Abstract:
බෞද්ධ බ්‍රහ්මදණ්ඩණය ප්රතිසංස්කරණවාදී එළඹුම හා සමපාත වන්නේ ද? යන ගැටලූව
මුල් කරගනිමින් සංධාර පර්යේෂණ ක්‍රමවේදය යටතේ සිදු කෙරෙන මෙම අධ්‍යයනයෙහි
අරුණ වනුයේ බ්රහ්මදණ්ඩනයේ ගම්‍ය වන නූතන උපයෝිතාව පිළිබඳ විමසීමයි.
නීතියක් හෝ වැරදි යැයි සම්මත යමක් කඩ වූ කල්හි හික්මවීම සදහා ගනු ලබන
ක්‍රියාමාර්ගය දඩුවම වේ. ඒ අනුව වරදකරුවකු හික්මවීම සදහා දඩුවම භාවිත කෙරේ.
කායික දණ්ඩනය හා මානසික දණ්ඩනය වශයෙන් දඩුවම අංශද්වයකින් යුක්ත්තයදණ්ඩනය
හා සම්බන්ධ බෞද්ධ අදහස වර්ධනය වනුයේ බුද්ධත්වයේ මුල් විසිවසින් පසුවය.
බ්‍රහ්මදණ්ඩනය බෞද්ධ දඩුවමෙහි උපරිම අවස්ථාවකි. එය අවස්ථා තුනක දී දැනුවත් කර
සිදුකරනු ලැැබේ බුද්ධපරිනිර්වාණයේ පසුව ඡන්න්නභිකෂුවට බ්‍රහ්මදණ්ඩනය පනවන ලෙස
අනුදැන වදාරා ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසිනි. බ්රහ්මදණ්ඩනයෙහි කායික හා
මානසික යන උභය දණ්ඩන ක්‍රම අන්තර්ගතය. එහි දී දඩුවම ක්‍රියාත්මක වීමට පෙර
වරදකරු මානසික දඩුවමක් විදින අතර දඩුවම ක්‍රියාත්මක වීමේ පසු ව කායික දඩුවම
ආරම්භ වේ. එය ද යම් කාලයක දී අවසන් කළ යුතු වේ. මේ අනුව ගම්‍ය වනුයේ දඩුවම
බුදුදහම තුළ ප්‍රතික්ෂේප නො වන බවයි. එහෙත් බෞද්ධ දඩුවමෙහි අරමුණක් පවතී. එනම්
ප්රතිසංස්කරණයයි. වරද, වරද වශයෙන් දැන අවශ්‍ය මානත් පූරණය කළ පසු එම දඩුවමින්
මුදා හැරේ. දඩුවම භාවිත කර ඇත්තේ පුද්ගලයාගේ වරද නිවරද කොට චරිත විශෝධනය
කිරීමටය. සදාචාර දර්ශනයෙහි දඩුවම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා
කෙරෙනුයේ ප්රතිඵලාත්මකවාදය, නීවරණාත්මකවාදය, උපයෝගිතාවාදය සහ
ප්‍රතිසංස්කරණවාදයයි. ප්රතිඵලාත්මකවාදයෙන් වරදෙහි ප්‍රමාණය අනුව ඒ සමාන දඩුවමක්
ද නීවරණාත්මකවාදයෙන් සමාජයට සුසමාදර්ශයක් ලබාදීම ද උපයෝගිතාවාදයෙන් වරදින්
සිදුවන අලාභය පියවා ගැනීම ද සඳහා දඩුවම් පුණුවනු ලැබේ. වරදකරුට යම් දඩුවමක්
නියම කර චරිත ශෝධනයට ලක්ක ිරීම ප්රතිසංස්කරණවාදයෙන් සිදුවේ. වරදක් සිදුවුවහොත්
දඩුවමක් තිබිය යුතුය. එහෙත් දඩුවම අන්තගාමී ව පුද්යාට නිවැරදි වීමට අවස්ථාවක්
නො දී පවතින්නෙනම් දඩුවමෙහි ප්‍රතිඵලයක් නොමැත. එබැවින් බ්‍රහ්මදණ්ඩනය
පිළිබද බෞද්ධ විග්‍රහය ප්රතිසංස්කරණවාදී එළඹුම හා සමාන වේ. මේ අනුව ගම්‍ය වනුයේ
බ්රහ්මදණ්ඩනයේ ප්‍රකට වන ප්රතිසංස්කරණවාදී එළඹුම නූතන උපයෝගිතාවෙන් යුක්ත
බවයි.