Abstract:
සාම්ප්‍රදායික දේශගුණ ලක්ෂණ පදනම් කරගෙන ශ්‍රී ලජකාවේ භූමිය වියළි වියළි කලාපය වශයේ හඳුනා ගන්නා ප්‍රදේශය පැහැදිලි වියළි සෘතුවක් හා සාපේක්ෂ වශයෙන් තෙත් කලාපයට වඩා අඩු වර්ෂාපතනයක් ලබන කලාපයක් වේ. වියළි කලාපයේ සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 40-75 දක්වා (මි.මී. 1000-1875) අගයක් ගනී.
වියළි කලාපයේ සීමාවන් හඳුනා ගැනීම සඳහා විවිධ පුද්ගලයන් විවිධ නිර්ණායක ඉදිරිපත් කර තිබේ. 2 කුක් (1951), ඩේවිස් (1952) තම්බයියාපිලේ (1965) හා ජයමහ (1975) වැනි උගතුන් වියළි කලාපයේ සීමා දැක්වීමේදී වර්ෂාපතනය ප්‍රමාණය සැලකිල්ලට ගෙන තිබේ.
මෙම අධ්‍යයනයේදී වියළි කලාපය වශයෙන් අර්ථ දක්වන ලද්දේ යාපනය, වවුනියාව, මුලතිවි, මන්නාරම, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, මොණරාගල හා හම්බන්තොට යන පරිපාලන දිස්ත්‍රික්ක 11 ඇතුලත් නක ප්‍රදේශය යි. දත්ත ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා මෙම අර්ථ දැක්වීම උපයෝගී කරගනු ලැබිණ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ද ශ්‍රී ලංකාවේ වියළි කලාපය වශයෙන් සලකා ඇත්තේ මෙම පරිපාලන බෙදීම යි.