නව යෞවන වියෙහි මුල් අවධියේ පසුවන්නන්ගේ සමාජ අන්තර්ක්‍රියා කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම පිළිබඳ අධ්‍යයනයක් (ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාසය ඇසුරින්)

Show simple item record

dc.contributor.author කරුණාතිලක, එස්.එස්.එම්
dc.date.accessioned 2025-03-07T06:39:33Z
dc.date.available 2025-03-07T06:39:33Z
dc.date.issued 2024-12-05
dc.identifier.issn 2706-0063
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/handle/iruor/19292
dc.description.abstract නූතන ලෝකයේ අනෙකුත් වයස් කාණ්ඩවල පසුවන්නන්ට සාපේක්ෂව බොහෝ නව යෞවන වියෙහි පසුවන්නන්ගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇත. ජැඉදදන, ෂබ්බටරප, බවජය්එ සහ ඔසන ඔදන වැනි පුළුල් පරාසයක් දක්වා විහිදුණු විවිධ සමාජ ජාල වේදිකා ඔස්සේ නව යෞවන වියෙහි පසුවන්නන් අන්තර් ක්‍රියා පැවැත්වීම ඔවුන්ගේ ජීවිතයට විවිධාකාර බලපෑම් එල්ල කර තිබේ. එවන් වාතාවරණයක් තුළ මෙම අධ්‍යයනය නව යෞවන වියෙහි මුල් අවධියේ පසුවන්නන්ගේ සමාජ අන්තර් ක්‍රියා කෙරෙහි සමාජ මාධ්‍ය බලපෑම විමර්ශනය කිරීම අරමුණු කර ඇත. ගුණාත්මක පර්යේෂණ සැලසුම යටතේ සිදු කළ මෙම අධ්‍යයනයට අරමුණු සහගත නියැදිය ඔස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වයස අවුරුදු 10 - 13 වියෙහි පසු වන පාසල් යෞවන යෞවනියන් 50 දෙනෙකුගෙන් යුක්ත නියැදියක් යොදා ගන්නා ලදී. දත්ත රැස් කිරීම ගැඹුරු සම්මුඛ සාකච්ඡා ක්‍රමය ඔස්සේ සිදු කරමින්, එලෙස ලබාගත් දත්ත තේමාකරණය ඔස්සේ විශ්ලේෂණය කර ඇත. අධ්‍යයන සොයාගැනීම්වලට අනුව නව යෞවන වියෙහි මුල් අවධියේ පසුවන්නන්ගේ අන්තර් ක්‍රියාවන්ට බහුවිධ හා සංකීර්ණ බලපෑමක් සමාජ මාධ්‍ය මගින් සිදුකර තිබේ. නූතනයේ පුළුල් ව සහ පහසුවෙන් අන්තර් ක්‍රියා පැවැත්වීමට යොදාගත හැකි මාධ්‍යයක් වශයෙන් නව යෞවනයන් මෙය යොදා ගන්නා අතර, පුද්ගලානූරූපීව එයින් වන බලපෑම් ධනාත්මක සහ සෘණාත්මක වන බව මෙයින් අනාවරණය විය. පුද්ගල අන්තර් ක්‍රියා වර්ධනය, සහයෝගය ඇති කර ගැනීම, ඒ ඔස්සේ තමා අයත් බවට හැඟීම් ඇතිවීමට සමාජ මාධ්‍ය බලපා ඇත.එසේම අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය සමාජ සංසන්දනය,තමා පිළිබඳ හීනමාන ඇතිකර ගැනීම, සයිබර් හිරිහැරයන්ට ලක්වීම මත විවිධ භීතිකාවලට පත්වීම මෙන්ම මෘදු සමාජ කුසලතා වර්ධනය නොවීම ආදිය නව යෞවනයන්ගේ අන්තර් ක්‍රියාවන්වලට බලපා ඇති බවද මෙමඟින් සොයාගන්නා ලදී. ඒ අනුව මෙමඟින් මේ පිළිබඳ වගකිවයුතු පුද්ගලයන්ගේ අවධානය යොමු කරමින්,සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ නව යෞවනයන්ට මාර්ගෝපදේශ සපයමින්, සුදුසු උපායමාර්ග හඳුන්වාදීම මගින් සමාජ මාධ්‍ය භාවිතයෙන් නව යෞවන වියෙහි මුල් අවධියේ පසුවන්නන් තුළ ධනාත්මක අන්තර් ක්‍රියාවන් ප්‍රවර්ධනය කළ හැකි බව පැහැදිලි වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Science, University of Ruhuna,Matara, Sri Lanka. en_US
dc.subject නව යෞවනයන් en_US
dc.subject මුල් අවධිය en_US
dc.subject සමාජ අන්තර් ක්‍රියා en_US
dc.subject සමාජ මාධ්‍ය en_US
dc.title නව යෞවන වියෙහි මුල් අවධියේ පසුවන්නන්ගේ සමාජ අන්තර්ක්‍රියා කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම පිළිබඳ අධ්‍යයනයක් (ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාසය ඇසුරින්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account