සුළු අපනයන බෝග වගාවජප්‍රවර්ධනය පිළිබඳ ගැටලු අධ්‍යයනය කිරීම : බද්දෙගම සහ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇසුරිනි

Show simple item record

dc.contributor.author දොළමුල්ල, කේ. චම්පිකා
dc.contributor.author ගුණවර්ධන, ඒ. දිනුක
dc.date.accessioned 2022-09-15T06:30:17Z
dc.date.available 2022-09-15T06:30:17Z
dc.date.issued 2014-03-19
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8351
dc.description.abstract ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් ආර්ථික සුරක්ෂිතතාව වර්ධනය කිරීමට අපනයනය කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය ය. එහි දී ශුද්ධ අපනයහි ඉහළ ම අගයක පවතින කෘෂි අපනයනය තේ, පොල්, රබර් ත්‍රිත්වයට පමණක් කේන්ද්‍රගත විමේ ගැටලුවට පිළියම් ලෙස කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සාදික්කා වැනි සුළු අබනයන බෝග ප්‍රවර්ධනය කිරීම වැදගත් ය. ඒ අනුව මෙම පර්යේෂණයේ අරමුණ සුළු අපනයන බෝග ප්‍රවර්ධනය කිරීම සඳහා එම බෝගයන්හි වගා කිරීම හා අළෙවිය පිළිබඳ පවතින ගැටලු හඳුනාගනිමින් ඊට විසදුම් දේශිය විදේශීය, සාම්ප්‍රදායික මෙන් ම නූතන ක්‍රමවේද හා දැනුම භාවිතා කිරීමෙන් ලබා දීමට පවතින හැකියාව අධ්‍යයනය කිරීම ය. පර්යේෂණය සඳහා මිශ්‍ර ක්‍රමවේදය භාවිතා කළ අතර ප්‍රාථමික සහ ද්විතීයික තොරතුරු භාවිතා කරනු ලැබිණි. සුළු අපනයන බෝග බහුල ප්‍රදේශ වන ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දෙගම සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරී වසම් 6 ක් නියෝජනය වන පරිදි නියැදි ඒකක හැටකින් භෝග වගා කිරීම හා අළෙවියට පවතින ගැටලු සහ අපේක්ෂා කරනු ලබන විසඳුම් පිළිබඳ ප්‍රාථමික තොරතුරු හා දත්ත රැස්කරනු ලැබිණ. දත්ත විස්තරාත්මක හා කාසි වර්ග පරීක්ෂාව භාවිතා කරමින් විශ්ලේෂණය කරන ලදී. පර්යේෂණයේ ප්‍රතිඵල මත ගොවීන් සඳහා වගා කිරීමට මුල්‍ය අපහසුතා පැවතීම, වගා කිරීම, අස්වනු ලබා ගැනීම, අළෙවිය ප්‍රමාණවත් දැනුමක් නොතැබීම, අලෙවි මධ්‍යස්ථාන දුලභ වීම, නිසි මිලක් නොලැබීම යනාදි ගැටලු මත සුළු අපනයනය බෝග වගා කිරීම අඩු වීමට හේතු වී ඇති බව හඳුනාගත හැකි විය. ගැටලු අවම කරමින් බෝග ප්‍රවර්ධනයට රාජ්‍ය මැදිහත් වීම, නිසි ප්‍රතිපත්තියක් සකස් කිරීම, ආධාර දීම සිදුකළ යුතු අතර වගා කිරීම. රැකබලා ගැනීම, නඩත්තුව, අස්වැන්න සකස් කිරීම, කල්තබා ගැනීම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ගොවි නිලධාරීන් මගින් ගොවීන්ට ලබාදීම සිදු කළ යුතු ය. එමෙන්ම ම මෙම වගා සිදුකිරීමේ පාරම්පරික ක්‍රම, අස්වනු කල්තබා ගැනීම පිලිබඳ දැනුම නූතන ගොවි පරම්පරාවට ලබාදීම සහ හුවමාරු කිරීම ද වැදගත් වන බව ගම්‍ය විය. එමෙන් ම මෙම බෝග අමුද්‍රව්‍ය ලෙස නොව නිමි ද්‍රව්‍ය, අර්ධ නිමි ද්‍රව්‍ය ලෙස සකස් කිරීමේ කාර්මික ක්‍රියාවලිය සඳහා ද්විත්ව පරතර න්‍යායට අනුව විදේශ සෘජු ආයෝජන සුළු අපනයන බෝග ප්‍රවර්ධනයට යොමු කිරීම යනාදිය තුළින් සුළු අපනයන බෝග ප්‍රවර්ධනය කිරීමේ ශක්‍යතාව ලැබෙන බව ද අධ්‍යයනය මලින් හඳුනාගත හැකි විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject සුළු අපනයන බෝග en_US
dc.subject වගා කිරීම en_US
dc.subject අළෙවිය en_US
dc.subject දැනුම හුවමාරුව en_US
dc.title සුළු අපනයන බෝග වගාවජප්‍රවර්ධනය පිළිබඳ ගැටලු අධ්‍යයනය කිරීම : බද්දෙගම සහ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇසුරිනි en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account