Abstract:
අපරාධයක් යනු දඬුවමට භාජනයවන ක්‍රියාවලියක් වන අතර පුද්ගලයයකුයේ අපරාධ චර්යාවට නිවස, පවුල් පරිසරය හා සමාජානුයෝජනය කෙතෙක් දුරට බලපා තිබේදැයි යන්න මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි. මෙය අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය ආශ්රයෙන් රැඳවියන් පස් දෙනෙකුගේ සිද්ධි අධ්‍යයනය යොදාගනිමින් ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අනුව පෙන්වා දෙයි. ඒ අනුව වැඩිහිටියන්ගේ අනුදැනුම, ආදරය, රැකවරණය යටතේ පෝෂණය වන කණ්ඩායමක් වන ළමයින්ට අධ්‍යාපනය ලබමින්, මූලික අවශ්‍යතා ඉටු කරමින්, කායික මානසික රෝගාබාධවලින් තොරව ජීවත් වීමට අවැසි වටපිටාවක් නිර්මාණය කර දීම වැඩිහිටියන් විසින් කරනු ලැබිය යුතු කර්තව්‍යයක් වන බැවින් එම අයිතිවාසිකම් ගිලිහී යාම තුළ පසුකලෙක පුද්ගලයයකු අපරාධකරුවෙක් වීමට මූල බීජ සැකසෙන බව මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වේ. ළමයා සහ ළමා අයිතිවාසිකම් නෛතික අණපනත් වලින් නිර්වචනය කළ ද පවුල තුළ ඇතිවන ඇතිවන විවිධ ඝට්ටන හේතුවෙන් ළමයාට ළමා කාලය අහිමි වී යාමෙන් මෙසේ අපරාධකාරී චර්යාවන්වලට යොමු වන බව මෙම සිද්ධි අධ්‍යයනය මගින් තහවුරු වේ. මන්දයත් පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක්‍රියාවලියට පවුල මගින් අති විශාල බලපෑමක් සිදු කරන අතර පවුල තුළ මුහුණ දීමට සිදු වන අහිමි අත්දැකීම් තුළ ප්‍රචණ්ඩකාරී පුද්ගල පෞරුෂයක් නිර්මාණය වීමට හේතු වන බව මෙම සිද්ධි අධ්‍යයනයෙන් පෙන්වා දෙයි. සමස්තයක් ලෙස මාපිය සෙනෙහස අහිමි වීම, නීතිය රැකවරණයෙන් ගිලිහීයාම, නිරන්තර හුදකලාභාවයට පත්වීම, මාපියන්ගේ පාලනයෙන් මිදීම, නිසි අධ්‍යාපනයක් නොලැබීම යනාදී හේතූන් මත පුද්ගලයකු අපරාධකාරී ක්‍රියාවලට යොමු වන බව මෙම අධ්‍යයනයෙන් නිගමනය කළ හැකිය.