Abstract:
පසුගිය දශක දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ සමාජ වෙනස් වීම තුළ වර්ධනය වූ අනෝමීයත්වය සහ එහි ප්රතිභඵල නම් වූ මෙම පර්යේෂණාත්මක නිබන්ධය රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කෙරෙන්නකි.
සමාජ විද්‍යා බටහිර යුරෝපා සමාජයේ කාර්මික විප්ලවය සහ ප්‍රංශ විප්ලවය ඇතුළු සමාජ වෙනස්වීම් මුල් කරගෙන ආරම්භ වූ විෂයකි. ඒ මීට සියවස් එකහමාරකට පෙර ය. ශ්‍රී ලාංකික සමාජවිද්‍යාවේ ආරම්භය පසුගිය සියවස මැද භාලය දක්වා දිව යයි. එසේ වුව ද ලාංකික සමාජවිද්‍යාව තුළ ව්‍යවහාරික නැඹුරුවක් ඇති වන්නේ 1970 දශකයෙන් පසුව ය. සමාජ පර්යේෂණ සඳහා සමාජවිද්‍යාව විෂය තුළ හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඊට හේතුව එම පර්යේඹණයන් විෂයෙහි විකාශනය සඳහාත්, මානව චර්ගයාගේ යහපත සඳහාත්, හේතු වන බැවිනි.
එංගලන්ත, ප්‍රංශය හෝ ජර්මනිය වැනි බටහිර යුරෝපා සමාජවල මෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදය වැනි සමාජවල ද ධනවාදයේ නැගීමත් සමග සිදු වූ සමාජ වෙනස් වීම සමාජීය මිනිසාගේ චින්තනය සහ චර්යාව කවර ආකාරයේ බලපෑම් සිදු කර තිබේද යන්න පිළිබඳ ව විවිධ මට්ටමේ සමාජ පර්යේෂණ සිදු කර තිබේ. අනෝමීයත්වය පිළිබඳ න්‍යාය ගොඩ නැගී ඇත්තේ එම අධ්‍යයනයන් හි ප්‍රතිඵල හැටියට යි. එකී සමාජයන් හි අපගාමීත්වය තේරුම් ගැනීමේ දී මේ අනෝමීයත්වය නම් සංකග්පය භාවිත කර ඇත.