dc.contributor.author |
කාංචනමාලි, එච්.ඒ.එස්. |
|
dc.date.accessioned |
2023-11-13T09:34:05Z |
|
dc.date.available |
2023-11-13T09:34:05Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15435 |
|
dc.description.abstract |
සිංහල සාහිත්‍යයට කෝට්ටේ යුගයේදී එක්වූ නවාංගයක් ලෙස සැලකෙන මාලකවි සාහිත්‍යය මහනුවර යුගය වන විට ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත් විය. එහෙත් ඒ පිළිබඳ පැහැදිලි වර්ගීකරණයක් හෝ නිර්වචනයක් දක්නට නොලැබෙන තරම්ය. ඒ පිළිබඳ අවධානය යොමු කළ තෙරිපැහැ සෝමානන්ද හිමියන් 1986 සිංහල සාහිත්‍යයේ නිර්මාණය වූ මාලකවි එක් රැස් කර සංග්‍රහයක් සකසා තිබේ. එම මාලකවි සංග්‍රහයේ මාල කාව්‍ය පිළිබඳ පැහැදිලි කිරීමක් දක්වා අධ්‍යයනයේ පහසුව සඳහා මාලකවි වර්ගීකරණයක්ද දක්වා තිබේ. මෙම වර්ගීකරණය යටතේ එන ආගමික මාලකවි සාහිත්‍යය පිළිබඳ මෙම අධ්‍යයනයේදී සාකච්ඡාවට ලක් කරනු ලැබේ. ඒ අනුව මෙහි පර්යේෂණ ගැටලුව වන්නේ ආගමික මාලකාව්‍ය කෘතිවල වස්තු විෂයයේ සහ ආකෘතියේ විවිධත්වය කෙබඳුද? යන්නයි. ආගමික මාලකාව්‍ය කෘතිවල වස්තු විෂයයේ සහ ආකෘතියේ විවිධත්වයට බලපෑ හේතු පිළිබඳ අධ්‍යයනය කිරීම මෙහි අරමුණයි. මෙම පර්යේෂණයේ සීමාව වන්නේ, සිංහල මාලකවි සාහිත්‍යයේ උපවර්ගයක් වන ආගමික මාලකවි යටතේ එන දහම් ගැට මාලය, තෙරුවන් මාලා, බුදුගුණ තරඟමාලය, මුනිගුණ රත්නමාලය හා වන්දනාමාලය කෘති හයෙහි වස්තු විෂයයේ සහ ආකෘතියේ විචලතාව පිළිබඳ පමණක් අධ්‍යයනය කිරීමය. ගුණාත්මක දත්ත විශ්ලේෂණ ක්‍රමවේදය යටතේ මෙම පර්යේෂණය කරන ලදි. පුස්තකාල භාවිතයෙන් සහ අන්තර්ජාලය භාවිත කිරීමෙන් දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ අර්ථකථන ලබා දීම කරන ලදි. ඒ අනුව ආගමික මාල කෘති හයෙහි වස්තු විෂයයේ සහ ආකෘතියේ දක්නට ලැබෙන්නේ විහින්න බවකි. සමකාලීන යුගවල ජනකවියේ ඇති වූ පිබිදීමත් සමඟ ජනකවි ආකෘතිය අනුගමනය කිරීමට මාලකවිය යොමුවීම මෙයට ප්‍රධාන හේතුව වන්නට ඇත. නිදසුන් ලෙස දහම් ගැටමාලයේ ප්‍රහේලිකාත්මක ස්වරූපයෙන් දහම් කරුණු අන්තර්ගත වන අතර වන්දනාමාලය සහ තෙරුවන්මාලා කෘතිවල අන්තර්ගත වන්නේ වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් රචිත වන්දනා කවි ආකෘතියෙන් යුතු කවිය. බුදුගුණ තරඟමාලය කෘතියේ සහ මුනිගුණ රත්නමාලය කෘතියේ අන්තර්ගත වන්නේ බුදුන්ගේ ගුණ පිළිබඳවය. බුද්ධ චරිතයේ විවිධ විශේෂ අවස්ථා එහිදී වර්ණනාවට ලක් කර තිබේ. මුනිරත්නමාලය කෘතිය මේ සියල්ලටම වඩා වෙනස් ලක්ෂණ දරයි. එනම් එහි අන්තර්ගත වන්නේ බෞද්ධ විහාර නිර්මාණයක් පිළිබඳවයි. ඒ අනුව සමාජයට යමක් දායාද කිරීම එනම්, යම් උපදේශයක් බලා දීම යන අරමුණ මත මෙලෙස විවිධ වූ ආගමික වස්තුවිෂය භාවිත කරන්නට ඇත. එමෙන්ම විවිධ ආගමික කරුණු ජනතාවට වඩාත් හොඳින් සමීප කිරීමට හැකිවන්නේ එයට ගැළපෙන ආකෘතියෙන් වන බැවින් විවිධ ආකෘති යොදා ගන්නට ඇත. ඒ අනුව මාලකවිය යනු ගැමි ජනයාට සමීප ගැමියාගේ සාහිත්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට බිහි වූ සාහිත්‍යාංගයක්බව උපකල්පනය කළ හැකිය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
ආකෘතිය |
en_US |
dc.subject |
ආගමික මාලකාව්‍ය |
en_US |
dc.subject |
වස්තු විෂය |
en_US |
dc.subject |
විචලතාව |
en_US |
dc.subject |
දහම්ගැට මාලය |
en_US |
dc.title |
ආගමික මාලකාව්‍ය කෘතිව්‍ල ව්‍ස්තු විෂයයේ ස්හ ආකෘතියේ විචලතාව් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (තෝරා ගත් කෘති කිහිපයක් ඇසුයරනි) |
en_US |
dc.type |
Article |
en_US |