රුහුණ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්‍ය්‍ය මණ්ඩලයේ සේවක භවතුන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට බලපෑ හේතු අධ්‍යයනය කිරීම සහ ඒවා පාලනය කර ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්‍ග පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author දේවිකා, එච්.ජී.එන්.
dc.contributor.author රේණුක, පී.ඒ.පී.
dc.contributor.author සේනාරත්න, රංජිත්
dc.date.accessioned 2023-07-14T07:18:00Z
dc.date.available 2023-07-14T07:18:00Z
dc.date.issued 2007-01-29
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13679
dc.description.abstract රුහුණ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 781 කි. එහි දෛනික ශ්‍රම පැය ප්‍රමාණය 6248 ක් පමණ වේ. සේවකයින් සේවයට නොපැමිණීම හේතු කොට ගෙන දෛනිකව ශ්‍රම පැය 500 ක් පමණ අහිමි වේ. මෙය ආයතනයේ කාර්්‍යක්ෂමතාවයට හා ඵලදායීතාවයට ද සෘජුව බලපාන අතර සේවකයින් අධික ලෙස නිවාඩු ලබා ගැනීම නිසා අතිකාල සඳහා අධික වියදමක් දැරීමට සිදු වේ. රුහුණ විශ්වවිද්‍යාලයේ පසුගිය වසර 06 තුළ වැටුප් රහිත නිවාඩු ලබා ගත් සේවකයින් සංඛ්‍යාව මුලු සේවක සංඛ්‍යාවෙන් 18% (144) කි. මෙම 18% තුල සෑම වර්ෂයකම වැටුප් රහිත නිවාඩු ලබා ගත් සේවකයින් 2.7% ක් විය. මෙය තනතුරු අනුව වර්ග කළ විට ලිපිකරු හා සම ශ්‍රේණි 9% ක් ද කාර්මික ශ්‍රේණි 6% ක් ද කණිෂ්ඨ ශ්‍රේණි 76% ක් ද ආරක්ෂක අංශය 29% ක් හා රියදුරු 2% ක් ද විය. වැටුප් රහිත නිවාඩු ලබා ගත් සේවකයින්ගෙන් 87% ක් පුරුෂ ද, 13% ක් ස්ත්‍රී ද විය. සේවකයින් 37% ක් වෛද්‍ය පීඨයේ ද, 26% ක් පරිපාලන සංකීර්ණයේ ද, 16% ක් කෘෂි පීඨයේද විය. වයස් කාණ්ඩ වශයෙන් ගත් කළ අවු 50-60 ත් අතර 27% ක් ද, 41-50 ත් අතර 39% ක් ද, 31-40 ත් අතර 27% ක් හා 20-30 ත් අතර 7% ක් ද විය. තමාගේ හා පවුලේ සෞඛ්‍ය ගැටලු, වෙනත් පවුලේ ගැටලු, රැකියා ස්ථානයට ඇති නොකැමැත්ත, දුර හා ආර්ථික ගැටලු යන හේතු නිසා ද, පුහුණු ශ්‍රේණිවලට අයත් සේවකයන් මුදල් ඉපයීම සඳහා යොමු වීම නිසා ද වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හේතුවන බව අධ්‍යයනයේදී පෙනී ගියේය. මෙම නිවාඩු අවම කිරීම සම්බන්ධව නිර්දේශ හා ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙම අධ්‍යනයේ මූලික පරමාර්ථය විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.subject වැටුප් රහිත නිවාඩු en_US
dc.subject අනධ්‍යයන කාර්ය මණ්ඩලය en_US
dc.subject කාර්්‍යක්ෂමතාවය en_US
dc.subject ඵලදායීතාවය en_US
dc.title රුහුණ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්‍ය්‍ය මණ්ඩලයේ සේවක භවතුන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට බලපෑ හේතු අධ්‍යයනය කිරීම සහ ඒවා පාලනය කර ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්‍ග පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account