Abstract:
“විශුද්ධිමාර්ග සන්නය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක්” යන මාතෘකාව යටතේ රචිත මෙම පරියේෂණ නිබන්ධය රුහුණ විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කෙරෙන්නකි.
දෙ වැනි පැරකුම්බා රජු විසින් රචනා කරන ලද විශුද්ධිමාර්ග සන්නය දඹදෙණිය රාජ්‍ය සමය තුළ පමණක් නො ව මුළු සිංහල සමිභාව්‍ය සාහිත්‍ය ඉතිහාසය තුළ රචිත ග්රන්ථ අතුරෙහි අති විශිෂ්ට ගණයෙහි ලා සැලකෙන්නකි. මෙය කොටස් වශයෙන් හෝ කරන ලද සංස්කරන වශයෙන් නූතන සිංහල පාඨකයන් වෙත සැපයී ඇත්තේ වුව ද. එම කෘතිය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන ලද බවට සාක්ෂි නැත.
මෙහි බොහෝ අංශ පිළිබඳ සුළුවෙන් හෝ අෂ්යයනයක් කර ඇත්තේ කුලසුරිය මහතා විසින් තම සිංහල සාහිත්‍ය 2 නම් කෘතියේ දී ය. ඇතැමෙක් එහි එක් අංශයක් දෙකක් ගැන පමණක් තොරතුරු මතුපිටින් පැවසූහ.
මෙම පර්යේෂණයේ දී විශුද්ධිමාර්ගය සන්නය රචනා වීමට බලපෑ කරුණු මුලික ව සාකච්ජාවට ලක් කර ඇත. මෙහි ප්‍රමාණය හි සන්දර්භය මුල ග්‍රන්ථය වන පාලි විසුද්ධි මාර්ගය හා සන්සන්දනය කරමින් ඉදිරිපත් කර තිබේ. සන්න ග්රන්ථයක් වශයෙන් මෙම විශුද්ධිමාර්ග සන්නයෙහි ඇති විශේෂතා පිළිබඳ වෙන ම අධ්‍යයනයක් කර ඇති අතර එය අන් සන්න ග්රන්ථ සමඟ තුගනය කරමින් විශුද්ධිමාර්ග සන්නයෙහි ඇති විශේෂ ලක්ෂණ හා අන් කෘතිවල දක්නට ඇති සමාන කම් ද හෙළි දරව් කර තිබේ.
අර්ථ ව්‍යාඛ්‍යානය කිරීමේ දී සිංහල සන්න කරුවන් ගත් මල බෙහෙවින් අනුගමනය කරමින් විශුද්ධිමාර්ගය සන්න කතුවරයා ද තම කෘතිය රචනා කර ඇති බව පෙනෙයි. එයින් පැරකුම්බා රජු ගේ දැනුමේ තරමත්, ඔහු මේ කෘතිය රචනා කිරීම සඳහා ආශ්‍රය කළ විවිධ පොත් -පත් ප්‍රමාණයක් පැහැදිලි වෙයි. ධර්මයෙහි ඇත ගැඹුරු දැනුම කෙතරම් ද යන්න මෙහි සත් වැනි පර්ච්ජේදයෙන් හෙළි වෙයි.