Abstract:
ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත හා සම්බන්ධිත ඉදිකිරීම්, භූ දර්ශන සැකසීම් ආසන්න වශයෙන් ක්‍රි.පූ. 6 වන සියවස තරම් ඈත යුගයක් කරා විහිද යයි. ඉතිහාසය පුරා දිගින් දිගටම සිදු වූ ප්‍රතිසංස්කරණය හා කළමනාකරණ ක්‍රියාවලිය හේතුවෙන් වර්තමානයේ ද පුරාණ වාරි කර්මාන්ත විශාල සංඛ්‍යාවක් ජීවමාන උරුමයන් ලෙස ක්‍රියාකාරී මට්ටමින් පවතී. 1940 අංක දරණ ශ්‍රී ලංකා පුරාවස්තු අඥාපනතට අනුව, පුරාණ වාරි පද්ධතියට අයත් බොහෝ නිශ්චල වාරි උරුම අංග ස්මාරක වශයෙන් නැතැතින්ම පිළිගැනීමට ලක්වේ. වැව,අමුන , ඇළ ආදී මානව නිර්මාණ හා සම්බන්ධිත ඉදිකාරීම් හා භූදර්ශන සැකසීම් ස්පර්ශීය වාරි උරුම අංග ලෙස හදුන්වා දිය හැකිය. එම ස්ථාන ආශ්‍රිතව ද අනෙකුත් ස්මාරක හා ස්ථාන වලදී මෙන් විධමත් සංරක්ෂණ හැ උරුම කළමණාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතුය. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත ආශ්රිත ප්‍රතිසංස්කරණ කටයුතුවල සුලබවම නිරත වන්නනේ ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේනතුවේ වෘත්තිකයන්ය. ශ්‍රී ලංකාව තුළ කියාත්මක වන පුරාණ උරුම සංරක්ෂණය හා කළමනාකරණය කරන වෘත්තිය ආයතනයන් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතනික මෙම කාර්යය සඳහා දක්වන්නේ අල්ප දායකත්වයකි. වර්තමානයේ නිශ්චය වාරි උරුම ප්‍රතිසංස්කරණය, සංරක්ෂණය හා කළමණාකරන කාර්යයයේ නිරත වෘත්තිකයන් වාරි උරුම සංරක්ෂණය පිළිබඳ දරන ආකල්ප හා අත්දැකීම් විමසා බැලීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. අධ්‍යයන ක්‍රමවේදය වුයේ ගුණාත්මක පර්යේෂණවල විස්තරාත්මක කුමවේදයයි. පූර්ව විනිශ්චය නියදි වශයෙන් තෝරාගත් වාරා උරුම සංරක්ෂණය හා සම්බන්ධ වෘත්තිය මට්ටම් තුනක් සමග සිදුකළ සම්මුඛ සාකච්ජා මගින් දත්ත රැස්කර ගැණින. එම දත්ත විශ්ලේෂණය සඳහා අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය භාවිතයට ගැණින. ජලසම්පාදන අවශ්‍යතා පමණක් මූලික කරගනිමින් වාරි ප්‍රතිසංස්කරණ තීරණ ගැනීම, වාරි උරුම අංග නිවැරදිව හඳුනා නොගැනීම, උරුම කළමනාකරණ ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයක් නොපැවැත්වීම, උරුමයේ වටිනාකම්, සත්‍යතාව , අඛණ්තාවය වැනි ගුණාංග සුරැකීමය අවම අවදානයක් යොමුකිරීම, ජාත්‍යන්තර මෙන්ම දේශීය සංරක්ෂණ හා උරුම කළමනාකරණ අණපනත් හා ආචාරධර්ම නිසිපරිදි භාවිතයට නොගැනීම වැනි විධිමත් උරුම සංරක්ෂණ හා කළමනාකරණ ක්‍රියාවලියකට අහිතකර බලපෑම් ඇතිකරන කරුණු රැසක් මෙම අධ්‍යනයෙන් අනාවරණය කරගත හැකි විය.