Abstract:
එකම භාෂා කුලයකට අයත් සංස්කෘත භාෂාවෙහි හා සාහිත්‍යයෙහි ආභාසය පාලි භාෂාව හා සාහිත්‍යයට ද ලැබී ඇත. සංස්කෘත ශතක කාව්‍යය ආභාසය අනුව යමින් ද පාලි සාහිත්‍යයෙහි ශතක කාව්‍යයන් විමර්ශනය කිරීමේ දී; සතක යන්නෙන් සියය අදහස් වන බැවින්, එබඳු ග්රන්ථ පහක් පාලි සාහිත්‍යයෙහි හමු වේ. තේලකටාහගාථා, පාරමීමහාසතක, වුත්තමාලාසතක සන්දේශ, සොණ්ණමාලී චූඩාමණිවණ්ණනා හා සද්ධාපසාදිනී යනු එකී කෘතීන් ය. එකී කෘතීන් භාවිතයෙන් පාලි ශතක කාව්‍යය සාහිත්‍යය අංගයක් නිර්මාණය කිරීමේ ශක්‍යතාව අධ්‍යයනය කරනු ලබයි. එහි දී සංස්කෘත ශතක කාව්‍ය සාහිත්‍යය පාලි ශතක කාව්‍යය සාහිත්‍යයක් නිර්මාණය කිරීමට කර ඇති බලපෑම පිළිබඳ පර්යේෂණාත්මක අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණයි. මෙම අධ්‍යයනය සඳහා සාහිත්‍යය මූලාශ්‍රය වශයෙන් ප්‍රාථමික හා ද්විතීයික මූලශ්‍රයන් හා ගුණාත්මක දත්ත වශයෙන් විවිධ වියතුන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සහිත කෘතීන් ද අධ්‍යයනය කර ඇති අතර එකී ක්‍රමවේදය යටතේ රැස් කරගත් දත්ත විද්‍යාත්මක ක්‍රමයට අනුකූලව උද්ගාමී තර්කනය භාවිතයෙන් විශ්ලේෂණය කරනු ලැබුණි. එකී විශ්ලේෂණවලට අනුව, ශතක ග්‍රන්ථවල මුඛ්‍ය ලක්ෂණ ලෙස; “මුක්තකම් ශතකම්” යන සංස්කෘත විග්රහයට අනුව මුක්තක හෙවත් වෙන වෙනම ක්‍රියා නිෂ්ඨා ඇති අන්‍යොන්‍ය සම්බන්ධය නිරපේක්ෂ වූ කාව්‍ය සියයකින් හෝ තදාසන්න සංඛ්‍යාවකින් යුත් කාව්‍යයක් වීම, නානාවිධ භාවිත කර තිබීම, භක්තිමය හෝ ශෘංගාරාත්මක හෝ නීති සිද්ධාන්ත ආදී උපදේශාත්මක හෝ ආයුර්වේද ආදී ඥාන සම්ප්රේෂණමය උක්තියක් සහිත වීම යන ලක්ෂණ හඳුනාගන්න ලදී. ගාථා සියයක් සහිත හඳුනා ගත් පාලි කෘති පංචකයෙහි ලක්ෂණ මෙකී ලක්ෂණ සමඟ සන්සන්දනය කොට පාලි ශතක කාව්‍යය සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ ශක්‍යතාව කෙසේ දැයි විමර්ශනය කරන ලදි. එහි දී එකී කෘති අතරින් සද්ධාපසාදිනී කෘතිය හැර සෙසු ග්රන්ථ ශතක කාව්‍යයක මූලික ලක්ෂණය වන මුක්තක ස්වභාවයෙන් බැහැර වීම හෝ එය ස්වභාවයෙන් ම ධර්මය සාහිත්‍යයට හා සන්දේශ සාහිත්‍යයට අයත් යැයි හඳුනා ගන්නා ලදී. සංස්කෘත ශතක කාව්‍යය සාහිත්‍යය අනුව යමින් පාලි සාහිත්‍යයෙහි ශතක කාව්‍යය හා ඒවායෙහි සාඵල්‍යතාව පිළිබඳ අධ්‍යයනය කරමින් කරන මෙම පර්යේෂණයෙහි දී නිගමන කිහිපයකට එළඹුණි. සංස්කෘත ශතක සාහිත්‍යය අනුව යමින් හා පාලියට අනන්‍ය ලක්ෂණ ද ඇතුළත් ව පාලියෙහි ශතක කාව්‍යය සාහිත්‍යයක් නිර්මාණය කරන්නේ නම්, මහා කාව්‍යය ලක්ෂණ ඍණීකරණය වූවාක් මෙන් එය සංස්කෘත සතක කාව්‍යය ලක්ෂණවලින්ම යුක්ත වීම සාර්ථකය. දැනට පවතින පාලි කෘති අතරින් සද්ධාපසාදිනී කෘතිය හැර සෙසු කෘති එබඳු ලක්ෂණවලින් යුක්ත නො වන නමුත් පාලියෙහි එක් සතක කාව්‍යය කෘතියක් පැවතීම පාලි ශතක කාව්‍යය සාහිත්‍යයක් නිර්මාණය කිරීමට අවකාශ ලබා දෙයි.