Abstract:
ළමයින් අරමුණු කර ගත් සාහිත්‍යයක් වැනි සියවසේ මුල් භාගය වන තෙක් සිංහල භාෂාවෙන් රචනා වූ බවට සාක්ෂ්‍ය හමු නොවන අතර අනුරාධපුර රාජධාන් සමයේ සිට සිංහල භාෂාවට සහ සාහිත්‍යයට බලපෑ පාලි, සංස්කෘත සාහිත්‍යයෙහි ද සම්බන්දයක් පැවැති බවට සාක්ෂ්‍ය විද්‍යාමාන නො වේ. පොදුවේ ගත් කල ආසියාතික සාහිත්‍යයෙහි ද විසි වැනි සියවසේ උදාව තෙක් ළමා සිහිත්යයක් පැවැති බවට සාක්ෂ්‍ය නැත. ක්‍රි.ව . 16 වැනි සියවසෙහි පමණ සිට බටහිර සහ යුරෝපා රටවල තහවුරු වු සාහිත්‍ය උරුමය අද දක්වා අබණ්ඩ ව පැවැත එයි. ඊට අමතර ව එම රටවල දීර්ඝ කාලයක සිට මුඛ පරම්පරාගත ව පැවැත එන සුරංගනා කථා සාහිත්‍යයක් පැවැතීම ද විශේෂත්වයකි. ප්‍රංශ විප්ලවයෙන් පසු ආසන්න වකවානුවක නිදහස් පුද්ගලයාගේ බිහි වීමත් සමග එකී පුද්ගලයාගේ ජීවිතයේ ළමා කාලය ශික්ෂණය කිරීමේ මාර්ගයක් ලෙස ළමා සාහිත්‍යය බිහි විය. ලංකාව ඇතුළු ආසියාතික රටවල ළමා සාහිත්‍ය ව්‍යාප්තිය ඇරඹෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ ග්‍රහණයට එම රටවල් නතු වීමෙහි ප්‍රතිළුලයක් වශයෙනි. සාම්ප්‍රදායික සමාජ ආර්ථික ව්‍යුහ මත ධනවාදය උපරි ආරෝපණය කිරීම හේතුවෙන් නව ජීවන තත්වයන්ට හැඩගැසීම, ඉංග්‍රිසි අධ්‍යාපනයේ ව්‍යාප්තිය සමග බැදුණු ඉංග්‍රිසි සාහිත්‍යයේ බලපෑම, පෙරදිග වැසියන්ගේ මනස යටත්විජිත අවශ්‍යතාවන් ගැලපෙන පරිදි හැඩගැස්වීම යන ලක්ෂණ සහ අරමුණු පෙරදිග අලුතින් ව්‍යාප්ත වු ළමා සාහිත්‍යයේ මෙන් ම ලාංකේය ළමා සාහාත්යයෙහි ද අන්තර්ගත විය. ලංකාවේ ළමා සාහිත්‍යය ආරම්භ වන්නේ කොළඔ කවියේ ප්‍රථම තරංගය නියෝජනය කළ කවි පරපුරෙනි. වෙනම ගුරුකුලයක් ලෙස සංවිධානය වුවත් හෙළ හවුල ද කාලය අතින් සමාන්තර වන්නේ කොළඔ කවියේ ප්‍රථම තරංගයට ය. මෙකී කවීන්ගෙන් කිහිප දෙනෙකු සිංහල ළමා කවියෙහි සමාරම්භක වනවානුව ප්‍රභාමත් කළ බව ප්‍රකට ය. සිංහල සාහිත්‍යයෙහි කලින් නො පැවැති නව සාහිත්‍යාංග යක් මේ කවි පරපුර වෙතින් නිර්මාණය වීමෙහි ලා ධනවාදයේ උපරි ආරෝහණය හැරුණු විට බලපෑ වෙනත් සාධක කෙරෙහි විචාරක අවධානය සැලකිය යුතු අන්දමින් මේ දක්වා යොමු වී නැත. කොළඔ කවියෙහි ප්‍රථම තරංගය සහ හෙළ හවුල නියෝජනය කළ කවීහු ස්වකීය කවිත්වය ජාතක ව්‍යාපාරයේ අරමුණු සාක්ෂ්යාත් කර ගැනීමට යෙද වූහ. ඔවුන් පැතු නිදහස භුක්ති විදිනු ඇතැයි ඔවුන් පැතු නිදහස භුක්ති විදිනු ඇතැයි විශ්වාස කළ අනාගත පරපුරෙහි රස මනස පෝෂණය ද මේ කවීන්ගේ එක් පැතුමක් වන්නට ඇත. එමෙන් ම මොවුන් තුළ පැවැති නිර්මාණාත්මක පරිකල්පනය ලිය ලා වැඩෙන්නට තිබු එක ම නිදහස් අඩවිය ළමා ලෝකයේ අදූෂිත කාල්පනික රජ දහන වන්නට ඇත. එවන් අනුමානයක් යුක්ති සහගත කිරීමෙහි ලා අප හමුවේ ඇති ප්‍රබල ම සාක්ෂ්‍ය වක්නේ කොළඔ කවියේ ප්‍රථම තරංගයෙන් පසු සියලු හිතකර තතු වර්ධනය වී තිබියදීත් තත්කාලීන ළමා සාහිත්‍යය අභිභවනය කිරීමට කිසිදු සිංහග කවියෙකුට නොහැකි වීම යි. ළමා සාහිත්‍යයෙහි සහ ළමා කාව්‍ය සාහිත්‍යයෙහි සම්භවනය කෙරෙහි ප්‍රධාන වශයෙන් ම බලපෑ තීරණාත්මක ම සාධකය වනුයේ උත්තරාරෝපිත ධනවාදය බව මෙම අධ්‍යයනයේ මුලික නිගමනය වුවත් ඉන් පරිබාහිර කරැණු ද ළමා කාව්‍යයෙහි සම්භවනය සඳහා පිටුබල සැපයී ය. ප්‍රධාන වශයෙන් ම ජාතික ව්‍යාපාරයේ ක්‍රියාධරයන් ලෙස ප්‍රධාන භූමිකාවක් නිරූපනය කළ සාහිත්‍යකරුවන් ළමා හද මනසෙහි ජාතික හැඟීම් ජනනය කිරීමේ ක්රමෝපායක් ලෙස ළමා කාව්‍ය රචනා කිරීම ආරම්භ කළ බව නිගමනය කළ හැකි ය .