Abstract:
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සමස්ත ධර්මය සුත්‍ර, විනය හා අභිධර්ම වශයෙන් සංග්‍රහ වී ඇත. එයින් විනය පිටකයෙහි අන්තර්ගත වන්නේ භික්ෂුන් වහන්සේලාගේ හික්මීම හා සම්බන්ධ ව දේශිත විනය නීති රීති මාලාවයි. ඒ අතරින් ආදිබ්රහ්මවරියක ශික්ෂාවන් පාරාජිකපාළි හා පාචිත්තියපාළි ග්රන්ථයන්හි ඇතුළත් වන අතර ආභිසමාචාරික ශික්ෂා මහාවග්ගපාළි හා චුල්ලවග්ගපාළි ග්රන්ථයන්හි ඇතුළත් වේ. බුද්දකවත්ථුක්ඛන්ධකය වනු චුල්ලවග්ගපාළියේ පස්වන බන්ධකයයි. මෙහි අන්තර්ගතය විමසීමෙන් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විසින් සිදුකරන ලද මහජන අප්‍රසාදයට තුඩුදුන් කරුණු හේතුවෙන් පනවන ලද දුකුළා ඇවැත් සහ හදිසි අවස්ථාවන්හි සිදුකරන ලද බරපතග නො වන පැනවීම සමුදායක් මෙහි ඇතුළත් වන බවයි. එකී පැනවිම්වලට පාදක වූ කරුණු විමසීමෙන් තත්කාලීන සමාජ පසුබිම් පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිය. එනම්, ක්‍රි.පූ. යහවන සියවස භාරත ජන සමාජය කෙතරම් දියුණු ව පැවතුණි ද යන්න බුද්දකවත්ථුක්ඛන්ධකය ඇසුරෙන් සාකච්ජා කිරීම මෙම පර්යේෂණයෙන් සිදුකෙරේ. ඒ අනුව ස්නානයේ දී ඇඟ ඉලීම සඳහා භාවිත උපකරණ මගින් විවිධ කර්මාන්තයන්හි දියුණු ලක්ෂණ හඳුනාගත හැකි ය. පාත්‍ර වර්ග අනුදත් අවස්ථාවේ එන විස්තරයෙන් මැණික් වර්ග, සුදු ඊයම්, කළු ඊයම්, යපස්, යකඩ, මැටි ආදී විවිධ කර්මාන්ත ගැන කියැවේ. තව ද තත්කාලීන ජනයා විසින් භාවිතා රූපලාවණ්‍ය උපකරණ හා සුවඳ විලවුන් වර්ග ආදිය පිළිබඳ ව ද තොරතුරු ලැබේ. විවිධ සංගීත සන්දර්ශන, නාට්‍ය හා නැටුම් වැනි විනෝදය හා රසාස්වාදය කේන්ද්‍ර කොටගත් වැඩ සටහන් ද ක්‍රියාත්මක වී ඇත. ගිරග්ගසමජ්ජය ඊට කදිම නිදසුනකි. මේ ආකාරයෙන් බලන විට ක්‍රි.පූ. හයවන සියවස වන බුදුරදුන් ජීවමාන සමයේ භාරතීය සමාජ පසුබිම පිළිබඳ හඳුනැගැනීමට බුද්දකවත්ථුක්ඛන්ධකයෙන් ලැබෙන පිටුබලය ඉමහත් ය. ක්‍රි.පූ. හයවන සියවස යැයි කී පමණ්න් මනසට නැගෙන නූගත් ග්‍රාම්‍ය අවිචාරවත් සමාජයක චිත්තරූපය කෙතෙක් දුරට සාධාරණ ද යන්න මෙම පර්යේෂණයට පාදක වූ පර්යේෂණ ගැටලුවයි. ඒ අනුව බුද්දකවත්ථුක්ඛන්ධකයේ අන්තර්ගතය විනය කාරණා සියුම් ව අධ්‍යයනය කොට විමසා බැලීමෙන් එහි අන්තර්ගත සමාජ තොරතුරු ඉස්මතු කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි. මූලාශ්‍රය අධ්‍යයනය ක්‍රමවේදය යටතේ සන්ධාර විශ්ලේෂණය මගින් මෙම පර්යේෂණය සිදුකරන ලදී.