Abstract:
අනුරාධපුර යුගයේ ඇරඹි, කෝට්ටේ යුගයේ දී අතිශය දිය ුණුවට පත් තොටගමුවේ විජයබා මහ පිරිවෙන් විහාරය පිළිබඳ ව සන්දේශාදියෙහි තොරතුරු සඳහන් වන අතර පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් විනාශ වී ගිය පසු එය යළි ගොඩනගන ලද්දේ පල්ලත්තර පුඤ්ඤසාර නාහිමියන් විසිනි. උන්වහන්සේගෙන් අනතුරු ව මෙම විහාරයෙහි ආරාම සංවිධානය හා එහි පරිපාලන ක්‍රමවේදය එයට ම අනන්‍යය වූ ආකාරයට ගොඩනැගුණු බව පෙනී යයි. තෙල්වත්ත තොටගමු රත්පත් රාජමහා විහාරයෙහි ආරාම සංවිධානය හා එහි පරිපාලන ක්‍රමවේදයේ සුවිශේෂතා මොනවා ද? යන ගැටලූව ඔස්සේ මෙම පර්යේෂණය සිදුකරන ලද අතර ඒ සඳහා අධ්‍යයනය ක්‍රමවේදය වශයෙන් මූලාශ්‍රය අධ්‍යයනය හා සම්මුඛ සාකච්ඡා උපයෝගී කරගත හැකි විය. ඒ අනුව මෙම විහාරස්ථානයේ පල්ලත්තර හිමියන්ගේ ශිෂ්‍යයන් තිදෙනෙකු විසින් ආවාස ත්‍රිත්වයක් ගොඩනැගූ අතර අද දක්වාත් එම ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර ත්‍රිත්වය එම ආවාසයන්හි වාසය කරනු ලබති. මෙම හේතුව නිසා තොටගමු විහාරයෙහි පවතින්නේ සම විහාරාධිපති පදවි ත්‍රිත්වයකි. එය එසේ වුවත් පරිපාලනයේ දී මූලිකත්වය හිමිවන්නේ පල්ලත්තර හිමියන්ගේ ද්විතීය ශිෂ්‍ය කහවේ ඉන්ද්‍රසර හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරටය. ඒ අනුව විහාරයේ දෛනික පුද පූජා කටයුතු හා විශේෂ පුණ්‍යොත්සව ආදියෙහි ප්‍රධානත්වය එම පරප ුරට හිමි වේ. එසේ ම මෙහි පවතින ධාතුන් වහන්සේ හා කෞතුක වස්තුවල භාරකාරත්වය ද එම පරපුරට හිමිය. එම භාණ්ඩාගාරය පිළිබඳ ව ද එහි යතුරු පිළිබඳ ව ද මෙම විහාරස්ථානයට ම ආවේණික වූ සම්ප්‍රදායන් පවතින අතර ඒ සඳහා ඇති එක් යතුරක් විහාරාධිපති හිමි සතු ව ද, අනෙක් යතුරු හික්කඩුව තිලකාරාමයේ විහාරාධිපති හා තොටගමු විහාරයේ ගිහි භාරකරු සතු ව ද පවතී. එසේ ම මෙම විහාරස්ථානයේ පරිපාලනය උදෙසා කතිකාවතක් ද සම්පාදනය කොට ඇත. මෙම විහාරස්ථානය පහතරට සංඝ මූලස්ථානයක් ලෙස කටයුතු කිරීම, මෙසේ ආවේණික පරිපාලන ක්‍රමවේදයක් හා සුවිශේෂ සම්ප්‍රදායන් ඇති වීමට බලපෑ බව නිගමනය කිරීම යුක්ති සහගතය. මේ අනුව තොටගමු රත්පත් රාජමහා විහාරයෙහි ආරාම සංවිධානය හා පරිපාලන ක්‍රමවේදය සාමාන්‍ය විහාර පරිපාලනයට වඩා වෙනස් වන බවත්, මල්වතු - අස්ගිරි මූලස්ථාන විහාරවල ක්‍රමවේදයට සමානත්වයක් දක්වන බවත් මෙම පර්යේෂණයෙන් හෙළිවේ.