පුස්තකාලයාධිපතිත්වය, වෘත්තීය කාර්යය හා අභියෝග පිළිබද විමර්ශනාත්මක ප්‍රවේශයක්

Show simple item record

dc.contributor.author ලාල් පන්නිල, යු. ඒ.
dc.date.accessioned 2021-04-27T06:58:25Z
dc.date.available 2021-04-27T06:58:25Z
dc.date.issued 2019-12
dc.identifier.citation ලාල් පන්නිල, යූ.ඒ., (2019). පුස්තකාලයාධිපතිත්වය, වෘත්තීය කාර්යය හා අභියෝග පිළිබද විමර්ශනාත්මක ප්‍රවේශයක්. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ සඟරාව, 8(2), 77-87. en_US
dc.identifier.issn 1800-3486
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/2581
dc.description.abstract මානව සමාජයේ සංවර්ධන ඉලක්ක ඇතුළු නොයෙක් අවශ්‍යතා සපුරා ගනීම සදහා විවිධ හැකියාවන් සහිත මානව සම්පත් අවශ්‍ය ය. එසේ ම ඈත අතීතයේ සිට ම මිනිසා සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා යම් යම් ක්‍රියාකාරකම්වල නිරත වූ බව දැකිය හැකිය. ඒ අනුව පසුකාලය වන විට ඔහු තමාගේ හුදු පුද්ගල අවශ්‍යතා සදහා පමණක් වෙහෙසීම ඉක්මවා ගියේ ය. එහි දී සිය කුටුම්භ පෝෂණයෙන් පමණක් සෑහීමට පත් නො වූ මානවයා ඉන් ඔබ්බට ගොස් තමා ජීවත් වන සමාජයේ විවිධ අවශ්‍යතා සදහා අවැසි යම් යම් කටයුතුවල ද නිරත වන්නට විය. පුද්ගලයෙකු තම ජීවනෝපාය සදහා නිරත වූ එම ක්‍රියාව කාලයාගේ ඇවෑමෙන් වෘත්තියක් බවට පත්විය. ඒ අනුව මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම මිනිසා යම් යම් වෘත්තීන්වල යෙදෙනු දැක ගත හැකි ය. ඒ සෑම වෘත්තියක ම එහි ආරම්භය, විකාශය, වෘත්තීය අපේක්ෂාවන් සහ අභියෝග ද දැක ගත හැකි විය. මානව සමාජයේ සාර්ථක ගමනට එරෙහිව පැන නගින ගැටලුවලට විසදුම් සෙවීම එම වෘත්තීයේ යෙදෙන්නන්ගේ හා වෘත්තීය සංවිධානවල සෑම සාමාජිකයෙකුගේ ම අභිප්‍රාය යි. සමස්ත ලෝකවාසීන් විසින් බිහි කරනු ලබන දැනුම නැතහොත් සාහිත්‍ය වෙත පිවිසීම, කළමනාකරණය, හා සංනිවේදනය පුස්තකාලයාධිපතිත්වයේ හරය යි. මෙම ලිපියෙන් පුස්තකාලයාධිපතිත්වයේ වෘත්තීයභාවය පිළබද අපේක්ෂාවන් හා අභියෝගයන් අවධාරණය කරමින් සාකච්ඡා කරන අතර එයට බලපාන සාධක කිහිපයක් ද හදුනා ගනිමින් ඒවාට විසදුම් යෝජනා ඉදිරිපත් කිරීම ද සිදුවේ. මෙහි දී පුස්තකාලයාධිපතිත්වයේ වෘත්තියභාවය කෙරෙහි මූලිකව ම අවධානය යොමු කරමින් පුස්තකාලයාධිපතිවරුන්ගේ කාරයයන්, අභියෝග සහ ඉදිරි මාවත කෙරෙහි ද සලකා බලනු ලැබේ. වෘත්තියක්, වෘත්තීය සහ වෘත්තීයභාවය පිළිබද දළ විශ්ලේෂණයක් සිදු කරන අතර වෘත්තියේ ලක්ෂණ, වෘත්තියක් ලෙස පුස්තකාලයාධිපතිත්වය, වෘත්තීය අචාරධර්ම, පුස්තකාලයාධිපතිත්වයයේ අභියෝග, පුස්තකාල වෘත්තීය මුහුණ දෙන බාධක සහ ඒවා ජය ගත හැකි ආකාරය පිළිබද යෝජනා හා විසදුම් ඉදිරිපත් කිරීම ද මෙම ලිපියෙන් අපේක්ෂා කෙරෙයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka. en_US
dc.subject වෘත්තීය හා වෘත්තීයභාවය en_US
dc.subject පුස්තකාලයාධිපති en_US
dc.subject පුස්තකාලයාධිපතිවරුන්ගේ කාරයභාර්ය en_US
dc.subject පුස්තකාලයාධිපතිවරුන්ගේ අභියෝග en_US
dc.title පුස්තකාලයාධිපතිත්වය, වෘත්තීය කාර්යය හා අභියෝග පිළිබද විමර්ශනාත්මක ප්‍රවේශයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account