කුස ජාතකයෙහි අන්තර්ගත පබාවතී චරිතයෙහි කාලානුවර්තී ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ලක්මිණී, එල්.එච්. ජිනෙස්කා
dc.date.accessioned 2022-08-30T07:24:49Z
dc.date.available 2022-08-30T07:24:49Z
dc.date.issued 2014-02-19
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/7979
dc.description.abstract බෝසත් චරිතය අළලා කුරුණෑගල රාජධානි කාලයෙහි රචනා කළ පන්සිය පනස් ජාතක පොත සඳහා පාලි ජාතකට්ඨ කථාව මුලාශ්‍රය විය. කුස ජාතකය ජාතක පොතෙහි ඇතුළත් ප්‍රම්ඛ ප්‍රේම වෘත්තාන්තයකි. එය පසුකාලීන ව විවිධ සාහිත්‍ය හා කලා නිර්මාණ බවට ප්‍රතිනිර්මාණය විය. ඇතැමි ජාතක කථා සමග සසඳන විට කුස ජාතකයෙහි ඇත්තේ අංග සම්පූර්ණ කථා වස්තුවකි. ඒ හේතුවෙන් එය සිංහල සාහිත්‍යයෙහි විවිධ අවධිවල නොයෙක් කතුවරයන්ගේ සැලකිල්ලට බඳුන් විය. කුස ජාතකය ප්‍රතිනිර්මාණය කළ මුල් ම කතුවරයා කව්සිළුමිණ ලියූ පණ්ඩිත පරාක්‍රමබාහු රජු ය. අනතුරුව අලගියවන්න මුකවෙට් කුස ජාතක කාව්‍ය සඳහා ද, ගම්බඳ නාඩගම්කරුවන් නාඩගම් සඳහා ද , ජෝන් ද සිල්වා සංගීත නාට්‍යයක් සඳහා ද, එදිරිවීර සරච්චන්ද්‍රයන් පබාවතී නාට්‍ය සඳහා ද, ඉතාමත් මෑත අවධියේ සුනිල් ආරියරත්නයන් කුස පබා චිත්‍රපටිය සඳහා ද කුස ජාතකය පදනම් කොට ගෙන ඇත. මෙහි ප්‍රධන චරිත දෙකකි. එනම් කුස හා පබාවතිය යි. කුස ජාතකය පදනම් කොට ගෙන බිහි වූ සාහිත්‍ය හා කලා නිර්මාණවල පබාවතියගේ චරිතය විවිධ කලාකරුවන් කාලයත් සමග වෙනස් ආකාරයට ප්‍රතිනිර්මාණය කළ බැව් පෙනේ. මෙම අධ්‍යයනයේදී ප්‍රාථමික හා ද්විතීයික දත්ත මුලාශ්‍රය ලෙස ග්‍රන්ථ පුවත්පත්, වාර ප්‍රකාශන සහ චිත්‍රපට මාධ්‍ය භාවිත කළ අතර දත්ත ඉදිරිපත් කිරීමේ දී හා විශ්ලේෂණය කිරීමේ දී ලේඛනය හා ජායාරූප භාවිතයට ලනු ලැබී ය. ජාතක කථාවෙහි පබාවතියගේ චරිතය තත්කාලීන සමාජයට උචිත ලෙසින් සියලු බන්ධනටයන්ට යටත් ව ද, කව්සිළුමිණෙහි එය මහා කාව්‍යයක අන්තර්ගත කථා නායකයාගේ චරිතයට අනුකූල ව ක්ෂත්‍රීය රාජ පරිසරයකට ගැළපෙන ආකාරයට ද , කුස පබා චිත්‍රපටිය වාණිජ සිනමාවට උච්ත සමාජ පරිසරයක ද ප්‍රතිනිර්මාණය කොට ඇත. පබාවතී චරිතය කාලානුවර්තී ව ගැහැනියකට වාසා නොවන පීඩිත තත්ත්වයෙන් ප්‍රතිනිර්මාණය කළ අතර පබාවතී කෙරෙහි පුරුෂාධිපත්‍යයෙහි බලපෑම තීව්‍ර වන ආකාරයටද නිමවා තිබේ. මෙම පර්යේෂණයේ අරමුණු පබාවතී චරිතය කාලානුවර්තී ව ප්‍රතිනිර්මාණය වූ ආකිරය මුලාශ්‍රය වූ ජාතක කථාව හා කව්සිළුමිණ හා කුස පබා චිත්‍රපටිය ඇසුරෙන් අධ්‍යයනය කිරීම යි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject කාලානුවර්තී ප්‍රතිනිර්මාණය en_US
dc.subject පබාවතී චරිතය en_US
dc.subject කුස ජාතකය en_US
dc.subject කව්සිළුමිණ en_US
dc.title කුස ජාතකයෙහි අන්තර්ගත පබාවතී චරිතයෙහි කාලානුවර්තී ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account