ඉතිහාසය පරීක්ෂණ සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට මඟින් ලබා දෙන දායකත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author බණ්ඩාර, බී.එම්.සී. මධුසංඛ
dc.date.accessioned 2022-11-21T09:59:20Z
dc.date.available 2022-11-21T09:59:20Z
dc.date.issued 2022-11-02
dc.identifier.isbn 978-624-5553-34-1
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/9428
dc.description.abstract මානව වර්ගයාගේ අඛණ්ඩ දීර්ඝ ඉතිහාසයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඓතිහාසික මූලාශ්‍රගත සාධක අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වේ. මෙවන් මූලාශ්‍ර පරිශීලනයේදී මානව වර්ගයාගේ පුළුල් සංදර්භගත ඉතිහාසයක් අපට හෙළිදරව් වන අතර මෙම මුලාශ්‍ර පරිහරණයෙහිලා ප්‍රබලතම සේවාවක් සපයන රාජ්‍ය ආයතනයන් වශයෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැක්විය හැකිය. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව යනු සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් ලෙස කළමනාකරණය සහ සංරක්ෂණය කරනු ලබන ආයතනයයි. ඉතිහාසය පර්යේෂණ සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය තුළ තැන්පත් ලේඛන භාවිතය මගින් ලබා දෙන දායකත්වය කෙබඳුද? යන්න පිළිබඳව අධ්‍යනය කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන ගැටලුවයි. එසේම මහනුවර ශාඛා කාර්යාලය තුළින් ලබා දෙන ප්‍රායෝගිකමය දායකත්වය සහ එම දායකත්වය ඉතිහාස පර්යේෂණ ක්‍රියාවලියෙහිලා සිදු කරන ලද බලපෑම පිළිබඳව හඳුනා ගැනීම මෙම පර්යේෂණය සිදු කිරීමේ මූලික අරමුණ විය. මෙම පර්යේෂණය තුළදී භාවිත කරන ලද අධ්‍යයන ක්‍රමවේදය වූයේ ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයයි. එහි දී පර්යේෂණය සඳහා තෝරාගත් අධ්‍යයන ක්ෂේත්‍රය තුළට ඇතුළත්ව පවතින ඓතිහාසික සම්පත් විශ්ලේෂණය කරමින් ප්‍රාථමික සහ ද්විතියික මූලාශ්‍රයන් භාවිතා කරමින් මෙම අධ්‍යනය සිදු කරන ලදී. දත්ත විශ්ලේෂණයේ දී ප්‍රායෝගික ක්‍රමවේද සහ න්‍යායාත්මක ක්‍රමවේදය භාවිතා කළ අතර දත්ත එකතු කිරීම, දත්ත හඳුනාගැනීම, දත්ත විශ්ලේෂණය කිරීම සහ නිගමනවලට එළඹීම ආදිය ඔස්සේ පර්යේෂණ සිදු කරන ලදී. මෙම පර්යේෂණය තුළින් පර්යේෂකයාට සුවිශේෂී ප්‍රතිඵළ රැසක් අනාවරණය කරගත හැකිවිය. රාජ්‍යය ආයතනයන්හි බිහිවන ලේඛන ස්ථිර සංරක්ෂණය සඳහා ජාතික ලේඛණාගාරය වෙත ආබද්ධ වේ. ඉතිහාස පර්යේෂකයන් සඳහා තොරතුරු සමුද්ධරණයෙහිලා මහනුවර ශාඛා කාර්යාලය තුළින් විවිධ පර්යේෂකයන්ගේ උපාධීන්, පශ්චාත් උපාධි අවශ්‍යතාවයන් සඳහා අවැසි මූලාශ්‍රමය දායකත්වය ලබා දීමත්, රාජයේ විවිධ ප්‍රකාශනවල සහතික නිකුත් කිරීම, මහජන ප්‍රදර්ශනය පැවැත්වීම, දේශන සහ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අරමුණු සහ කාර්යයන්ට අදාල ප්‍රකාශ නිකුත් කිරීම, ශිල්පීය සේවාවන් සැපයීම, ක්ෂණික ඡායාරූප පිටපත් ලබා ගැනීම, අධිලේඛන සූක්ෂම ඡායාරූප ගත කිරීම ආදී සුවිශාල සේවාවන් රැසක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලයට අනුබද්ධිතව ගෙන යන බැව් පර්යේෂණ ප්‍රතිඵල හරහා අනාවණය විය. විඥාපනය අත්‍යවශ්‍ය යුගයක තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම අත්ත්‍යන්තයෙන්ම වැදගත් කරුණක් වන අතර මෙම ඓතිහාසික ලේඛන අනාගත පරපුර සඳහා ස්ථිරව සංරක්ෂණය කිරීම අතිශය වැදගත්ය. ඒ අනුව ඉතිහාස පර්යේෂණය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය තුළ තැන්පත් ලේඛන භාවිතය තුළින් සුවිශාල දායකත්වයක් ලබා දෙන බව මෙම පර්යේෂණ අධ්‍යයනය තුළින් මූලික වශයෙන්අනාවරණය කරගත හැකිවිය. en_US
dc.description.sponsorship AHEAD and FSPI – SEDRIC Project en_US
dc.language.iso si_lk en_US
dc.publisher Ruhuna Science Research Circle, Faculty of Science, University of Ruhuna en_US
dc.subject ඉතිහාස පරියේෂණ en_US
dc.subject ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව en_US
dc.subject පර්යේෂණ සේවාවන් en_US
dc.subject මුලාශ්‍ර කළමනාකරණය en_US
dc.title ඉතිහාසය පරීක්ෂණ සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට මඟින් ලබා දෙන දායකත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account