Abstract:
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි ‘කුඩව’ ගම්මානය නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයෙහි වයඹ දිග බෑවුමට මායිම් වෙයි. ගම්මානයෙහි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වනුයේ තේ වගාව යි. මීට දශක තුනකට ඉහත හඳුන්වා දුන් තේ වගාවත් සමග ප්‍රදේශයේ ජනතාව කාර්යබහුල වීම නිසා සාම්ප්‍රදායික ජීවන රටා කෙරෙන් ක්‍රමයෙන් ඈත් වීම සිදු ව තිබේ. එහෙත් වර්තමානයේ දී ද මෙම ගම්මානෙයෙහි බොහෝ වැසියෝ තම එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සකස් කරගැනීමෙහි සුරුවෝ වෙති. එසේ ම කලාත්මක වටිනාකමකින් යුක්ත උපකරණ මෙන් ම කලා නිර්මාණ කිරීමෙහි සාම්ප්‍රදායික ඥානයක් ඔවුහු සතු වෙති. අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වනුයේ කුඩව ලම්මානය ආශ්රිත ප්‍රජාවගේ ජන අත්කම් හඳුනාගැනීම හා ඒ කෙරෙහි එල්ල වී ඇති සංරෝධක අනාවරණය කර ලැනීම යි. අධ්‍යයන ක්‍රමවේද ලෙස සිද්ධි අධ්‍යයන සහ සම්මුඛ සාකච්ජා භාවිත කෙරෙන අතර දත්ත ඉදිරිපත් කිරීමේ දී ලේඛන මාධ්‍යමය සහ ජායාරූප යොදා ගැනෙයි. කුඩව ගම්මානය අවට පිහිටි සිංහරාජ වනාන්තරයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය වේවැල්, වැටකෙයියා, දුනුකෙයියා, ඉදිකොළ, කටුකිතුල් සහ පන් වර්ග යනාදිය ජන අත්කම් සඳහා භාවිතා කෙරයි. කුල්ල, වට්ටිය, කිරිගොට, මලු, පැදුරඅ සහ කුඩා පුධාන අත්කම් නිර්මණය ලෙස හඳුනාගත හැකි ය. සංචාරක විභවයන් සහිත මෙම ප්‍රදේශයේ ජන අත්කම් සඳහා ඉල්ලුමක් ඇතත් වර්තමානය වන විට ජනත්ව මෙම කර්මාන්තයෙන් බොහෝ සෙයින් ම ඈත් ව ඇති බව පෙනෙයි. ඒ සඳහා ප්‍රධාන ව බලපා ඇත්තේ තේ වගාවෙන් ඇති කළ කාර්ය බහුලත්වය නොවන බව සම්මුඛ සාකච්ජා මගින් අනාවරණය විය. ඇතමෙක් විවේක කාලයේ දී විනෝදිංශයක් ලෙස අත්කම් නිර්මාණයෙහි නියැලෙති. සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි තේ වගාවේ බලපෑමක් ඇතත් ජන අත්කම් කර්මාන්තයෙන් ජනතාව විකර්ෂණය වීමට තීරණාත්මක ලෙස බලපා තිබෙනුයේ පවත්නා වන සංරක්ෂණ නීති බව මෙම අධ්‍යයනයෙන් අනාවරණය විය. ප්‍රධාන ලෙස ම අමුද්‍රව්‍ය සපයා ගැනීමට වනයට ඇතුළු වීම තහනම් කොට තිබේ. බොහෝ ගැමියන්ට ජන අත්කම් නිර්මාණය කිරීමෙහි දැනුමක් හා හැකියාවක් වෙතත්, වන සංරක්ෂණ නීති සාම්ප්‍රදායික ජන අත්කම් කර්මාන්ත කෙරෙන් ජනතාව විකර්ෂණය වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව නිගමනය කළ හැකි ය.