dc.description.abstract |
IV වන බුවනෙකබාහූ රජුගෙන් (ක්‍රි. ව. 1341-51) ආරම්භ වූ ගම්පොල යුගයේ පාලනය පසුව විවිධ පාලකයන් යටතේ පාලනය විය. එකී පාලන අවධිවල බිහි වූ විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් රාශියකි. ඒ අතුරින් ගඩලාදෙණිය විහාරය, විජයෝත්පාය, අලවතුර විහාරය, නාථදේවාලය හා අස්ගිරි ආදාහන මළුව, ආදාහන මළුව ගෙඩිගේ, නියම්ගම්පාය, ලංකාතිලක විහාරය, ඇම්බැක්කේ දේවාලය හා අම්බලම ආදී වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් මෙම පර්යේෂණය සඳහා තෝරාගන්නා ලදි. ගම්පොල යුගයේ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් සඳහා එම යුගයට පෙර ඉදි වූ පාරම්පරික වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම්වල ආභාසය අන්තර්ගත වේද? යන්න විමසීම මෙහි පර්යේෂණ ගැටලුව වේ. එමගින් අනුරාධපුර, පොළොන්නරු යුගයන්ගේ හා වෙනත් විදේශීය වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම්වලින් ලද ආභාසයන්ගේ බලපෑම අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. පර්යේෂණය සඳහා දත්ත රැස් කිරීමේදී ක්ෂේත්‍ර නොවන ගවේෂණ ක්‍රමය අනුගමනය කරන ලදි. එහිදී මූලික ලෙස දත්ත ලබාගැනීම සඳහා පුස්තකාල අධ්‍යයනයක නිරත විය. ඒ ඔස්සේ ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය අධ්‍යයනය කළ අතර ප්‍රාථමික මූලාශ්‍රය යටතේ සාහිත්‍යයික මූලාශ්‍රය, පුරාවිද්‍යා කැණීම් වාර්තා හා පුරාවිද්‍යා සංරක්ෂණ වාර්තා අධ්‍යනය කරන ලදි. ද්විතීයික මූලාශ්‍රය යටතේ ගම්පොල යුගයේ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් සම්බන්ධව ලියවී ඇති ග්‍රන්ථ, ස්වාධීන පර්යේෂණ නිබන්ධ, සඟරා, ලිපි හා අන්තර්ජාල තොරතුරු භාවිත කරන ලදි. අනුරාධපුර ශෛලියේම දිගුවක් ලෙස නිර්මාණය කරන ලද වාස්තුවිද්‍යාත්මක ව්‍යූහ, පොළොන්නරුවේ වාස්තුවිද්‍යාත්මක ආභාසයත්, විදේශීය බලපෑම් යටතේ බුරුම දේශයේ වාස්තුවිද්‍යාත්මක ව්‍යූහයන්ගේ හා දකුණු ඉන්දීය ද්‍රාවිඩ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම්වල ආභාසයත් මත ඉදිකරන ලද වාස්තුවිද්‍යාත්මක පසුබිමක් ගම්පොල යුගයේ පැවති බව හඳුනාගත හැකිවිය. ඒ අනුව ගම්පොල යුගයටම ස්වාධීන වූ වාස්තුවිද්‍යාවක් නොව පාරම්පරිකව පැවත ආ වාස්තුවිද්‍යා දැනුමේ ක්‍රමික සංවර්ධනයක් බව නිගමනය කළ හැකිය. |
en_US |