Abstract:
වෙනත් කාව්‍ය නිර්මාණවලට වඩා සන්දේශ කාව්‍ය නිර්මාණවල තත්කාලීන සමාජ සංස්කෘතික තොරතුරු අන්තර්ගත වී තිබේ. ගිරා සන්දේශයෙහි අම්බලමේ කතා යනුවෙන් වෙන් කොට හඳුනාගත හැකි පද්‍ය පන්තීන්ගෙන් තත්කාලීන විනෝද සංස්කෘතිය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරනය වේ. මෙම අධ්‍යයනයේ මුලික අරමුණ වනුයේ ගිරා සන්දේශයෙහි අම්බලමේ කතාවෙන් හෙළි වන තත්කාලීන විනෝද සංස්කෘතිය හඳුනා ගැනීම ය. අධ්යටනය සඳහා දත්ත සම්පාදනය කර ගැනීමේ දී ප්‍රධාන වශයෙන් ම සාහිත්‍ය මුලාශ්‍රය භාවිත කරන ලදී.
අතීතයේ ජනයා විශේෂයෙන් ගමනාගමනයෙහි යෙදෙන විට ගිමන් හැරීම සඳහා භාවිත කළ ස්ථානය අම්බලම ලෙස හැදින්වේ. විවිධ තරාතිරම්වලට අයත් ජනයා බොහෝ විට අම්බලමේ රැඳී සිටිමින් දිවා කල විවේකී ව සිටිනවා පමණක් නො ව ඇතැම් විට රාත්‍රිය ද ගත කරති. අම්බලමේ කථාවේ එන ඇතැම් පද්‍යවලින් නිරූපිත ය. විවිධ ආකාරයේ පිරිස් අම්බලමට රැස් වන බව ප්‍රකාශ කිරීමෙන් එවක පැවැති සංස්තෘතික විවිධත්වය ද නිරූපණය කෙරේ.
මෙසේ විවිධ ජන කොටස් අම්බලමේ වෙසෙමින් ඔවුන්ගේ දෛනික ජීවන කටයුතුවලින් නිදහස් ව ගත කරන කාලයෙහි විවිධාකාරයෙන් විනෝද වූ බව අම්බලමේ කතාවේ වර්ණීත ය . ඇතැමෙක් බුදුගුණ ගයති. ඇතැමෙක් පෙර තමා උගත් රාම සීතා කතා කියති. තවත් ඇතැම්හු තේරවිලි කියති. තවත් පිරිසක් තම තමන්ගේ ජන ප්‍රධානීන්ගේ වරුණ කියති. ඔවුන් ඒ සියලු විනෝද මාධ්‍යයන් භාවිත කරනුයේ එතෙක් අත් විඳි කායික වෙහෙස නිවා තම ගත සිත විනෝදයෙන් තෘප්තිමත් කර ගැනීම සඳහා ය.
පැරණි ලාංකේය සමාජයෙහි විනෝද සංස්කෘතික කටයුතු සිදුවුයේ නිෂ්චිත කාල වකවානුවල දී ය. සිංහල ජන සමාජයෙහි ඒ සඳහා යොදා ගැනුණේ අලුත් අවුරුද්ද යි. නිෂ්පාදන ක්‍රියාවලියෙන් තාවකාලික ඉසිඹුවක් ලබන බක් මාසයේ දී විවිධ ජන ක්‍රීඩා පැවැත්වුයේ සශ්‍රිකත්වය වැනි අභිචාරාත්මක අරමුණු මුල් කරගෙන වුව ද විනෝදය ද එහි අරමුණක් විය. මෙවැනි වාර්ෂික සංස්කෘතික උළෙලවල් හැරුණු විට පැරණි සමාජයේ ජනයාට විනෝද සංස්කෘතියට අවකාශ විවර වුණු වැදගත් අවස්ථාවක් වූයේ ගමනාගමනයේ දී අම්බලමක ගිමන් හැරීමමට ගත කළ කාලය යි. එහි දී ඔවුන් නිමග්න වූ නිමග්න වූ සංස්කෘතික ක්‍රියාකාරකම් ජන රාශිභූත ීම සුවිශේධ පරිසරයක නිෂ්චිත නිලමනයකින් තොර ව සිදු වුවක් බැවින් එය විශේෂ සංස්කෘතික චර්යාවක් ලෙස අර්ථ දැක්විය හැකි ය. එහෙයින් එවක ලාංකේය සමාජයේ පැවති විනෝද සංස්කෘතියට අමතර ව අම්බලම් ආශ්රිත විනෝද සංස්කෘතියක් වූ බව නිගමනය කළ හැකි ය.