Abstract:
නූතන සමාජ සන්දර්භයෙහි ලා නවීන තාක්ෂණය විද්‍යාවේ සෑම ක්ෂේත්රයක් තුළ ම පවතින තොරතුරු කෙරෙහි විප්ලවීය වෙනසක් සිදු කර තිබෙන බව හඳුනාගත හැකි ය. නූතනය තුළ පරිගණක තාක්ෂණය සමාජගත වීමෙන් පසු තොරතුරු පද්ධතියක් පරිගණක වැඩසටහන් භාවිත කරමින් සකස් කිරීමේ නව්‍ය ප්රවණතා වේගයෙන් වර්ධනය විය. භෞතික අවකාශයෙන් දත්ත ලබා ගැනීමට උපකාරී වූ මෙම තොරතුරු පද්ධතිවලින් සුවිශේෂී අංගයක් ලෙස භූගෝලීය තොරතුරු පද්ධතිය හඳුනාගත හැකි ය. භූගෝලීය තොරතුරු පද්ධතිය අවකාශය පිළිබඳ ව විශාල දත්ත ප්‍රමාණයක් සපයන මාධ්‍යයක් ලෙස ගත හැකි ය. ඒ අනුව භූගෝලීය තොරතුරු පද්ධතියක් යනු පරිගණක මෘදුකාංග හා පරිගණක දෘඪාංගවලින් සමන්විත සංවිධානාත්මක දත්ත පද්ධතියක් වන අතර එය අවකාශීය හා අවකාශීය නොවන දත්ත ද්විත්වයෙන් ම සමන්විත වීම සුවිශේෂී වේ. එසේ ම කාර්යක්ෂම ව දත්ත ග්‍රහණය කිරීම, ගබඩා කිරීම, යාවත්කාලීන කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම යන ක්රියාකාරීත්වයන්ගෙන් යුතු එකතුවකි. සිතියමෙහි ප්‍රායෝගික භාවිතය හා වැදගත්කම ඉහළ යාමත් සමඟ නවීන තාක්ෂණික ක්‍රමවේද ඇසුරින් සිතියම් නිර්මාණය කිරීම වර්තමානයේ ඉතා කැපී පෙනෙන අංගයක් වී තිබෙන බව පෙනේ. ඓතිහාසික අධ්‍යයන සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිත කිරීමේ වැදගත්කම කවරාකාර ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයෙහි මූලික ගැටලුව වූ අතර භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳ ව හඳුනා ගැනීම සහ ඓතිහාසික මිහින්තලා පරිශ්‍රය තුළ පවතින වැදගත්කම අධ්‍යයනය කිරීමෙහි ලා භූගෝලීය දත්ත පද්ධතිය භාවිත කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව හඳුනා ගැනීම මෙම පර්යේෂණය සිදු කිරීමේ මූලික අරමුණු විය. මෙම පර්යේෂණය සිදු කිරීමේ දී ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේදය භාවිත කළ අතර ඓතිහාසික මිහින්තලා පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන කිහිපයක් ඇසුරෙන් දත්ත රැස් කරන ලදී. පර්යේෂණය තුළ දත්ත විශ්ලේෂණයේ දී සුවිශේෂී ප්‍රතිඵල රැසක් අනාවරණය විය. ඉතිහාස අධ්‍යයනය කෙරෙහි විද්වතුන්ගේ මූලික අවධානය යොමු වීමත් සමග ඉතිහාසය හැදෑරීම සඳහා විවිධ දිශානතීන්ගේ අවධානය යොමු කරනු ලැබී ය. න්‍යායාත්මක ව සිදු කෙරෙන පර්යේෂණ සේ ම ඊට උපකාර විය හැකි තාක්ෂණික ප්රවේශයන් පිළිබද නව මානයකින් සිතීමට බොහෝ ඉතිහාඥයන් උත්සාහ දරමින් සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික සිදුවීම් පිළිබඳ ව විමසීමේ දී පැවැති භූගෝලීය අවකාශයේ සාධකයන් වඩාත් තීව්ර පැහැදිලි කරගත හැකි මාධ්‍ය ලෙස අවධානය යොමු ව තිබේ. පුරාවස්තු ගහණය සහ ස්වරූපය පැහැදිලි කිරීම සඳහා, පුරාවිද්‍යා බිම් නඩත්තු කිරීම සඳහා, අනවසර ඉදිකිරීම් සිදු ව ඇති අයුරු පරීක්ෂා කිරීම සඳහා, උරුම කළමනාකරණ සැලසුම් සකස් කිරීම සඳහා, භූමි පරිභෝගය කාලාන්තරයක් තිස්සේ පැවති ආකාරය හඳුනා ගැනීම සඳහා, නව ක්ෂේත්‍ර ඔස්සේ ගවේෂණ දියත් කිරීම සඳහා, පුරාවිද්‍යාත්මක ගවේෂණ මාධ්‍යයෙන් භූමි ස්ථරායනය හඳුනා ගැනීම සඳහා මෙන් ම නව සංවර්ධන සැලසුම් යෝජනා ක්‍රම දියත් කිරීම සඳහා ද මෙම භූගෝලීය තොරතුරු පද්ධතිය ඓතිහාසික අධ්‍යයනයන් උදෙසා මූලික වශයෙන් උපයුක්ත කෙරෙන බව දැක්විය හැකි ය. එසේ ම ඓතිහාසික මිහින්තලා පරිශ්‍රය සතු වැදගත්කම දෙස් විදෙස් ජනයා අතරට ගෙන යනු සඳහා ද මෙම භූගෝලීය දත්ත පද්ධතිය විශේෂයෙන් ඉවහල් කරගත හැකි බැව් පෙනේ. ඒ අනුව උක්ත පර්යේෂණය තුළ දත්ත විශ්ලේෂණයේ දී අවසන් වශයෙන් නිගමනය කළ හැක්කේ නූතන සමාජ නවීකරණය හමුවේ අවකාශීය තොරතුරු කළමනාකරණය කිරීමෙහි ලා භූගෝලීය තොරතුරු පද්ධති භාවිත කිරීමේ වැදගත්කම ඉතා ඉහළ අගයක් ගන්නා බවත් ඓතිහාසික අධ්‍යයනයන් සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිතයේ ඉහළ වැදගත්කමක් පවතින බවත් ය.