Abstract:
නූතන සංවර්ධනාහිමුඛ රාජ්‍ය ප්රතිපත්තීන් හමුවේ සංවර්ධන ක්‍රියාවලිය ගතානුගතීක ස්වභාවයක් උසුලා ඇත. ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය උදෙසා රාජ්‍ය පරිපාලනමය කාර්යභාරය දැනට වත්මන් අගැයුම් මඟින් හදුනාගත හැකිය. රාජ්‍ය අංශය අඛණ්ඩ ව ව්‍යාප්ත වි පැවතුණ ද එකී ආයතනයන්හි කාර්යසාධනය විමසිල්ලට ලක් විය යුත්තේ ප්‍රතිපත්ති සංස්කරණය ඔස්සේ විධිමත් රාමුවක ක්‍රියාත්මක වන ප්‍රාදේශීය පරිපාන ව්‍යුහයෙන් සංවර්ධනය ක්‍රියාවලියට හිමිවන්නා වූ පිටිවහල පිළිබඳ ජනතා ආකල්ප සැළකිල්ලට ලක්කිරීමෙන් අනතුරුව ය. ජාතික සංවර්ධනයක් ඇති වීමට නම් සියලු ප්‍රාදේශීය ඒකක සංවර්ධනය වී තිබිය යුතුය. මෙම තත්ත්වය සාධනය කරගැන්ම උදෙසා ප්‍රාදේශිය පරිපාලනය ක්‍රමය වැදගත් වේ. ප්‍රාදේශීය නිලබල ධුරාවලිය ලෙස හදුනාගන්නේ මෙකී පරිපාලන ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණය යි. එනම් ප්‍රාදේශිය සංවර්ධනයේ ස්වරූපය තීරණය වේ. එහෙයින් ප්‍රාදේශීය සංවර්ධන කාර්යයේ දී ප්‍රාදේශීය නිලබල ධුරාවලියේ කාර්යභාරය කවරාකාර වේ ද යන්න මෙම අධ්‍යයනයෙ ගැටලුව ලෙස හදුනා ගැනේ.
මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන මහ ලේකම් කොට්ඨාසයේ කැටපල කන්ද ග්‍රාම නිලධාරී වසම හා ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දූවේගොඩ ග්‍රාම නිලධාරී වසම ආශ්රයෙනි. මෙම ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරී, සමෘද්ධී සංවර්ධන නිලධාරී හා කෘෂි පර්යේෂණ නිලධාරී යන තනතුරු පහළ මට්ටමේ නිලබල ධුරාවලිය ලෙස හඳුනාගැනෙන අතර මෙම ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යපෘති සම්බන්ධයෙන් මොවුනගේ දායකත්වය සැසදීම අපේක්ෂා කෙරේ. මේ සඳහි සරල සසම්භාවී ක්‍රමය ඔස්සේ පොකුරු නියදිය භාවිතයට ගනිමින් අවසානයේ එක්පිය පොකුරු නියදිය මේ සඳහා යොදා ගැනේ. ඒ යටතේ තෝරාගත් සංවර්ධන ව්‍යාපෘති කිහියපක් ආශ්රයෙන් ප්‍රතිලාභී අදහස් විමසනු ලැබේ. අධ්‍යයනයේ දී නිරීක්ෂණ, සම්මුඛ සාකච්ජා, ප්‍රශ්නමාලා, නියමු තොරතුරු සපයන්නන් සහ ද්විතීයික මුලාශ්‍රය යන මෙවලම් භාවිත කෙරේ. මෙම අධ්‍යයනයට අනුව ප්‍රාදේශිය වශයෙන් ප්‍රජාව සහ නිලධාරීන් තුළ ද ඔවුනොවුන් අතර ද පවත්නා විෂමති හඳුනාගත හැකි විය. කැටපලකන්ද ප්‍රදේශය තඅළ සංවර්ධන ව්‍යාපෘති සඳහා නිලධාරීන් මැදිහත්වීම මෙන් ම ප්‍රජාවගේ සහභාගීත්වය ද දුර්වලය. ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී අක්‍රමිකතා ද පවතී. දූවේගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය අවම වුව ද ප්‍රජාවගේ සහ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යාපෘතියේ නිමැවුම සාර්ථකව ඇත. එමෙන්ම එම ප්‍රදේශයේ නිලධාරීන් එකිනෙකා අතර අන්‍යෙන්‍ය සබඳතා බිදවැටීමෙන් සංවර්ධන ව්‍යාපෘති මඟහැරී ඇත. රාජ්‍ය අංශයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම, නිලධාරීවාදය, අවිධිමත් සන්නිවේදනය මෙන්ම අන්තර්පුද්ලග ක්‍රියාවන්හි වර්ධනයක් සිදු නොවීම ප්‍රාදේශිය සංවර්ධනය අඩාල වීමට හේතු සාධක ලෙස නිගමනය කළ හැකිය.