Abstract:
1955 – 1975 දක්වා වූ විසි වසර තුළ සිංහල කාව්‍ය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයට ලක් කිරීම මෙම නිබන්ධනයෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන කාර්යය යි.
උක්ත කාල පරිච්ජේදය තුළ දී කවිය අන් කිසි ලෙයනත් නො වූ විරූ තරම් විපර්යාසයට භාජන වූ බව අමුතුවෙන් කිව මනි නො වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය විවිධත්වයෙන් හා විචිත්‍රත්වයෙන් යුතු පුළුල් සාහිත්‍යාංගයක් බවට පත් විය. එසේ චවුව මේ අවධිය පිළිබඳ ව කිසි යම් ශාස්ත්රඥයකු අතින් ප්‍රමාණවත් විග්‍රහයක් සිදු වුයේ නැතැ යි සිතමි. මාර්ටින් වික්‍රමසිංහගේ නව පද්‍ය සිංහලය, ආරිය රාජකරුණාගේ නූතන සිංහල කාව්‍ය -2, ගාවින් කරුණාරත්නගේ සිංහල කවියේ නව යුගය යනාදී විචාර කෘති මගින් ද පරීක්ෂාවට භාජනය වී ඇත්තේ 60 දශකයේ ආරමිභක වසර කිහිපයක් දක්වා පමණෙකි. මොනිකා රුවන්පතිරණගේ නව කවි විමසුම අද්‍යතන සමය ද නියෝජනය වන පරිදි සමිපාදනය කරන ලද්දක් නමුදු, එය සංක්ෂිප්ත විමසුමක සිවරූපය උසුලන්නක් බව පෙනෙයි. ඇතැම් කවීන් හෝ, කෘති හෝ, කාව්‍ය ගණ හෝ පිළිබඳ ව කෙරුණු විචාර පුවත්- පත් සඟරා ආදියෙහි වරින් වර පළ වී ඇති නමුදු, විධිමත් බවකින් යුතු ව එබදු සංග්‍රහයක් ද පළ නො වීය. මේ නිබන්ධනය සම්පාදනය කරන ලද්දේ මෙම තත්ත්වය ද යම් තරමකින් සැලකිල්ලට ගනිමිනි.