අපරාධකාරී චර්යාව නිර්මාණය වීමෙහි ලා පවුල හා සමාජානුයෝජන ක්‍රියාවලිය සිදු කරන බලපෑම

Show simple item record

dc.contributor.author යහතුගොඩ, එන්.එස්.
dc.contributor.author මල්ලිකා ආරච්චිගේ, අයි.අයි.
dc.date.accessioned 2023-10-18T04:48:07Z
dc.date.available 2023-10-18T04:48:07Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15122
dc.description.abstract අපරාධයක් යනු දඬුවමට භාජනයවන ක්‍රියාවලියක් වන අතර පුද්ගලයයකුයේ අපරාධ චර්යාවට නිවස, පවුල් පරිසරය හා සමාජානුයෝජනය කෙතෙක් දුරට බලපා තිබේදැයි යන්න මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි. මෙය අගුණ‍ුකොළපැලැස්ස බන්ධනාගාරය ආශ්‍රයෙන් රැඳවියන් පස් දෙනෙකුගේ සිද්ධි අධ්‍යයනය යොදාගනිමින් ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අනුව පෙන්වා දෙයි. ඒ අනුව වැඩිහිටියන්ගේ අනුදැනුම, ආදරය, රැකවරණය යටතේ පෝෂණය වන කණ්ඩායමක් වන ළමයින්ට අධ්‍යාපනය ලබමින්, මූලික අවශ්‍යතා ඉටු කරමින්, කායික මානසික රෝගාබාධවලින් තොරව ජීවත් වීමට අවැසි වටපිටාවක් නිර්මාණය කර දීම වැඩිහිටියන් විසින් කරනු ලැබිය යුතු කර්තව්‍යයක් වන බැවින් එම අයිතිවාසිකම් ගිලිහී යාම තුළ පසුකලෙක පුද්ගලයයකු අපරාධකරුවෙක් වීමට මූල බීජ සැකසෙන බව මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වේ. ළමයා සහ ළමා අයිතිවාසිකම් නෛතික අණපනත් වලින් නිර්වචනය කළ ද පවුල තුළ ඇතිවන ඇතිවන විවිධ ඝට්ටන හේතුවෙන් ළමයාට ළමා කාලය අහිමි වී යාම‍ෙන් ම‍ෙසේ අපරාධකාරී චර්යාවන්වලට යොමු වන බව මෙම සිද්ධි අධ්‍යයනය මගින් තහවුරු වේ. මන්දයත් පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක්‍රියාවලියට පවුල මගින් අති විශාල බලපෑමක් සිදු කරන අතර පවුල තුළ මුහුණ දීමට සිදු වන අහිමි අත්දැකීම් තුළ ප්‍රචණ්ඩකාරී පුද්ගල පෞරුෂයක් නිර්මාණය වීමට හේතු වන බව මෙම සිද්ධි අධ්‍යයනයෙන් පෙන්වා දෙයි. සමස්තයක් ලෙස මාපිය සෙනෙහස අහිමි වීම, නීතිය රැකවරණයෙන් ගිලිහීයාම, නිරන්තර හුදකලාභාවයට පත්වීම, මාපියන්ගේ පාලනයෙන් මිදීම, නිසි අධ්‍යාපනයක් නොලැබීම යනාදී හේතූන් මත පුද්ගලයකු අපරාධකාරී ක්‍රියාවලට යොමු වන බව මෙම අධ්‍යයනයෙන් නිගමනය කළ හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject අපරාධකාරී චර්යාව en_US
dc.subject මත්ද්‍රව්‍ය භාවිතය en_US
dc.subject මිනීමැරුම් en_US
dc.subject බන්ධනාගාර රැඳවියන් en_US
dc.subject සමාජානුයෝජනය en_US
dc.title අපරාධකාරී චර්යාව නිර්මාණය වීමෙහි ලා පවුල හා සමාජානුයෝජන ක්‍රියාවලිය සිදු කරන බලපෑම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account