Abstract:
ක්‍රි. පූ. තෙවන සියවසෙහි මහින්දාගමනයෙන් අභ්යුත්ථානය ලත් සිංහල සාහිත්‍යය එකල බෞද්ධ මුහුණුවරක් ගෙන ඇත. පූර්ව අවධියෙහි බෞද්ධ ධර්මය ඇතුළත් පාලි ග්රන්ථ රචනා වූ අතර, පශ්චාත් කාලීන ව ඒවා සිංහල භාෂාවට පෙරළුෑ බව මැදුම් සඟ සහ සංයුත් සඟි අටුවා ලියූ බුදුගොස් තෙරණුවෝ සඳහන් කරති. "මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව ඇජුරො හෙළ බසින් තුබූ හ." යන ධම්පියා අටුවා ගැටපද පාඨයෙන් එය ප්රතීයමාන වෙයි. අනුරාධපුර යුගයේ රචිත සිඛ වළඳ සහ සිඛ වළඳ විනිස මේ මඟෙහි ම නො ගිය ද, තත්කාලීන භිකෂු සමාජය සදාචාර සම්පන්න විනය ගරුක භිකෂු සමාජයක් කිරීම උදෙසා රචිත විනය නීති සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකිය. සිඛ වළඳ සහ සිඛ වළඳ විනිස කොටස් දෙකකින් සමන්විතය. ප්‍රථම ව උපසම්පදා භිකෂූන් උදෙසා විනය නීති ද, දෙවනු ව ඒවා සවිස්තරාත්මක ව ද ඉදිරිපත් කර ඇත. සිංහල භාෂාවෙන් රචිත ප්‍රථම විනය නීති සංග්‍රහය වන මෙය සමස්ත විනය පිටකය අලළා රචනා වූ නමුත් කරුණු සැකෙවින් දැක්වීම සුවිශේෂය. එය සිඛ වළඳ සහ සිඛ වළඳ විනිස ආරම්භක වැකි මගින් හෙළිවෙයි. මෙහි සිවු පරිජි, සත් සඟ වෙසෙස්, තුදුස් නිසැඟි, එක් සාළිස් පචිති, පකිණ්ණක යන වාරිත්‍ර ද ඇදුරුවත්, තෙරවත් හා පොහෝ පවුරුණු විධි ආදී චාරිත්‍ර ද සචිත්තක, අචිත්තක විභාග ද අන්තර්ගත ව ඇත. මෙලෙස භිකෂු විනය ශිකෂා සංගෘහිත සිඛ වළඳ සහ සිඛ වළඳ විනිසෙහි භාෂා ශෛලිය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන
අතර සමකාලීන සාහිත්‍ය ග්රන්ථවලට සාපේක්ෂ ව සිංහල භාෂාවේ පරිණාමීය ලක්ෂණ එයින් නිරූපණය වූයේ කෙසේ ද ? යන්න පිළිබඳ ව ද පරීක්ෂා කෙරිණි. සිඛ වළඳ සහ සිඛ වළඳ විනිසෙහි භාෂා ශෛලිය ව්‍යක්ත වුව ද සරල හා සුඛනම්‍ය වේ. දිගු වැකි පැවතිය ද විනය නීති සංග්‍රහයක් හෙයින් භික්ෂූන් වහන්සේලාගේ ධාරණාව පිණිස බොහෝ තන්හි සැකෙවින් කරුණු දැක්වී ය. ධම්පියා අටුවා ගැටපදය හා සමකාලීන කෘතියක් හෙයින් එහි අන්තර්ගත ව්යාඛ්යානමය ලක්ෂණ හා ඇතැම් වචන මෙම කෘතියෙන් හමුවූව ද, සකු වදන් බහුල බව දක්නට නො වී ය. පාලි වචන සඳහා හුදු හෙළ වදන් භාවිත කිරීම, ඒ වන විට සිංහල භාෂාවෙහි භාවිත නො වූ වචන රැසක් යොදා ගැනීම, විභක්ති සූචක පද භාවිතය, හලන්ත වචන භාවිතය, දීර්ඝාක්ෂර භාවිතය, ඇ කාරය හා සඤ්ඤක අක්ෂර යොදා ගැනීම යනාදි භාෂා ලක්ෂණ දක්නට ලැබිණි. මෙම භාෂා ලක්ෂණවලට අනුව මධ්‍යතන යුගයේ රචිත සිඛ වළඳ සහ සිඛ වළඳ විනිසෙහි භාෂා ශෛලිය ප්රාකෘත හා පුරාතන යුගයේ භාෂා ලක්ෂණ නො ව, තත් යුගයේ ම ව්‍යවහාර භාෂා ලක්ෂණයන්ගෙන් සම ූපේත බව නිගමනය කළ හැකි විය.