ඩෙංගු වසංගතයේ කාලීන හා අවකාශීය ව්‍යාප්තියේ වෙනස්වීම පිළිබඳ භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත විශ්ලේෂණයක් (මාතර දිස්ත්‍රික්කයේ මාතර සෞඛ්‍ය බලප්‍රදේශයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 14ක් ඇසුරෙන්)

Show simple item record

dc.contributor.author පුෂ්පමාලි, කේ.එම්.ඩී.
dc.date.accessioned 2023-11-14T04:23:37Z
dc.date.available 2023-11-14T04:23:37Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15444
dc.description.abstract රටක් සංවර්ධනය විමට නම් මානව සම්පත අත්‍යවශ්‍ය සාධකයකි. සංවර්ධනය භුක්ති විඳීමට වර්තමාන සහ අනාගත පරපුරක් අවශ්‍යය. නැතහොත් රටේ සංවර්ධනය කාටද යන්න ගැටලුවකි. රට තුළ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් බිහි කිරීම හා එම මානව ප්‍රජාව සමාජ, ආර්ථික, සංස්කෘතික හා සෞඛ්‍ය අතින් දියුණු කිරීම මගින් රටක මුලික පදනම ගොඩනැංවීම කළ යුතුව ඇත. වර්තමානයේ ශ්‍රි ලංකාවේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුවක් ලෙස ඩෙංගු රෝගය හඳුනාගත හැකිය. අධ්‍යයන ගැටලුව ලෙස මාතර සෞඛ්‍ය බලප්‍රදේශයේ ඩෙංගු රෝගයේ කාලීන හා අවකාශීය ව්‍යාප්තියේ වෙනස්වීම කෙබඳුද යන්නත් ඒ සඳහා බලපාන සාධක කවරේද යන්නත් ලෙස හඳුනා ගත හැකිය. අධ්‍යයනයේ ප්‍රධාන අරමුණු ලෙස මාතර සෞඛ්‍ය බලප්‍රදේශයේ ඩෙංගු වසංගතයේ කාලීන හා අවකාශීය ව්‍යාප්තියේ වෙනස්වීම පිළිබඳ විශ්ලේෂණය කිරීමයි. මෙහි උපඅරමුණ වනුයේ මාතර සෞඛ්‍ය බලප්‍රදේශයේ ඩෙංගු වසංගතය කාලීන හා අවකාශීය වෙනස්කම් සඳහා බලපාන සාධක විශ්ලේෂණය කිරීමය. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා නියැදිය වශයෙන් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමනිලධාරි වසම් එක් පොකුරක් ලෙස සලකා ඉන් ඩෙංගු රෝගින් ඉහළ ග්‍රාමනිලධාරි වසම් 14ක් ගෙන සරල අහඹු නියැදිය යටතේ ග්‍රාමනිලධාරි වසමකින් ඩෙංගු රෝගීන් 10%ක් නියෝජනය වන පරිදි ඩෙංගු රෝගීහු 55ක් තෝරා ගන්නා ලදහ. මෙහිදී ගුණාත්මක ක්‍රමවේදය යෙදා ගන්නා ලදි. අධ්‍යයනයේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය කාලීන හා අවකාශීයව ජල මුලාශ්‍රය පිහිටීම, ශාක ආවරණය, ගොඩනැගිලි ව්‍යාප්තිය, ජලවහන කාණු පද්ධතිය ආදි ආශ්‍රිතව ඉහළ බවත්, මෙලෙස ව්‍යාප්තිය ඉහළ යාමට වර්ෂාපතනය, උෂ්ණත්වය, අවිධිමත් කැලිකසළ බැහැර කිරීම ආදි සාධක රැසක් ඍජුවම බලපා ඇතිබවත් නිගමනය කරන ලදි. මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කරමින් මානව කාරක බලපෑම් අවම කිරීමත්, ගැටලු උපායමාර්ගිකව විසඳා ගැනීමට න්‍යායාත්මක හා ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් ලෙස පහළ සිට ඉහළට ක්‍රියාත්මක ප්‍රජා සහභාගිත්ව ඩෙංගු අවධානම් අවම කිරීමේ ආරක්ෂක ප්‍රවේශයක් උචිතබව නිගමනය කළ හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject අවකාශය en_US
dc.subject කාලීන en_US
dc.subject ඩෙංගු රෝගීන් en_US
dc.subject ව්‍යාප්තිය en_US
dc.title ඩෙංගු වසංගතයේ කාලීන හා අවකාශීය ව්‍යාප්තියේ වෙනස්වීම පිළිබඳ භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත විශ්ලේෂණයක් (මාතර දිස්ත්‍රික්කයේ මාතර සෞඛ්‍ය බලප්‍රදේශයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 14ක් ඇසුරෙන්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account