dc.description.abstract |
කාව්‍ය සාහිත්‍යය පිළිබඳව අධ්‍යයනය කරන විට උපදේශ සාහිත්‍යයට හිමිවනුයේ සුවිශේෂ ස්ථානයකි. සුචරිතවත්, යහපත් සමාජයක් බිහි කිරීමේ අරමුණින් එවැනි සාහිත්‍ය කෘති නිර්මාණය වී ඇතිබව හඳුනාගත හැකිය. මහනුවර යුගයේදී උපදේශ සාහිත්‍යය, ශාස්ත්‍රීය උපදේශ කාව්‍ය හා ජන උපදේශ කාව්‍ය ලෙස වර්ග කළ හැකිය. මෙම අවධියට අයත් ලෝකෝපකාරය සුචරිතවත් සමාජයක් ගොඩ නැගීමට අවශ්‍ය උපදේශ මාලාවක් සපයා ඇත. ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන්ද පුද්ගල ජීවිතය යහමගට යැවීමට අවශ්‍ය වටිනා උපදේශ රාශියක් ලෝකෝපකාරයෙන් සපයා ඇත. ස්ත්‍රීන්ට උපදේශ සැපයීමට ලෝකෝපකාරයේ දක්වා ඇති උපදේශ, පරමාදර්ශි ස්ත්‍රීචරිත ගොඩ නැගීමෙහිලා ඉවහල් වන්නේ කෙසේ ද? යන අධ්‍යයන ගැටලුව ප්‍රමුඛ කර ගනිමින් මෙම අධ්‍යයනය කරන අතර අධ්‍යයනයේ මූලික අරමුණ වනුයේ, ස්ත්‍රීන් හට උපදේශ සැපයීමෙහිලා ලෝකෝපකාරයෙන් ලැබෙන දායකත්වය කොතෙක් දුරට යුක්ති යුක්තද යන්න විමසා බැලීමයි. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණය ක්‍රමවේදයට අනුව ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය ඇසුරු කොට ගනිමින් පුස්තකාලය හා අන්තර්ජාල ඔස්සේ දත්ත රැස් කිරීම සිදු කළ අතර එම දත්ත විශ්ලේෂණය කොට පර්යේෂණ පත්‍රිකාවක් හා ප්‍රස්තුතීකරණය මගින් ඉදිරිපත් කෙරේ. පර්යේෂණ සීමාව වශයෙන් ලෝකෝපකාරයේ පද්‍ය අතුරෙන් ස්ත්‍රීන් පිළිබඳ ලියන ලද 45 සිට 72 දක්වා වූ පද්‍ය කෙරෙහි පමණක් මෙහිදී අවධානය යොමු කෙරේ. සමාජයේ පවතින දුර්ගුණ ප්‍රහීණ කොට සුගුණවත් සමාජයක් ඇති කිරීමත්, මෙලොව මෙන්ම පරලොව සුගතිගාමී වීම සඳහාත්, පවුල නමැති ඒකකයහි තම යුතුකම් ඉටු කරමින් සුචරිතවත් ලෙස හැසිරීමත්, යනාදී සමාජ, සංස්කෘතික හා ආගමික බලපෑම මත ස්ත්‍රියට උපදේශ සපයන පද්‍ය මෙන්ම දුර්ගුණ දක්වමින් උපහාසයට ලක් කෙරුණු පද්‍යද ලෝකෝපකාරයෙහි හඳුනා ගත හැකිය. ස්ත්‍රිය උදෙසා දක්වා ඇති ඇතැම් පද්‍ය දෘෂ්ටිවාදාත්මකය. එමනිසා එක් අයෙකුගේ දුර්ගුණ හුවා දැක්වීමෙන් පමණක් යහපත් පුද්ගල චරිත ගොඩනැගීමට නොහැකිය. ස්ත්‍රීන්ගේ යහපත උදෙසා ලෝකෝපකාරයෙන් යම් උපදේශ ලබා දී ඇතත්, පරමාදර්ශී ලෙස ස්ත්‍රී චරිත වෙත දැක්වූ සංකල්ප උපදේශ ඉක්මවන පුද්ගල දෘෂ්ටිවාදයට සමීපත්වයක් දරන අදහස්බව මෙහිදී පැහැදිලි විය. |
en_US |