Abstract:
රුහුණ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 781 කි. එහි දෛනික ශ්‍රම පැය ප්‍රමාණය 6248 ක් පමණ වේ. සේවකයින් සේවයට නොපැමිණීම හේතු කොට ගෙන දෛනිකව ශ්‍රම පැය 500 ක් පමණ අහිමි වේ. මෙය ආයතනයේ කාර්්යක්ෂමතාවයට හා ඵලදායීතාවයට ද සෘජුව බලපාන අතර සේවකයින් අධික ලෙස නිවාඩු ලබා ගැනීම නිසා අතිකාල සඳහා අධික වියදමක් දැරීමට සිදු වේ.
රුහුණ විශ්වවිද්‍යාලයේ පසුගිය වසර 06 තුළ වැටුප් රහිත නිවාඩු ලබා ගත් සේවකයින් සංඛ්‍යාව මුලු සේවක සංඛ්‍යාවෙන් 18% (144) කි. මෙම 18% තුල සෑම වර්ෂයකම වැටුප් රහිත නිවාඩු ලබා ගත් සේවකයින් 2.7% ක් විය. මෙය තනතුරු අනුව වර්ග කළ විට ලිපිකරු හා සම ශ්‍රේණි 9% ක් ද කාර්මික ශ්‍රේණි 6% ක් ද කණිෂ්ඨ ශ්‍රේණි 76% ක් ද ආරක්ෂක අංශය 29% ක් හා රියදුරු 2% ක් ද විය. වැටුප් රහිත නිවාඩු ලබා ගත් සේවකයින්ගෙන් 87% ක් පුරුෂ ද, 13% ක් ස්ත්‍රී ද විය. සේවකයින් 37% ක් වෛද්‍ය පීඨයේ ද, 26% ක් පරිපාලන සංකීර්ණයේ ද, 16% ක් කෘෂි පීඨයේද විය. වයස් කාණ්ඩ වශයෙන් ගත් කළ අවු 50-60 ත් අතර 27% ක් ද, 41-50 ත් අතර 39% ක් ද, 31-40 ත් අතර 27% ක් හා 20-30 ත් අතර 7% ක් ද විය. තමාගේ හා පවුලේ සෞඛ්‍ය ගැටලු, වෙනත් පවුලේ ගැටලු, රැකියා ස්ථානයට ඇති නොකැමැත්ත, දුර හා ආර්ථික ගැටලු යන හේතු නිසා ද, පුහුණු ශ්‍රේණිවලට අයත් සේවකයන් මුදල් ඉපයීම සඳහා යොමු වීම නිසා ද වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හේතුවන බව අධ්‍යයනයේදී පෙනී ගියේය. මෙම නිවාඩු අවම කිරීම සම්බන්ධව නිර්දේශ හා ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙම අධ්‍යනයේ මූලික පරමාර්ථය විය.