය කිරීම. මෙම පර්යේෂණයෙහි අපේක්ෂාවයි. මනස කේන්ද්‍රකොටගෙන ප්‍රභවය වන චෛත්‍යසික රෝග සඳහා අභිධර්මයෙහි ඉගැන්වෙන කවර චෛත්‍යසික මුලික වන්නේ ද යන්න අධ්‍යයනය කිරීම මෙහි පර්යේෂණ ගැටලුව යි. අභිධර්මයෙහි චෛතසික 52ක් උගන්වා ඇති අතර ඇතැම් චෛතසික මානසික රෝග සඳහා හේතුවන බව මානසික රෝග අධ්‍යයනය කිරීමෙන් හඳුනාගත හැකි ය. මෙම පරීක්ෂණයේදී මානසික රෝග අධ්‍යයනය සඳහා අදාළ ප්‍රාමාණික මූලාශ්‍ර භාවිතා කිරීම සිදුකරන ලදී. එසේ ම බුදු දහමේ ඉගැන්වෙන චෛතසික වර්ගීකරණය සහ ඊට අදාළ සූත්‍ර දේශනා අධ්‍යයනය ත්‍රිපිටකය සහ තදනු බද්ධ ප්‍රාථමික මූලාශ්‍ර ආශ්‍රයෙන් සිදුකරන ලදී. මේ සඳහා අදාළ ද්විතීක මූලාශ්‍ර අධ්‍යයනය ද සිදු කරන ලදී. මෙම පර්යේෂණ මගින් ඇතැම් මානසික රෝග සඳහා මූලික වන චෛතසික හඳුනා ගැනීමට හැකි විය. ඒ අනුව මානසික රෝග ඇතැම් චෛතසික හේතුවෙන් ප්‍රභවය වන බව නිගමනය කළ හැකි ය. බුදුදහම මානසික රෝග චෛතසික රෝග වශයෙන් හැඳින්වීම ඒ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද නිවැරදි ම සොයාගැනීමක් බව නිගමනය කිරීම මෙම පර්යේෂණ මගින් සිදු කරන ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject මනස en_US
dc.subject විඥානය en_US
dc.subject මානසික රෝග en_US
dc.subject චෛතසික en_US
dc.subject අකුසල චෛතසික en_US
dc.title චෛතසික රෝග පිළිබඳ බෞද්ධ ආකල්ප : අභිධම්මික අකුසල චෛතසික ඇසුරින් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account