මහගම සේකරගේ ආඛ්‍යාන කාව්‍යවල චරිත නිරූපණය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක අධ්‍යයනයක් (තෝරාගත් නිර්මාණ ඇසුරෙන්)

Show simple item record

dc.contributor.author සෙව්වන්දී, ඩී.එම්.ඒ.
dc.date.accessioned 2023-11-13T09:40:20Z
dc.date.available 2023-11-13T09:40:20Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15436
dc.description.abstract කාව්‍ය නමැති ශානරයේ උපශානරයක් ලෙස “ආඛ්‍යාන කාව්‍ය” හඳුනාගත හැකිය. ආඛ්‍යානය යනු “කීමක්” ලෙස සරලව හැඳින්විය හැකි වුවද එමඟින් සිද්ධි සමූහයක් අනුපිළිවෙළින් ගළපා අර්ථාන්විතව ඉදිරිපත් කිරීමක් අපේක්ෂා කෙරේ. මෙහිදී මහගමසේකරගේ ආඛ්‍යාන කාව්‍යවල චරිත නිරූපණය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක අධ්‍යයනයක් තෝරාගත් ආඛ්‍යාන කාව්‍ය නිර්මාණ කිහිපයක් ආශ්‍රයෙන් සිදු කෙරේ. මහගම සේකරගේ ආඛ්‍යාන කාව්‍යවල චරිත කෙරෙන් නිරූපිත මානසික සංකීර්ණතා හා අභ්‍යන්තර චිත්ත තත්ත්ව කවරාකාරද?, සේකරයන් ආඛ්‍යාන කාව්‍ය චරිතවල මනසේ ක්‍රියාකාරිත්වය හා චර්යාරටා නිරූපණයට භාවිත කළ කාව්‍යෝපක්‍රම මොනවාද? යන්න පර්යේෂණ ගැටලුය. සේකරගේ ආඛ්‍යාන කාව්‍ය චරිතවල මනෝමූලික සංකීර්ණතා සහ චර්යාරටා මනෝවිද්‍යාත්මකව හඳුනා ගැනීම, ආඛ්‍යාන කාව්‍ය චරිතවල මානසික ස්වරූපය දැක්වීමට භාවිත ශිල්පීය උපක්‍රම හඳුනා ගැනීම මෙහි අරමුණුය. ගුණාත්මක දත්ත විශ්ලේෂණ ක්‍රමවේදයට අනුව දත්ත රැස්කිරීම, විශ්ලේෂණය හා අර්ථකථනය සිදුවේ. අනුරාධපුර අවධියේ සිටම දේශීය කවීන්, ජාතකකතා කවියට නැඟීමට පෙලඹී සිටි අතර එය අවිච්ඡින්නව නූතන අවධිය දක්වාද පැමිණ ඇත. සේකරගේ ආඛ්‍යාන කාව්‍යවල අන්තර්ගත චරිත මිනිස් ජීවිතයේ සැබෑ තතු මූර්තිමත් කරන අතර එම චරිත ඇසුරෙන් මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය මනෝවිද්‍යාත්මකව අධ්‍යයනය කළ හැකිය. චරිත නිරූපණය යනු චරිතයන්ගේ ක්‍රියාකාරීත්වය විවරණයයි. මෙහිදී “බෝඩිම”, “නොමියෙමි”, “ප්‍රබුද්ධ”, “රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත” නැමැති කෘතිවල අන්තර්ගත චරිතවලට පමණක් සීමා වෙමින් මහගමසේකර, ස්වකීය ආඛ්‍යාන කාව්‍යවල චරිත නිරූපණය සිදු කර ඇති ආකාරය මනෝවිශ්ලේෂණාත්මකව අධ්‍යයනය කෙරේ. එහිදී, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ අවිඥානය, ඊඩිපස් හා ඉලෙක්ට්‍රා සංකීර්ණය, සංරක්ෂණ ප්‍රයෝග හා ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්, කාල් යුංග් දැක් වූ උච්චමානසිකත්වය, හීනමානසංකීර්ණය, අන්තර්වර්තික, බහිර්වර්තික පෞරුෂ වැනි සංකල්පවලට සීමාවෙමින් පර්යේෂණය කරන ලදි. “ප්‍රබුද්ධ, නිරංජලා, යසෝදා, සොයිසා, හෙලේනා, සිරිමාන්න, මංගලිකා, රමණි” යනාදි චරිත කෙරෙන් මානසික අවරෝධතා හා පෞරුෂ ව්‍යූහ, අවිඥානීය ස්වරූප නිරූපිත වේ. “ප්‍රබුද්ධ” නිර්මාණයේ ‘ප්‍රබුද්ධ’ නමැති චරිතය තම බිරිඳ වූ “නිරංජලා”ගෙන් මවකට සමාන සෙනෙහසක් බලාපොරොත්තු වේ. එය ප්‍රොයිඩ් දැක්වූ “ඊඩිපස් සංකීර්ණය” යි. මේවා අවරෝධනය පසුකාලීන පෞරුෂයට බලපාන ආකාරය මෙහිදී දැකගත හැකිය. සේකරගේ ආඛ්‍යාන කාව්‍යවල චරිත මනෝවිශ්ලේෂණාතමක සිද්ධාන්ත ඇසුරෙන් විමර්ශනය කළ හැකිබව අවසන් වශයෙන් නිගමනය කළ හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject ආඛ්‍යාන කාව්‍ය, en_US
dc.subject චරිත නිරූපණය en_US
dc.subject මනෝවිශ්ලේෂණවාදය en_US
dc.subject මහගම සේකර en_US
dc.title මහගම සේකරගේ ආඛ්‍යාන කාව්‍යවල චරිත නිරූපණය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක අධ්‍යයනයක් (තෝරාගත් නිර්මාණ ඇසුරෙන්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account