Abstract:
“ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිපත්ති කාර්යක්ෂමතාව” නම් වු පර්යේෂණ නිබන්ධ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන්නකි.
මිල ස්ථායීකරණය, ආර්ථික වර්ධනය, ආදායම් ප්‍රතිව්‍යාප්තිය, ඉහළ සේවා නියුක්ති මට්ටමක් අත් පත් කර ගැනීම, වැනි රාජ්‍ය සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති (Fiscal Policies) මුල්‍ය ප්‍රතිපත්ති (Monetary Policies), විනිමය අනුපාතික ප්‍රතිපත්ති (Exchange Rate Policies) අදාළ පරිදි භාවිත කළ හැකි ය. රාජ්‍ය සාර්ව ැාර්ථික අරමුණු ඉටු කර ගැනීමේ දී මුල්‍ය ප්‍රතිපත්ති භාවිතය හා ඒවායේ කාර්යක්ෂමතාව පිළිබඳ මත වාදවලට සැලකිය යුතු ඉතිහාසයක් ඇත. සියවස් දෙකකට මදක් වැඩි කාලයක් තුළ විවිධ න්‍යායචාර්යවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ගෙන් සැදුම් ලත් කණ්ඩායම්වල අදහස් උදහස් ඔස්සේ මෙම කේෂත්රය පුළුල් ලෙස විවාදවලට පාත්‍ර වී ඇත.
මුල්‍ය ප්රතිපත්තිවලින් අපේක්ෂා කරන්නේ කෙටි කාලීන ආර්ථික ස්ථායීතාව හා දිගු කාලීන ආර්ථික වෘද්ධිය අත් පත් කර ගැනීමට යෝග්‍ය ආකාරයට සමස්ත ඉල්ලුමේ වර්ධනය පවත්වා ගෙන යාම සඳහා මුදල් සැපයුම සහ ණය මුදල් පිරිවැය අවශ්‍ය පරිදි හැසිරවීම.
මහ බැංකු ක්‍රමයක් ක්‍රියාත්මක වන රටවල මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය විසින් මහ බැංකුව වෙත පවරනු ලැබ ඇත. ඒ අනුව මහ බැංකුව රජයට සම්බන්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන නිසා රාජ්‍ය ආර්ථික අරමුණු වෙනස් වන ආකාරයට මහ බැංකු මුල්‍ය ප්‍රතිපත්තියේ අරමුණු ද වෙනස් වේ.
මෙම අධ්‍යයනය සඳහා 1970-1985 කාල පරිජේදය තෝරා ගෙන ඇත්තේ විශේෂ හේතුවක් නිසා ය. මෙම කාලය, 1977 වර්ෂය කඩ ඉමක් ලෙස ගෙන කොටස් දෙකකට වෙන් කළ හැකි ය. 1970-1977 කාලය තුළ අවෘත ආර්ථික ප්‍රතිපත්තියක් යටතේ, ආනයන ආදේශන කාර්මීකරණයක් මගින් සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට තැත් කර ඇති අතර, 1977-1985 කාලය තුළ විවෘත ආර්ථික ප්රතිපත්තියත් යටතේ අපනයන ප්‍රවර්ධන කාර්මීකරණයක් මගින් එම අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කර ඇත.