Abstract:
බෞද්ධ දර්ශනය ඉදිරිපත් කෙරෙන සදාචාර දර්ශනය විශ්වීය සදාචාර න්‍යායධර්ම
අන්තර්ගත අතිමූලික ආචාරවිද්‍යාත්මක පද්ධතියකි. එහි ලා සදාචාරාත්මක චර්යා හා ක්‍රියා
නිර්දේශ කිරීමට පමණක් නො ව සදාචාර විනිශ්චය හා ප්රඥප්ති සනාථ කිරීමට ද උත්සුක
වන බව පෙනේ. සදාචාරාත්මක මූලධර්ම අනුගමනය කිරීමට හෝ බැහැර කිරීමට නම් ඊට
අදාළ සත්යෙකෂණ ක්‍රමයක් තිබිය යුතුය. බුදුදහම දේව අනාවරණයක් මගින් හෝ වෙනත්
පාරභෞතික ස්වරූපයකින් පුද ්ගල චර්යාවන් සීමා කළ හැකි සදාචාර පද්ධතියක් උගන්වා
නැත. බෞද්ධ දර්ශනය උගන්වන්නේ මෙලොව දී ම, තමා විසින් ම දැන, දැක (දිට්ඨෙව
ධම්මේ, සයං අභිඤ්ඤා, සච්ඡිකත්වා) ප්‍රකාශ කළ හැකි වටිනාකම් (Values) සමුහයක්
පිළ ිබ`ද පමණි. ඉන්ද්රිය අනුභූතිය ම වහල් කොට ඇති ඊට ම දාස වූ පුහුදුන් ලෝකයාට
ඉන්ද්රිය ගෝචර නො වූ සදාචාර පථයක් මගින් අතීන්ද්‍රිය ප්‍රත්‍යකෂ සදාචාර පාරප්රාප්තියක්
අවබෝධ කරවීම එතරම් පහසු කටයුත්තක් නො වේ. ඒ අනුව බුදුන්වහන්සේ පුහුදුන් දැනුම්
පද්ධතිය වෙත සත්‍ය (සදාචාර) විශ්වාසයක් ඊට ම අනුරූප බුද ්ධිවාදී සත්යෙකෂණ
සන්ධාරයකින් තහවුරු කළේ කෙසේ ද? යන පර්යේෂණ ගැටලූවට මෙහි දී අවධානය
යොමු කෙරේ. අවපාතයට යන මිනිසාගේ ලෞකික සදාචාර විශ්වාස පද්ධතිය වඩාත්
සුපුෂ්පිත කරවීම මගින් පූර්වාදර්ශී මානව සම්පතකට අවශ්‍ය ප්‍රවේශයක් ලබාදීම මෙමගින්
අපේකෂිත අරමුණයි. පුද්ගලයා විසින් එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ තම
අධිකාරීත්වය මත පිහිටා බව බුදුන්වහන්සේ තරයේ පෙන්වා දුන්හ. අංගුත්තරන ිකායේ
කාලාම සූත්‍රයෙන් පෙනෙන්නේ සදාචාර නීති රීති පිළිබඳ තාර්කික ව ප්‍රශ්න නගන කල්හි
සදාචාර දර්ශනය ඇරඹෙන බවයි. පුද ්ගලයාට මේ නිවැරදි දර්ශනය (සම්මාදිට්ඨි) හරහා
පමණක් සදාචාරය ක්‍රියාත්මක කළ හැකි බැවින් බුදුරදුන් පුහුදුන් ගෝචර සදාචාර
තර්කණයක් පිළිබඳ වැඩිමනක් අවධානය යොමු කර ඇත. ඒ අනුව මෙම පර්යේෂණ සඳහා
ප්‍රාථමික වශයෙන් ථෙරවාදී ත්‍රිපිටක සූත්‍ර සාහිත්‍යය හා අටුවා ද ද්විතීයික වශයෙන් ශාස්ත්‍රීය
ලේඛන හා ඊට සම්බන්ධ වෙනත් පුස්තක ද පරිශීලනය කෙරේ. සාහිත්‍ය මූලාශ්‍රය පමණක්
කේන්ද්‍ර කොට ගන්නා බැවින් මෙය සාහිත්‍ය ම ූලාශ්‍රය පාදක පර්යේෂණ ක්රමවේදයකි. මෙම
පර්යේෂණය ඔස්සේ ප්‍රධාන වශයෙන් බෞද්ධ සදාචාර දර්ශනයේ සුවිශේෂ ලකෂණයක්
ලෙස සදාචාර තර්කණය පිළිබඳ බෞද්ධ විධික්රම කිහිපයක් ම යොදාගන්නා බව හඳුනාගත
හැකි අතර සමස්තයක් වශයෙන් එහි ස්වභාවය එක්තරා ආකාරයක සංස්ථීතික
තර්කණාවලියක් බව ද නිගමනය කළ හැකිය