මාර්ටින් වික්‍රමසිංහ සංස්කෘතික චින්තනය පිළිබඳ විමර්ශනයක්

Show simple item record

dc.contributor.author කරුණානායක, පී.ඒ
dc.date.accessioned 2022-06-27T04:01:04Z
dc.date.available 2022-06-27T04:01:04Z
dc.date.issued 2011-02-22
dc.identifier.issn 1391-8613
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/6247
dc.description.abstract ලංකාව තුළ සංස්කෘතිය නැමැති සංකල්පය පෝෂණය කළ මෑත කාලීන විද්වතුන් අතර ප්‍රමුඛයෙකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ හඳුනාගත හැකිය. සංස්කෘතිය සම්බන්ධයෙන් වන ඔහුගේ අදහස් බහුමාන ද එක්තරා දුරකට ව්‍යකූල ද සමහර තැනක දී ප්‍රතිවිරෝධී ද වෙයි. කෙසේ වෙතත් සංස්කෘතිය සම්බන්ධයෙන් වන ප්‍රධාන ධාරවේ සංකල්පීකරණයෙහි ප්‍රමුඛ ලක්ෂණයක් වන සංස්කෘතිය විදග්ධ සම්ප්‍රදායට ගළපාලීමේ ප්‍රවනතාවට විකල්පව සංස්කෘතිය “ සාමාන්‍ය පොදු ජනයාගේ සංස්කෘතිය” ලෙස හඳුනාගැනීමට මාර්ටින් වික්‍රමසිංහ ගේ ඇතැම් ලේඛනවල දී උත්සාහ දරනු ලැබ ඇත. සිය සාහිත්‍ය විචාරයන්හි දී ද සංස්කෘතිය පිළිබඳ ඇතැම් රචනාවල දී ද මාර්ටින් වික්‍රමසිංහ ප්‍රභූ ජන ජීවිතය හා විදග්ධ කලාවන් වෙනුවට ජන සමිප්‍රදාය මුලික කරගත් පොදු ජන සංස්කෘතිය ඇගයීමට ලක් කර ඇත. අපගේ ජාතික සංස්කෘතික උරුමය නොනැසී රුදී ඇත්තේ අපේ ගැමි ජනතාවගේ ජිවිතයෙහි සහ ඔවුන්ගේ සංස්කෘතියෙහි බව වික්‍රසිංහයන්ගේ මතය විය. වික්‍රමසිංහගේ “ උපන්දා සිට” කෘතියෙහි දී ඔහු මෙවන් විස්තරයක් කරයි. “ මගේ කය වැඩුණේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුණාක් මෙනි. සිත වැඩුණේ වෙනස් විදියකිනි. උසස් විදුහලකීන් හෝ පඪිවරයෙකුගෙන් හෝ පිළිවෙළින් උගැන්මක් නොලත් මා දැනුම ලැබුවේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙනි...” වික්‍රමසිංහයන්ගේ චින්තනයේ මූලබීජය හටගත්තේ ගැමි පරිසරය ඇසුරු කොටගෙනය. ඔහු සිය කෘති තුළින් ඵෙතිහාසික පෙරළිය පිළිබඳ යථාර්ථය අවබෝධ කර දුන් අතරම ඒ පෙරළිය අප සංස්කෘතික හරයන්ට ගැළපෙන පරිදි, අප සංස්කෘතික ආත්මය රැකදෙන පරිදි සකස් කර ගත යුතු බව ද පෙන්නුම් කළේය. එසේ කටයුත්තේ දී ඔහු පුරෝගාමී වී අපගේ සංස්කෘතියෙහි පෙකණිවැල සොයා දීමෙන් අප අවදි කළේය. එසේ කිරීමෙන් සෑහිමකට පත් නොවු ඔහු පිටතින් ගත් අවයව, අදහස්, තාක්ෂණය යනාදිය තළා පෙළා දිරවාගෙන අපේ සංස්කෘතියෙහි වැඩීමට හේතුවන පරිදි යොදා ගත හැකි අයුරු පෙන්නුම් කළේ අත්හදා බැලීමෙන්ය. ඔහු න්‍යායවාදියෙකු ලෙස කිසිවක් නොපිළිගත්තේය. දර්ශනයක් ඉදිරිපත් කළේ ද නැත. බැහැරින් ගත් අංග අපගේම අවයව කර ගැනීමේ මග පෙන්නුම් කළා පමණි. සංස්කෘතිය ලංකාවේ ප්‍රධාන ධාරාවේ සංකල්පගත කිරීම තුළ මාර්ටින් වික්‍රමසිංහගේ සම්ප්‍රදානය කැපී පෙනෙන අතර ලංකාවේ ප්‍රධාන ධාරාවේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියක් ලෙස තහවුරු කිරීමේහි ද ඔහුගේ දායකත්වය සුවිශේෂීය. වික්‍රමසිංහ සංස්කෘතික චින්තනය තුළ ඔහුගේ සමිභාවනාවට පාත්‍ර වූ ගැමි බෞද්ධ සංස්කෘතිය හඳුනාගැනීම සඳහා ස්වකීය අත්දැකීම් හා ජීවන රටාවන් ස්මරණය කරමින් ස්වකීය ආධ්‍යාත්මය තුළට එබී බැලීමට ගත් උත්සාහය “ අපේ ගම” කෘතියෙන් පිළිබිඹු වෙයි. මාර්ටින් වික්‍රමසිංහ සංස්කෘතිය සම්බන්ධයෙන් පවසන අදහස් ඔහුගේ ප්‍රබන්ධ නොවන රචනා පුරාම විසිරී පවතී. එහෙත් මේ අධ්‍යයනයේ දී ප්‍රබන්ධමය නොවන රචනාවලට ප්‍රමුඛත්වය හිමිවන අතර විශේෂිත අවස්ථාවල පමණක් ප්‍රබන්ධමය රචනා ද අවධානයට ලක් කෙරෙයි.
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject පොදුජන සංස්කෘතිය en_US
dc.subject ගැමි බෞද්ධ සංස්කෘතිය en_US
dc.subject සංස්කෘකිනමය පරිණාමය en_US
dc.subject ජන සම්ප්‍රදාය en_US
dc.subject නාගරික බමුණු සංස්කෘතිය en_US
dc.title මාර්ටින් වික්‍රමසිංහ සංස්කෘතික චින්තනය පිළිබඳ විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account